STD | The Family Planning Association of Sri Lanka

ලිංගාශ්‍රිත රෝග

ලිංගාශ්‍රිත රෝග යනු සාමාන්‍යයෙන් යෝනි මාර්ගය, ගුද මාර්ගය සහ මුඛ මාර්ගයන්ගෙන් ලිංගික සංසර්ගයේ යෙදීම මඟින් එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝවන ආසාදන වේ. සමාජය තුළ ලිංගාශ්‍රිත රෝග සුලභ වන අතර ආසාදිත බොහෝ දෙනෙකු රෝග ලක්‍ෂණ නොපෙන්වයි. මෙම රෝගයන්ට ප්‍රතිකාර නොගෙන සිටීමෙන් බරපතල සෞඛ්‍ය ගැටලු ඇති කරයි. වර්තමානයේ දී රෝග නිර්ණය සඳහා පරීක්ෂණයකට යොමුවීම ඉතා පහසු වන අතර බොහෝ ලිංගාශ්‍රිත රෝග වලට සාර්ථකව පහසුවෙන් ප්‍රතිකාර කළ හැකි වේ. ලිංගාශ්‍රිත රෝග නිර්ණය කිරීමේ පරීක්‍ෂණ සිදුකර ගැනීම ඉතාමත් පහසු මෙන්ම කඩිනමින් පරීක්ෂණ ප්‍රතිඵල ද ලබාගත හැක.

ඔබට STD තිබේදැයි දැන ගන්නේ කෙසේද?

ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝග සහ ලිංගික සෞඛ්‍ය පිළිබඳ වැඩිදුර දැන ගැනීමට අවශ්‍යද?

ශ්‍රෝණි ආසාදන රෝගය (PID)
ශ්‍රෝණි ආසාදන රෝගය (PID) යනු ප්‍රජනන පද්ධතියේ ඇතිවන ආසාදනයකි.  (කාන්තාවන්ගේ ඉහළ ලිංගික කලාපය)
මූත්‍ර පද්ධතියේ ආසාදනය (UTI)
ඔබේ මූත්‍ර මාර්ගය තුළ විෂබීජ වර්ධනය වී රෝග බීජ පතුරන විට මූත්‍ර පද්ධතියේ ආසාදනයන් (UTI) ඇති වේ.
යෝනි ශ්‍රාවයන්
යෝනි ශ්‍රාවයන් සාමාන්‍ය වන අතර ඔබේ යෝනි මාර්ගය තෙත්ව සහ පහසුව තබා ගැනීමට උපකාරී වෙයි.
යෝනිමාර්ග ප්‍රදාහය
සෞඛ්‍ය සම්පන්න යෝනි මාර්ගයක සාමාන්‍ය බැක්ටීරියාවන්වල අසමතුලිතතාව හේතුවෙන් යෝනි මාර්ගප්‍රදාහය ඇති විය හැකිය.
STIS DESCRIPTION
ලිංගාශ්‍රිත රෝග යනු සාමාන්‍යයෙන් යෝනි මාර්ගය, ගුද මාර්ගය සහ මුඛ සංසර්ගය අතරතුර එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට පැතිරෙන ආසාදන වේ.
ලිංගාශ්‍රිත රෝග පරීක්‍ෂණය ක්‍රියාත්මක වන්නේ කෙසේද?
 ලිංගාශ්‍රිත රෝග පරීක්‍ෂණය ඉක්මන්, වේදනා  රහිත ඇතැම්විට  නොමිලේ පවා සිදු කර  ගත හැකිය.  සාමාන්‍ය වෛද්‍ය පරීක්‍ෂණ වලදී ලිංගාශ්‍රිත රෝග පරීක්‍ෂණය …
ලිංගාශ්‍රිත රෝග පරීක්‍ෂණය ගැන මම මගේ සහකරු සමඟ කතා කරන්නේ කෙසේද?
ලිංගාශ්‍රිත රෝග පරීක්ෂණ පිළිබඳ කථාබහට අවතීර්ණ වීම අපහසුතාවයක් දැනිය හැකි නමුත් ඉතා එය වැදගත් වේ. 

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (STDS) සඳහා පරීක්‍ෂා කළ හැක්කේ කොතැනින්ද?

ඔබට ඔබේ ප්‍රාදේශීය FPA සායනය, NSACP සායන, ප්‍රජා සෞඛ්‍ය සායන, හෝ පෞද්ගලික වෛද්‍ය කාර්යාලයකදී ලිංගාශ්‍රිත රෝග සඳහා පරීක්‍ෂා කර ගත හැක.

FPA Sri Lanka Happy Life Centre provides a safe space for you to talk.

Call or WhatsApp on 076 588 4881

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By