What We Do | The Family Planning Association of Sri Lanka
Our Products:

ලයිෆ් ස්ටයිල් සෙන්සිටිව්

රු.. 150.00

ඉතාම තුනී, සිනිඳු මතුපිටක් සහිත කොන්ඩමයකි. මෙය විශේෂයෙන්ම සකසා…

Our Products:

SKYN

රු.. 680.00

This is the latest in condom technology for a truly intimate…

Our Products:

ලයිෆ් ස්ටයිල් මික්ස් බෙරි

රු.. 250.00

ස්ට්‍රෝබරි, රාස්බෙරි, හෝ බ්ලුබෙරි සුවඳින් යුතු මෙම කොන්ඩම දෙදෙනාටම…

Our Products:

රු.. 150.00

ඉතාම තුනී, සිනිඳු මතුපිටක් සහිත කොන්ඩමයකි. මෙය විශේෂයෙන්ම සකසා ඇත්තේ වැඩි ආස්වාදයක් දැනෙන හොඳ ස්පර්ශවීමක් සිදුවන ලෙසයි. ස්වාභාවික වින්දනයක් දැනෙන ලෙස ලිහිසිකාරක සහිතය. වැඩි සංවේදීබවක් මෙන්ම ඉතා හොඳ ශක්තිමත් බවකින් යුක්තය.

Our Products:

රු.. 680.00

This is the latest in condom technology for a truly intimate sexual experience. Our SKYNFEEL material is soft and comfortable, for the most natural fit and feel. This is the closest thing to wearing nothing

Our Products:

රු.. 250.00

ස්ට්‍රෝබරි, රාස්බෙරි, හෝ බ්ලුබෙරි සුවඳින් යුතු මෙම කොන්ඩම දෙදෙනාටම ඉතාම ප්‍රියජනක නැවුම් අත්දැකීමකට මග පාදයි.

Our Products:

රු.. 200.00

ගැටිති සහිත කොන්ඩමයකි. උපරිම උත්තේජනයක් මඟින් උපරිම ආස්වාදයක් ගෙන දෙයි.

Our Products:

රු.. 300.00

Stamina Plus for longer lasting pleasure condom in a natural rubber latex, 4.5% benzocaine lubricated male dotted condom with reservoir end that helps delay the climax and prolong sexual excitement for longer-lasting lovemaking. Benzocaine also helps prevent premature ejaculation and provides greater staying power.

ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය හා ඒ හා සම්බන්ධ සේවාවන්

අපගේ සායනවලදී ඔබට පවුල් සැලසුම්/ උපත් පාලන සේවාවන්, ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන පරීක්ෂා කිරීම් සහ කළමනාකරණය, ගැබ්ගෙල හා පියයුරු පිළිකා පරීක්ෂා කිරීම, ගර්භනීභාවය පරීක්ෂා කිරීම, පශ්චාත් ආර්තවහරණ සේවාවන්, ආර්තවහරණය හා ඔබ අනාරක්ෂිත ලිංගික සංසර්ගයක නිරත වුවහොත් කළ හැක්කේ කුමක්ද යනාදිය ඇතුළත්ව අනෙකුත් ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය ගැටළු වලට උදව් ලබාගත හැකිය.

අපගේ සේවාවන් රහස්‍යභාවය ආරක්ෂා කරන හා ව්නිශ්චයයන්ගෙන් බැහැර වන අතර ඔබගේ වයස, සමාජභාවය , ලිංගික දිශානතිය හෝ ජාතිකත්වය සලකා බලන්නෙ නැත.

උපදේශන

උපදේශන නිලධාරීන් හා චිකිත්සකවරුන් ඔවුන්ගේ සේවාලාභීන්ට විවිධ ආකාරයෙන් උපකාර කරයි. එමෙන්ම ඔවුන්ගේ විශේෂඥභාවය මත පදනම්ව විව්ධාකාරයේ උපදේශන නිලධාරීන් සිටී.

විව්ධාකාරයේ උපදේශන වෘත්තීන් ගැන ඉගෙනගන්න, වෘත්තීමය උපදේශනය, මානසික සෞඛ්‍ය උපදේශනය, ක්‍රීඩා හා නාට්‍ය චිකිත්සා හා තවත් දෑ ගැන විශේෂඥභාවයන් හා තාක්ෂණික ක්‍රම අධ්‍යයනය කරන්න සහ ක්‍රියාවට නංවන්න.

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය පූර්ව හා පසු මාතෘ උපදේශන සහ පවුල් උපදේශන ද සපයනු ලබයි

තොරතුරු හා අධ්‍යාපනය

අප විසින් පාසල් තුළ හා පාසලෙන් පිටත සිටින තරුණ ප්‍රජාවට , අපනයන සැලසුම් කලාප වල සේවය කරන අයට, රාජ්‍ය හා පෞද්ගලික ආයතන හා සංවිධාන වලට විශේෂ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදෙනු ලබයි. අපගේ සෞඛ්‍ය ප්‍රවර්ධකයින් විසින් ඔන්ලයින් මෙන්ම භෞතිකව ද විවිධ පාඨමාලා පවත්වනු ලබන අතර, එමගින් සියලුම ආකාරයේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය හා සම්බන්ධතා ගැන දැනුවත් කරනු ලබයි.

ප්‍රකාශන / මූලාශ්‍ර

ඔබට නොමිලේ බාගත කළ හැකි විවිධාකාරයේ ප්‍රකාශන / මූලාශ්‍ර අප සතුව ඇත.

ඔබ ගුරුවරයෙකු ලෙස, පාසල් හෙද නිලධාරියෙකු ලෙස හෝ ප්‍රජා සේවකයෙකු ලෙස වැඩ කරනවාද?

ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු හෝ සෞඛ්‍ය වෘත්‍තිකයෙක් ද?

එහෙමත් නැත්නම් ඔබ සම්බන්ධතා ගැන, අනුමැතිය ලබාගැනීම ගැන, යෞවනෝදය ගැන සහ ලිංගිකත්වය ගැන ඔබගේ දරුවන් සමග සමීපව කතා කරමින් ඔවුන්ට උදව් කිරීමට සොයන දෙමාපියෙකු හෝ රැකවරණය සලසන්නෙක්ද?

ඔබ සොයන්නේ කුමක් වුවත්, ඔබට අවශ්‍ය දේ ලබාදෙන්න අපට පුළුවන්.

ව්‍යාපෘති සහ ප්‍රයත්නයන් - අතීත සහ දැන් කරමින් සිටින

අපගේ ව්‍යාපෘති හරහා ඉතා පුළුල් මට්ටමේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය රැකවරණ, පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය හා ආපදා අවස්ථාවන්හිදී ඇතිවන අර්බුද වලට ප්‍රතිචාර දැක්වීම සිදු කරනු ලබයි.

අධිවාචන හා ප්‍රතිපත්තිමය මැදිහත්වීම

ජනතාවගේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය හා අයිතිවාසිකම් වලට ඇති අයිතිය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය විවිධ පාර්ශ්වකරුවන් සමග ක්‍රමෝපායික අධිවාචනය, හවුල්කාරීත්වයන් සහ සංධානයන් හරහා අධිවාචනය කරනු ලබයි.

ආලෝකය උපදේශක මධ්‍යස්ථානය

077 989 5252

Happy Life මධ්‍යස්ථානය

076 588 4881

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By