ලිංගාශ්‍රිත රෝග පරීක්‍ෂණය ක්‍රියාත්මක වන්නේ කෙසේද? | The Family Planning Association of Sri Lanka

ලිංගාශ්‍රිත රෝග පරීක්‍ෂණය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

 ලිංගාශ්‍රිත රෝග පරීක්‍ෂණය ඉක්මන්, වේදනා  රහිත ඇතැම්විට  නොමිලේ පවා සිදු කර  ගත හැකිය.  සාමාන්‍ය වෛද්‍ය පරීක්‍ෂණ වලදී ලිංගාශ්‍රිත රෝග පරීක්‍ෂණය  සාමාන්‍යයෙන් ඇතුළත් නොවෙි.ඔබ පරීක්‍ෂණය වෛද්‍යවරයාගෙන්  ඉල්ලා සිටිය යුතුය.

 

මෙම කොටසේ :

1. මට මගේ වෛද්‍යවරයාගෙන් ලිංගාශ්‍රිත රෝග පිළිබද පරීක්‍ෂණයක් කිරීමට ඉල්ලා සිටිය යුතු ද?

2. මට පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය දැයි මම දැන ගන්නේ  කෙසේද?

3. මම ලිංගාශ්‍රිත රෝග  සදහා පරීක්‍ෂා කළ විට කුමක් සිදුවේද?

4. මට ලිංගාශ්‍රිත රෝගයක් ඇති බව දැනගත් විට මා කුමක් කළ යුතුද?

5. ලිංගාශ්‍රිත රෝග  සඳහා මට පරීක්‍ෂා කළ හැක්කේ කොතැනින්ද?

 

1. මට මගේ වෛද්‍යවරයාගෙන් ලිංගාශ්‍රිත රෝග පිළිබද පරීක්‍ෂණයක් කිරීමට ඉල්ලා සිටිය යුතු ද?


 

 ලිංගාශ්‍රිත රෝග පරීක්‍ෂණය  සැමවිටම ඔබෙි නිති පරීක්‍ෂාවෙි හෝ නාරිවෙිද වෛද්‍යවරයාගේ රෝග විභාගයේ කොටසක්  නොවෙි. එබැවින් ලිංගාශ්‍රිත රෝග පරීක්‍ෂණය සදහා විමසීමට වග බලා ගන්න.  ඔබෙි ලිංගික ජීවිතය ගැන ඔබෙි හෙද නිලධාරිනිය හෝ වෛද්‍යවරයා  සමඟ අවංකව කටයුතු කරන්න.


එවිට ඔබට වඩාත් සුදුසු පරීක්‍ෂණ මොනවාද යන්න සොයා ගැනීමට ඔවුන්ට උදවි කළ හැකිය.
 ලිංගාශ්‍රිත  රෝග පිළිබද පරීක්‍ෂණය ගැන කතා කිරීම අපහසු බවක් දැනිය හැකි නමුත් ලැජ්ජාවට පත් නොවීමට උත්සහ කරන්න.
.  මතක තබා ගන්න  වෛද්‍යවරුන් ඒ සියල්ල දැක ඇති  හා අසා ඇත.  බොහෝ පුද්ගලයින්ට තම ජීවිතයේ එක් වරක් හෝ ලිංගාශ්‍රිත රෝගයක් වැළඳී ඇති අතර රෝගය පරීක්‍ෂා කිරීම වගකිව යුතු දෙයකි. එයින් අදහස් කෙරෙන්නේ ඔබ ඔබෙි සෞඛ්‍යය ගැන හොඳින්  සැලකිලමත් වන බවයි.
 හෙදියක් හෝ වෛද්‍යවරයකු  සමඟ ලිංගාශ්‍රිත රෝග පරීක්‍ෂණය ගැන විමසීමට හැකි ක්‍රම කිහිපයක් පහත දැක්වේ:

 

  •  මම කවදාවත් ලිංගාශ්‍රිත රෝග  පිළිබද පරීක්‍ෂාවක්  සිදු  කර නැත. මම පරීක්‍ෂණයක් සිදු කිරීම අවශ්‍යද?
  •  මගේ පරීක්‍ෂණ වලදී ඔබ කවදා හෝ මට ලිංගාශ්‍රිත  රෝග  සඳහා පරීක්‍ෂාවක් කර  තිබෙිද?
  •  මම අවධානය යොමු කළ යුතු ලිංගාශ්‍රිත රෝග මොනවාද?

