STIS DESCRIPTION | The Family Planning Association of Sri Lanka

STIS DESCRIPTION

In this section :


 

1. ක්ලැමීඩියා

2. හර්පීස්

3. ගොනෝරියා

4. සිෆිලිස්

5.  එච්.අයි.වී

6. HPV

 

1. ක්ලැමීඩියා


 

ක්ලැමීඩියා යනු ප්‍රතිජීවක මඟින් සුව කළ හැකි සාමාන්‍ය බැක්ටීරියා ආසාදනයකි. සමහර පුද්ගලයන් හට රෝග ලක්‍ෂණ අත්විඳිය හැකි නමුත් බොහෝ විට එය “නිශ්ශබ්ද ආසාදනයක්” වන අතර එය වෛද්‍යවරයෙකු හමුවීමට අපව යොමු කිරීමට  සඳහා කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරයි..  මේ නිසා නිතිපතා පරීක්‍ෂා කිරීම සහ/හෝ අපට නව සහකරුවකු හමුවූ වපසුව රෝගය ඇත්දැයි පරීක්ෂා කිරීම වැදගත් වේ.  ක්ලැමීඩියා රෝගය උගුරේ සහ ගුද මාර්ගය තුළද ඇති විය හැකි බැවින් ඔබ මුඛ සහ/හෝ ගුද සංසර්ගයෙහි යෙදුණේ නම් උගුර සහ/හෝ ගුද මාර්ගය තෙත මාත්තු කිරීමට  මතක තබා ගන්න.

ප්‍රතිකාර නොකළහොත් එය වඳභාවයට හේතු විය හැක.

 

2. හර්පීස්

 

  හර්පීස් යනු සාමාන්‍යයෙන් වෛරස් ආසාදනයක් වන අතර එමඟින් විටින් විට ලිංගික අවයව වල සහ ඒ වටා ඉඳහිට වේදනාකාරී තුවාල ඇති විය හැක.  හර්පීස් සම්ප්‍රේෂණය වන්නේ ආසාදිතයකුගේ සම  නිරෝගී සමක ස්පර්ශ වීමෙනි.
 
 යමෙකුට එය ආසාදනය වූ පසු, වෛරසය ජීවිත කාලය පුරාම ශරීරය තුළ රැඳෙන නමුත් රෝග ලක්‍ෂණ පාලනය කිරීමක් සිදු කළ හැකිය. රෝගය ආසාදනය වී  මූලික අවධියේ සමහර පුද්ගලයන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර, සමහර පුද්ගලයන් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි. (සමහර අයට එය වේදනාකාරී වණ හා උණ වැනි රෝග ලක්ෂණ ඇති විය හැකි අතර අනෙක් අයට කිසිදු රෝග ලක්ෂණයක් නොතිබිය හැකිය)


 

3. ගොනෝරියා


 

ගොනෝරියා යනු ප්‍රතිජීවක මඟින් සුව කළ හැකි සාමාන්‍ය බැක්ටීරියා ආසාදනයකි.  මුත්‍රා කිරීමේදී ඇතිවන වේදනාව , ලිංගික සංසර්ගයේ දී ඇතිවන වේදනාව හෝ ශිෂේණය හෝ යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය ස්‍රාවයන් පිටවීම පොදු  රෝග ලක්‍ෂණ අතර වේ.  සමහර පුද්ගලයන්ට මාස ගණනක් කිසිදු රෝග ලක්ෂණයක් නොමැති විය හැක.
 
 ප්‍රතිකාර නොකළහොත් එය වඳභාවයට හේතු විය හැක

 

4. සිෆිලිස්

 

සිෆිලිස් යනු බෝවන අවධියේදී බෝවන බැක්ටීරියා ආසාදනයකි, ලිංගික අවයව හෝ මුඛය අසල ඇති විවෘත තුවාලයක් සමඟ ස්පර්ශ වීමෙන් හෝ තුවාල නැති වූ පසු සහ උණ වැනි රෝග ලක්‍ෂණ සමඟ ඇති වන කුෂ්ඨයකින් එය සම්ප්‍රේෂණය වේ.  සමහර විට වේදනාවක් නොමැති බැවින් එම තුවාල සැලකිල්ලට භාජනය නොවේ. සායනයකදී ලබා දෙන එන්නත් මාලාවක් මඟින් සිෆිලිස් රෝගයට ප්‍රතිකාර කර සුව කළ හැකිය.  කෙසේ වෙතත්, ප්‍රතිකාර නොකළහොත්, සිෆිලිස් බරපතල සංකූලතා ඇති කළ හැකිය.


