යෝනිමාර්ග ප්‍රදාහය | The Family Planning Association of Sri Lanka

යෝනිමාර්ග ප්‍රදාහය

එය කුමක්ද?

සෞඛ්‍ය සම්පන්න යෝනි මාර්ගයක සාමාන්‍ය බැක්ටීරියාවන්වල අසමතුලිතතාව හේතුවෙන් යෝනි මාර්ගප්‍රදාහය ඇති විය හැකිය. එයින් අදහස් වන්නේ එහි pH අගය (අම්ල / ක්ෂාරීය සමතුලිතතාවය) අයහපත් වීමයි. යෝනි මාර්ගප්‍රදාහය ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් නොවේ.

එය වැළදෙන්නේ කෙසේද?

යෝනි ආසේකය, නව ලිංගික සහකරුවන් හෝ ලිංගික ක්‍රියාකාරකම් වැඩි වීම වැනි යෝනියේ බැක්ටීරියා ක්ෂුද්‍රශාකමය ස්වභාවයේ සමතුලිතතාව වෙනස් කරන ඕනෑම දෙයක් මගින් යෝනිමාර්ග ප්‍රදාහය ඇති විය හැකිය. කෙසේ වෙතත්, කිසිදු දිනෙක ලිංගික සංසර්ගයක නොයෙදුණු කාන්තාවන්ටද මෙය වැළඳිය හැකිය.

රෝග ලක්ෂණ මොනවාද?

  • අළු/සුදු පැහැයට හුරු ගන්ධයකින් යුත් යෝනි ශ්‍රාවය පිටවීම
  • සංසර්ගයෙන් පසුව සහ ඔසප් කාලය ආසන්නයේදී ගන්ධය වැඩි වේ.
  • කැසීම සහ දැවිල්ල සහ ඉදිමුම යෝනිමාර්ග ප්‍රදාහයේ පොදු රෝග ලක්ෂණ නොවේ.

එයට ප්‍රතිකාර මොනවාද?

යෝනිමාර්ග ප්‍රදාහයට ප්‍රතිකාර ලබා දෙනුයේ ගිලින පෙති මගිනි. මෙම පෙති ලබාගන්නා කාලය තුළ ඔබ මද්‍යසාර ගැනීමෙන් වැළකිය යුතුය.

එය මගේ සහකරුවා/වන්ට කෙසේ බලපානු ඇතිද?

සහකරුවන්ට ප්‍රතිකාර අවශ්‍ය නොවේ.

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By