     

 

2. මට පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය දැයි මම දැන ගන්නේ  කෙසේද?

 

 ලිංගාශ්‍රිත රෝග ගැන ඔබෙි  සාමාන්‍ය වෛද්‍යවරයා  සමඟ කතා කිරීමට ඔබට අපහසු නම්, ඔබට ශ්‍රී ලංකා පවුල්  සැලසුම්  සංවිධානය හෝ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන්  සායනය වෙත පැමිණිය හැක.
  මට අවශ්‍ය ලිංගාශ්‍රිත රෝග පරීක්ෂණ මොනවාදැයි මම දැන ගන්නේ  කෙසේද?
 ඔබට අවශ්‍ය පරීක්ෂණ කුමක්දැයි සොයා ගැනීමට ඔබෙි හෙදිය හෝ වෛද්‍යවරයා ඔබට උදවි කරනු ඇත.

  • ඔබට තිබෙන ඕනෑම රෝග ලක්‍ෂණයක් පිළිබඳ
  • ඔබට හෝ ඔබෙි  සහකරුට කලින් ලිංගිකව බෝවෙන  රෝගයක් තිබුනේ නම්
  • ඔබ ලිංගිකව හැසිරී ඇති පුද්ගලයින්  සංඛ්‍යාව
  • ඔබ කුමන ආකාරයේ ලිංගික සබඳතා පවත්වා ඇත් ද?
  •  -  මුඛ, ගුද හෝ යෝනි ලිංගික  සංසර්ගය හෝ  සමෙන් සමට   ලිංගික අවයව සම්බන්ධ වීම හෝ ලිංගික තරල ගමන් කිරීම වැනි ඕනෑම ආකාරයක ලිංගික  සම්බන්ධතා 
  • කොපමණ වාරයක්  ඔබ කොන්ඩම් වැනි ආරක්ෂක පිළිවෙත් අනුගමනය කරනවාද?
  • ලිංගික ආසාදන වැළඳීමේ අවදානම වැඩි කිරීමට හේතු වන ඔබේ අනෙකුත් ක්‍රියා (ඉඳිකටු බෙදා ගැනීම වැනි)

 

 ඔබට වඩාත් අර්ථවත් වන්නේ කුමන ලිංගාශ්‍රිත රෝග පරීක්ෂණද යන්න ඔබේ හෙදියට හෝ වෛද්‍යවරයා  සොයා ගැනීමට මෙය උපකාරී වේ. ඔබ ඔවුන්  සමඟ විවෘතව හා අවංකව සිටින බවට වග බලා ගන්න.එවිට ඔබට අවශ්‍ය රැකව ණය ලබා ගත හැකිය. ලැජ්ජාවට පත් නොවීමට උත්සහ කරන්න. ඔබේ වෛද්‍යවරයා සිටින්නේ ඔබට උදව් කිරීමට මිස  ඔබව විනිශ්චය කිරීමට නොවේ. 

 

3. මම ලිංගාශ්‍රිත රෝග  සදහා පරීක්‍ෂා කළ විට කුමක් සිදුවේද?

 
ලිංගාශ්‍රිත රෝග පරීක්‍ෂණය ඉක්මන්, පහසු වනු ඇත.   සාමාන්‍යයෙන් එය හානියක් නොවේ.  සියලුම ලිංගාශ්‍රිත  රෝග  සඳහා එක් පරීක්ෂණයක් නොමැත. සෑම ලිංගාශ්‍රිත රෝගයකටම වෙන් වූ පරීක්ෂණයක් ඇත.  ඔබට අවශ්‍ය පරීක්ෂණ කුමක්දැයි සොයා ගැනීමට ඔබේ වෛද්‍යවරයාට ඔබට  සහය වීමට පුළුවනි. පහත පරීක්‍ෂණ ලිංගාශ්‍රිත රෝග පරීක්‍ෂණයට ඇතුළත් විය හැකිය . 

