Centre Family Health | The Family Planning Association of Sri Lanka

පවුල් සෞඛ්‍ය සඳහා වූ මධ්‍යස්ථානය

පවුල් සෞඛ්‍ය සඳහා වූ මධ්‍යස්ථානය මගින් ගුණාත්මක ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය සේවාවන් දැරිය හැකි මිලකට සපයනු ලබයි.

පවුල් සැලසුම් සේවා

විවාහක අවිවාහක බව කුමක් වුවත් අප විසින් සෑම පුද්ගලයෙකුටම උපත් පාලන උපදේශන සහ සේවා ලබා දෙනු ලැබේ. මේ හරහා අපගේ ඉලක්කය වන්නේ සුදුසු උපත් පාලන ක්‍රම භාවිතය වැඩි කිරීම සහ සැලසුම් නොකළ හෝ අනවශ්‍ය ගැබ්ගැනීම්වල අවදානම අවම කිරීමයි.

මේ සඳහා පවතින ක්‍රම

  • තාවකාලික ක්‍රම

    • හෝමෝනමය ක්‍රමවේද

      • මුඛය මාර්ගයෙන් ලබාගන්නා ගිලින පෙති - (OCP -මිතුරි)
      • අධශ්චර්මිය තැන්පතු (ජඩෙල් (Jadelle) - අවුරුදු 5ක් දක්වා)
      • ත්‍රෛ මාසිකව ලබාගන්නා එන්නත් (ඩෙපෝ ප්‍රොවේරා Depo Provera)
    • හෝමෝනමය නොවන ක්‍රම

      • ගර්භාෂය අභ්‍යන්තරයේ තැන්පත් කරන ලූපය (IUD - අවුරුදු 10ත් 12ත් අතර කාලයක් පවතියි)
      • Levonorgestrel ගර්භාෂය අභ්‍යන්තර පද්ධතිය (මිරේනා (Mirena) වසර 5ක් සඳහා)
      • පිරිමින් සඳහා වන කොන්ඩම්

ලිංගිකව සම්ප්‍රේෂණය වන අසාදන සහ එච්.අයි.වී. (HIV) සඳහා ලබාදෙන සේවා

අපි ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (ලිංගාශ්‍රිත රෝග) වැළඳෙන ආකාරය, එයින් ඔබව ආරක්ෂා කර ගැනීමේ ක්‍රම සහ එච්.අයි.වී (HIV) ඇතුළු ලිංගාශ්‍රිත රෝග සඳහා පරීක්ෂණ පිරිනමන්නෙමු. එමෙන්ම, සිෆිලීස්, (VDRL), හර්පීස්, (HSV), HIV සහ හෙපටයිටීස් B (Hepatitis B) වැනි තත්වයන් පරික්ෂා කරවා ගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණ අපගේ සායනවලින් සිදු කරවා ගත හැකිය.

සියලුම රසායනාගාර පරික්ෂණ වලට පෙර හා පසු උපදේශන සේවා සේවා වෛද්‍යවරුන් විසින් පවත්වනු ලබන අතර සෑම විටම රහස්‍යභාවය සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට බැඳී සිටියි. අවශ්‍ය අවස්ථාවලදී නිර්නාමිකව පරීක්ෂණ සිදු කරගත හැකිය.

ස්ත්‍රි පුරුෂ දෙපාර්ශවය සඳහා වන සෞඛ්‍ය පරීක්ෂණ

  • පියයුරු පරීක්ෂාව
  • මෙහිදී කාන්තා වෛද්‍යවරුන් විසින් පියයුරු පරීක්‍ෂා කිරීම් සිදු කරන අතර ස්වයං පියයුරු පරීක්ෂා කිරීම පිළිබඳව දැනුවත් කිරීම සහ අවශ්‍ය නම් මැමෝග්‍රෑම් පරික්ෂාව සඳහා යොමු කරයි.

  • ගැබ්ගෙල පරීක්ෂාව
  • ලිංගිකව සක්‍රිය කාන්තාවන් සඳහා පැප් පරික්ෂාව සිදු කරයි. මෙය ගැබ්ගෙල සෛල වෙනස්කම් හඳුනාගැනීම සඳහා ඵලදායී හා ඉක්මන් ක්‍රියාවලියක් වේ.

