About FPA Sri Lanka | The Family Planning Association of Sri Lanka

හැඳින්වීම

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය ලිංගික හා අවබෝධය ලබාදිමටත් ඒ සඳහා වෛද්‍ය සහ උපදේශන සේවා ලබාදිමටත් ප්‍රමුඛතම කාර්යභාරයකට දායකවන ස්වේච්චා සංවිධානයකි. වර්ෂ 1953 දි පිහිටුවා ගන්නා ලද මෙම සංගමය මේ වනවිට වසර 65 කට අධික කාලයක් සිය විශ්වාසනීය මෙහෙවරේ නිරත වෙමින් සිටී. ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සහ අයිතිවාසිකම් සම්බන්ධව ක්‍රියාත්මක වන ලොව විශාලතම රාජ්‍ය නොවන සංවිධානය වන ලොව විශාලතම රාජ්‍ය නොවන සංවිධානය වන සැළසුම්කල මාපිය භාවය පිළිබඳ ජාත්‍යයන්තර සම්මේලනයේ (IPPF) නිලලත් සමජිකත්වය අප සංගමයට හිමිව ඇත.

ආධාර සපයන්නන් විසින් සංවිධානයට අරමුදල් ලබා දෙන අතර සමාජ අලෙවිකරණ වෑඩසටහන මගින් පවුල් සැළසුම් උපකරණ ශ්‍රී ලංකව පුරා අලෙවි කිරිම මගින් ද අරමුදල් සපයා ගනු ලැබේ. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය පවුල් සැළසුම ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සහ යහපැවැත්ම පිලිබඳ කටයුතු කරනු ලබයි. ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය අයිතීන් සැම කාන්තාවකටම සහ ප්‍රජනක හා පුරුෂයෙකුටම හිමි මුලික මානව අයිතිවාසිකමක් ලෙස ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ අපි පිළිගනිමු. එමනිසා ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය හා සම්බන්ධ පහත ප්‍රධාන කරුණු සම්බන්ධව අපි අවධානය යොමු කරන්නෙමු.

  • ප්‍රමාණවත් තොරතුරු සහ සේවාවන් සැපයීමට
  • පුහුණු කිරීම සහ මැදිහත්වීම.
  • ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති පිළිගැනීම, සේවා පහසුවෙන් ලබාගත හැකිවීම සහ එහි ගුණාත්මක වර්ධනයක් ඇතිකිරීම.
  • මානව අයිතිවාසිකම් පදනම් කරගත් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී ප්‍රවේශයන් ඒකාබද්ධ කිරීම.

මෙම ප්‍රධාන කාරණා ඔස්සේ අපි ජනතාවගේ ප්‍රජනක සෞඛ්‍ය සම්බන්ධ අවශ්‍යතා ඉටුකිරීමට කටයුතු කරන්නෙමු. සංවිධානයක් ලෙස අපි ජනගහනය සහ සංවර්ධනය පිළිබඳ අන්තර්ජාතික සමුළුවේ (ICPD) ප්‍රඥප්තීන් අනුගමනය කරන අතර දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ඉතා වැදගත් සාධකයක් ලෙස සියලු දෙනටම ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමට ඇති හැකියාව අවධාරණය කරමු.

වඩාත් පුළුල් ලෙස ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සේවාවන් ජනතවට ලබාගැනීමට ඇති අවස්ථා ප්‍රවර්ධනය සඳහා අපි පහත සඳහන් කාර්යයන් සිදු කරන්නෙමු

  • පවුල් සැලසුම් සහා පවුල් සැලසුම් උපකරණ ලබාදීම.
  • ආරක්ෂිත මාතෘභාවය (අනපේක්ෂිත ගබ්ගැනීම් වළක්වා ගනීම ඇතුළුව).
  • ලිංගික සම්ප්‍රේෂණය වන ආසදන (HIV සහා ඒඩ්ස් තත්වයන් ඇතුළුව).
  • තරුණයින් සහා නවයෞවනයින් සඳහා ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සහ උපදේශන ලබාදීම
  • මදසරුභාවය සඳහා ප්‍රතිකාර සහ උපදේශන
  • අතුරු සාඵල්‍යතා සේවා සහ උපදේශක සේවා

දැක්ම

අයිතිවාසිකමක් සේ සලකමින් ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සැමට ලබා දීම.