  • මුත්‍රා පරීක්‍ෂණය - ඔබ කෝප්පයකට මුත්‍රා කිරීම.
  • Cheek swab (සියුම් පරීක්ෂණ ආධාරකයක්) - එච්අයිවී පරීක්‍ෂා කිරීම  සඳහා ඔබේ කම්මුලේ ඇතුළත මෘදු තුවායකින් ඇතිල්ලීම. 
  • රුධිර  පරීක්‍ෂණයක් - ඔබේ හෙදිය හෝ වෛද්‍යවරයා ඔබේ අතේ හෝ ඇඟිල්ලෙන් රැධිරය ගැනීම.
  •  ශාරීරික පරීක්‍ෂණයක් - ඔබේ හෙදිය හෝ වෛද්‍යවරයා ඔබේ ලිංගික අවයව වල ඇති  තුවාල, කුෂ්ඨ,ස්‍රාවයන් හා වේදනාවන් පරීක්‍ෂා කිරීම .
  • ඔබේ තුවාල පරීක්‍ෂා කිරීම - ඔබේ හෙදිය හෝ වෛද්‍යවරයා ඔබ සතුව ඇති තුවාලයේ හෝ බිබිලි වල දියර   සාම්පලයක් ගැනීම.
  • ඔබේ ශිෂ්ණය, යෝනි මාර්ගය, මුත්‍රා මාර්ගය, ගැබ් ගෙල, ගුදය හෝ උගුරෙන් පිටවන හෝ  සෛල සාම්පල  මෘදු ලෙස  ගැනීම  සඳහා swab (පරීක්ෂණ ආධා කයක්) එකක් භාවිතා කිරීම.

 

 ඔබට රෝග ලක්‍ෂණ තිබුනත් නැතත් බොහෝ ලිංගාශ්‍රිත රෝග  සඳහා පරීක්‍ෂා කළ හැකිය.   සමහර  ලිංගාශ්‍රිත රෝග එක හා  සමාන ලෙස  ක්‍රියා කරන බැවින් විවිධ ආසාදන කිහිපයක්  සඳහා ඔබව පරීක්‍ෂා කළ හැකිය.
 ඔබට ලිංගාශ්‍රිත රෝගයක් තිබේ දැයි ඔබේ වෛද්‍යවරයාට වහාම පැවසිය හැකිය.  නමුත්  සමහර  පරීක්ෂණ ප්‍රතිඵල   රසායනාගාරයකින් ලැබීමට දින කිහිපයක් හෝ  සති කිහිපයක් ගත වේ.  බොහෝ  සායන වලට එච්අයිවී  සඳහා වේගවත් පරීක්‍ෂණයක් කළ හැකිය.මිනිත්තු 20 කින් පමණ ඔබට ප්‍රතිඵලය ලැබෙනු ඇත. 

 

4. මට ලිංගාශ්‍රිත රෝගයක් ඇති බව දැනගත් විට මා කුමක් කළ යුතුද?

 

 ඔබට ලිංගාශ්‍රිත රෝගයක් ඇති බව සොයා ගැනීම බිය විය හැකිය. ඔබ රෝගය දැනගත් මුල් අවස්ථාවේ ලැජ්ජාවට හෝ කලබලයට පත් විය හැකිය. නමුත් ඕනෑවට වඩා කලබල නොවීමට උත්සහ කරන්න.ඔබට සුවය ලැබෙනු ඇති බව, ඔබ තනි නොවී ඇති බව සිතන්න.