  • පුරස්ථි ග්‍රන්ථි වල පරික්ෂාව
  • මෙහිදී රෝග ලක්ෂණ පිළිබඳව විමසීම් , ගුදමාර්ග පරීක්ෂණ සහ අවශ්‍ය අවස්ථාවලදී PSA පරීක්ෂාව සිදු කරයි.

අමතර පරීක්ෂාවන්

  • සවිස්තරාත්මක රෝග ඉතිහාසය සමාලෝචනය කිරීම
  • සාමාන්‍ය ශරීර පරීක්ෂාව (හෘදය , පෙනහළු, උදරය)
  • ශරීර ස්කන්ධ දර්ශක පරික්ෂාව (BMI)
  • රුධිර පීඩනය පරීක්ෂා කිරීම
  • රසායනාගාර පරීක්ෂණ

උපදේශන සේවාවන්

අපගේ පුහුණු වෛද්‍යවරුන් සහ උපදේශකයින් උපදේශන සේවා අවශ්‍ය වන සහ දරුවන්ට සහය ලබාදෙයි. පිරිමින්ට, කාන්තාවන්ට සහ දරුවන්ට සහය ලබාදෙයි. අප විසින් නීති උපදෙස් සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා පරීක්‍ෂණ, උපදේශන සහ යොමු කිරීම් සිදු කරන අතර මෙම ක්‍රියාවලිය පුරාවටම ඔබගේ රහස්‍ය භාවය සුරැකීමට බැඳී සිටියි.

ලිංගික සෞඛ්‍ය උපදේශනය

මෙම සායන හරහා බෙලහීනතාවය, ඉක්මනින් නොමේරූ ශුක්‍රාණු පිටවීම, ලිංගික අශාවන්ගේ අඩුකම, ලිංගික එක්විමකදී ඇති වන වේදනාව සහ ඒ ආශ්‍රිත වෙනත් ලිංගික සෞඛ්‍ය ගැටළු පිළිබඳව අවධානය යොමු කරයි. සාමාන්‍ය සායන වේලාවන් තුළ වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගත හැකිය.

ස්වභාවිකව දරුවෙකු පිළිසිඳ ගැනීම අපහසු පුද්ගලයන් සඳහා සරුභාවය සම්බන්ධ සේවා ලබාදීම

මෙහිදී සරුභාවය, ඖෂධ ලබා ගැනීම සහ ඔබේ සරු දින නිරීක්ෂණය කිරීම පිළිබඳ පූර්ව-ගර්භණී උපදේශනය ලබා දෙයි.

නාරිවේද සේවා

ඔසප් වීමේ ගැටළු, ආර්තවහරණය පිළිබඳ ගැටළු, සහ මූත්‍රා ආසාදන පිලිබද ගැටළු සඳහා අපගේ සායනය හරහා උපදේශන සහ ප්‍රතිකාර ලබාදෙයි.

අපගේ වෙනත් සේවා

  • රසායනාගාර පහසුකම්
  • ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ වැඩමුළු සහ දේශන
  • ස්ත්‍රී පුරුෂ භාවය හෝ ලිංගික දිශානතිය පිළිබඳ ගැටළු ඇති පුද්ගලයින් සඳහා අදාළ සේවාවන්
  • ඔබගේ සියලුම ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය අවශ්‍යතා සඳහා අවශ්‍ය සත්කාර

අපගේ කැපවීම

පවුල් සංවිධාන සංගමය වයස, විවාහක තත්ත්වය, වාර්ගිකත්වය, ආබාධිතභාවය, ලිංගික දිශානතිය හෝ වෙනස් කොට සැලකීමට තුඩු දිය හැකි වෙනත් සාධක නොසලකා සැමට ප්‍රවේශ විය හැකි ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය පිලිබඳ තොරතුරු සේවා සහ පුහුණුව ලබා දීමෙන් අඩු වරප්‍රසාද ලත් සහ තරුණ ප්‍රජාව‌ට සේවා සපයනු ලබයි.

ඔබේ ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍යය වෙනුවෙන් කැප වූ ගුණාත්මක සත්කාර සේවා ලබාගැනීම සඳහා අප වෙත පැමිණෙන්න

වැඩිදුර විමසීම් හෝ තොරතුරු ලබාගැනීම සඳහා අමතන්න

Happy Life

0112 588 488

076 588 4881

WhatsApp 076 588 4881

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2025 | Family Planning Association All Rights Reserved
As Imagined By