මෙහෙවර

ස්වෙච්ඡාභාවය හා තිරසාරබව තවදුරටත් පවත්වා ගනිමින් ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය අයිතීන් පිළිබඳ හඩක් නැගීමෙන් ද ඒ හා සම්බන්ධ සේවා සැපයීමෙන්ද පුද්ගලයින්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා ඔවුන්ගේ සම්බන්ධතාවන් වඩාත් යහපත් කිරීම.

Core Values

  • ගුණාත්මක බව - පගේ නිෂ්පාදන, සේවාවන් සහ වැඩසටහන්, ස්ත්‍රී, පුරුෂ සමාජ භාවය පිළිබඳ සංවේදීභාවයෙන් යුතුව, සැමට ලබාගත හැකි සහ උසස් ගුණාත්මක බවකින් යුක්තයි.
  • තෝරාගැනීම - සෑම පුද්ගලයෙකුටම තමන්ගේ අභිමතය පරිදි තෝරා ගැනීමේ නිදහස හා අයිතිය ඇතිබව අපගේ විශ්වසය වන අතර අපි එයට ගරු කරන්නෙමු.
  • යහ පාලනය - සහභාගිත්වයෙන්, පොදු එකගතාවෙන්, වගකීමෙන් සහ විනිවිදභාවයෙන් යුතු තීරණ ගැනීම අපි අගය කරන්නෙමු. මෙම ක්‍රියාවලිය වගකිවයුතු, ඵලදායි, කාර්යක්ෂම, සමානත්වයෙන් යුත් සහ සියලු දෙනා අන්තර්ග්‍රහනය කරගත් ක්‍රියාවලියකි. අපගේ ඉලක්කයන් සහ අරමුණු දිනාගැනීමේදී විශිෂ්ට ස්වෙච්චා සේවය කෙරෙහි අපි විශ්වාසය තබන්නෙමු.
  • තිරසාරභාවය - අපි වැඩසටහන් ඵලදායිත්වය, මූලය සුරක්ෂිතභාවය, සංවිධානයේ ශක්‍යතාව තහවුරු කරන්නෙමු.
  • විවිධත්වය සහ සමානත්වය - අපගේ සේවාවන් අවශ්‍ය පුද්ගලයින් වෙත ඒවා ලබාදීමේදී ඔවුන්ගේ ජාතිය, ස්ත්‍රී පුරුෂභාවය, ලිංගික දිශාන්නතිය පිළිබඳ තැකීමක් නොකර විවිධත්වය සහ සමානත්වය සුරැකෙන ආකාරයට කටයුතු කරන්නෙමු. ජනතාවගේ සමාජ සංස්කෘතික සාරධර්ම සහ ඔවුන්ගේ අපේක්ෂාවන්ට ගරුකරන්නෙමු.

විධායක අධ්‍යක්‍ෂකගේ පණිවිඩය

Welcome to FPA Sri Lanka’s website! Whatever the reason you visited our website for, we are pleased to demonstrate to you the wide array of services and activities of our organization in the important area of Sexual and Reproductive Health and Rights.

Our journey began 65 years ago introducing family planning services to the country, when no other party was keen on doing it. A policy decision taken by the government in 1962, integrated family planning to the Maternal and Child Health services rendered by the state. A large quantum of work FPA Sri Lanka has done subsequent to this move, has ensured that family planning products can be accessed by all through the pharma trade, SRH education is taken to Youth and needy groups and free SRH services are accessible for Poor, Marginalized and Under-served communities.

Thus working hand-in-hand with the government, complementing and supplementing products and services, advocating remedies for policy gaps, FPA Sri Lanka has contributed to Sri Lanka achieving excellent health indices on Sexual and Reproductive Health. Our focus is still on SRH, working towards the lofty vision of “building a country with Sexual and Reproductive Heath, as a right to all”. In this attempt we engage with multiple stakeholders and the full spectrum of activities presently done, will be demonstrated in this site. If they inspire you, I suggest you join us as a volunteer, a group that forms the backbone of our organization.

There still remains a lot to be done in the realization of our vision in areas as education, advocacy and policy reforms. FPA Sri Lanka’s commitment to cause is unwavering and will continue in the years to come. The organization will remain responsive to the ever-changing and increasing needs of our communities to deliver our mandate.

තුෂාරා රණසිංහ

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By