 

5.  එච්.අයි.වී

 

HIV යනු මානව ප්‍රතිශක්ති උෘනතා වෛරසය යන්නයි.  එච්අයිවී ශරීරය පුරා ව්‍යාප්ත වන අතර ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉලක්ක කර ගනී. එමනිසා ශරීරයට රෝග වලට එරෙහිව සටන් කිරීමට අපහසු වේ.

 
 එච්අයිවී වෛරසය යනු අනාරක්‍ෂිත ලිංගික ක්‍රියාකාරකම් (යෝනි මාර්ගය, ගුදය සහ මුඛය) හරහා හෝ එච්අයිවී ආසාදිතයකු සඳහා භාවිතා කළ ඕෟෂධ  එන්නත් කිරීමේ උපකරණ (ඉඳිකටු වැනි)භාවිතා කිරීම හරහා සම්ප්‍රේෂණය විය හැකි වෛරසයකි.  රුධිරය, ශුක්‍ර තරලය, ගුද මාර්ගය සහ යෝනි ස්‍රාවය වැනි ශාරීරික තරල වල එච්අයිවී වෛරසය පවතී.

 
 එච්අයිවී සම්පූර්ණයෙන් සුව කිරීම සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති නමුත් යම් ප්‍රතිකාර මඟින් වෛරසය පාලනය කිරීමෙන්  එච්අයිවී ආසාදිත පුද්ගලයින්ට දිගු, පූර්ණ හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කළ හැකිය.


 

6. HPV

 

හියුමන් පැපිලෝමා වෛරසය (HPV) යනු ඉතා සුලභ ලිංගික රෝගයක් වන අතර  දෘශ්‍යමාන රෝග ලක්‍ෂණ නොමැති වුවද වෛරසය ආසාදිත පුද්ගලයකුගේ  සම නිරෝගී පුද්ගලයකුගේ සම සමඟ ස්පර්ශ වීමෙන් මෙම රෝගය සම්ප්‍රේශණය වේ.  මෙමඟින් ඇතිවන ලිංගික ඉන්නන් ඉවත් කිරීම සඳහා කැටි කිරීම හෝ ලේසර් කිරීම වැනි ප්‍රතිකාර ක්‍රම භාවිතා කළ හැක.  අනෙකුත් HPV ස්වරෑප   ගැබ්ගෙලෙහි හෝ ගුදමාර්ගයේ අසාමාන්‍ය සෛල වර්ධනයට  හේතු විය හැකිය. මෙම සෛල කාලයත් සමඟ ගැබ්ගෙල හෝ ගුද පිළිකාවක් දක්වා වර්ධනය විය හැක.  ලිංගික ක්‍රියාකාරකම් වල යෙදුන හෝ යෙදෙන ගැබ් ගෙල සහ/හෝ ගුද ලිංගික සංසර්ගයේ යෙදෙන පුද්ගලයින්ට මෙම අසාමාන්‍ය සෛල පරීක්‍ෂා කිරීම සඳහා නිතිපතා පැප් පරීක්‍ෂා කිරීම වැදගත් ය.  එන්නත් කරණය මඟින් සමහර HPV වර්ග වලක්වා ගත හැකිය.

 

 ලිංගාශ්‍රිත රෝග පරීක්‍ෂණ සායන - ඇමතුමක් මඟින් වේලාවක් වෙන් කරවා ගන්න

FPA ශ්‍රී ලංකාව – 0779552979
NSACP - 0112667163

 


Learn More About:

 


How Do I talk with my Partner about STI

STD- Get Tested

STIS Description

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By