 ඔබට ලිංගාශ්‍රිත රෝගයක් ඇති බව දැනගත් විට කළ යුතු හොඳම දේ නම් එයට ප්‍රතිකාර කිරීම  සඳහා ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් පිළිපැදීමයි. ඔබ ලිංගික  සම්බන්ධකම් පවත්වන අයෙකුට ද මේ පිළිබඳව දැනුවත් කරන්න. එවිට ඔවුන්ට ද අවශ්‍ය නම් පරීක්‍ෂා කර  ප්‍රතිකාර  ලබා ගත හැකිය. එය කිරීමට අපහසු  සංවාදයක් මුත් එය කිරීමට වැදගත් දෙයකි.

 බොහෝ ලිංගාශ්‍රිත රෝග ඖෂධ මඟින් පහසුවෙන් සුව කළ හැකි බැවින් ඔබේ ප්‍රතිකාර ය අවසන් කර ඔබේ ජීවිතය ඉදිරියට ගෙන යාමට ඔබට පුළුවනි.  සමහර  ලිංගාශ්‍රිත රෝග සුව කළ නොහැකි වුවද, ඔබේ රෝග ලක්‍ෂණ වලට ප්‍රතිකාර  කිරීම මගින් ඔබ ලිංගිකව හැසිරෙන ඕනෑම කෙනෙකුට ඔබේ ලිංගාශ්‍රිත රෝගයෙන් වැළකීමට බොහෝ ක්‍රම තිබේ.

 ලිංගාශ්‍රිත රෝග ඇති පුද්ගලයින්ට  සබඳතා පවත්වා ගැනීම, ලිංගිකව හැසිරිම  සහ  සම්පූර්ණයෙන්ම  සාමාන්‍ය ජීවිත ගත කළ කිරීම  සිදු කළ හැක.ලිංගාශ්‍රිත  රෝගයක් තිබීම ලැජ්ජාවට කරුණක් නොවනු ඇත.  එයින් ඔබ “අපිරිසිදු” හෝ නරක පුද්ගලයෙක් යන්න කිසි විටෙක අදහස් නොවේ. එයින් අදහස් කෙරෙන්නේ ඔබ ආසාදනයක් ලැබූ  සාමාන්‍ය මිනිසෙකු බවයි.  යථාර්ථය නම් ලිංගිකව  සම්බන්ධතා පවත්වන ඕනෑම කෙනෙකුට ලිංගික රෝග ඇති විය හැකි බවයි.  තවද ලිංගික රෝග කිහිපයක් ලිංගික  සම්බන්ධතා පැවැත්විමකින් තොරව වුවද බෝ විය හැකිය. එය ඔබට ගෙවා ගැනීමට අසීරු වකවානුවක් නිසා ඔබේ සහකරැ,  සමීප මිතුරකු හෝ පවුලේ  සාමාජිකයකු  සමඟ කාලය ගත කිරීරමන්  සහනයක් දැනෙනු ඇත.  උපදේශකයින්  හා  චිකිත්සකයින්ගේ  සහය ද ඔබට අවශ්‍ය නම් ලබා ගත හැක. ඔබට  සහනයක් ගෙන දීමට කටයුතු කිරීම  සඳහා ඔවුන් මනාව  පුහුණු කර  ඇත.

 
+94 76 588 4881 අමතන්න හෝ WhatsApp කරන්න 

 

5. ලිංගාශ්‍රිත රෝග  සඳහා මට පරීක්‍ෂා කළ හැක්කේ කොතැනින්ද?

 

 ඔබට ඔබේ ප්‍රදේශයේ පවුල්  සැලසුම්  සංවිධාන   සායනය, ජාතික ලිංගාශ්‍රිත ර රෝග හා ඒඩ්ස්  මර්දන වැඩසටහන්   සායනය  සහ  ප්‍රජා සෞඛ්‍යය  සායන හෝ පෞද්ගලික වෛද්‍යවරයකුගේ කාර්යාලයේදී ලිංගාශ්‍රිත රෝග  සඳහා පරීක්‍ෂා කළ හැකිය.



Learn More About:


How Do I talk with my Partner about STI

STIS Description

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By