ලිංගාශ්‍රිත රෝග පරීක්‍ෂණය ගැන මම මගේ සහකරු සමඟ කතා කරන්නේ කෙසේද? | The Family Planning Association of Sri Lanka

ලිංගාශ්‍රිත රෝග පරීක්‍ෂණය ගැන මම මගේ සහකරු සමඟ කතා කරන්නේ කෙසේද?

ලිංගාශ්‍රිත රෝග පරීක්ෂණ පිළිබඳ කථාබහට අවතීර්ණ වීම අපහසුතාවයක් දැනිය හැකි නමුත් ඉතා එය වැදගත් වේ. පරීක්‍ෂා කිරීම ගැන කතා කිරීමෙන් ඔබ ඔබේ සහකරු ගැන සැලකිලිමත් වන බව පෙන්නුම් කරන අතර  එමඟින් ඔබව වඩාත් සමීප කරවීමට පවා හැකිවනු ඇත.

 

මෙම කොටසේ :

1. පරීක්‍ෂාවකට යොමුවන ලෙස මම මගේ සහකරුගෙන් ඉල්ලන්නේ කෙසේද?

2. මගේ පරීක්ෂණ ප්‍රතිඵල ගැන මම මගේ සහකරුට කතා කරන්නේ කෙසේද?

 

1. පරීක්‍ෂාවකට යොමුවන ලෙස මම මගේ සහකරුගෙන් ඉල්ලන්නේ කෙසේද?

 

 පරීක්‍ෂා කිරීම ගැන කතා කිරීමට හොඳම වේලාව වන්නේ ඔබ ලිංගිකව හැසිරීමට පෙරය.   (මුඛ ලිංගික සම්බන්ධතා ඇතුළුව).  නව සහකරුවෙකු සමඟ පරීක්‍ෂා කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම ඉතා වැදගත් වන අතර  ලිංගාශ්‍රිත රෝග වැළැක්වීමට අනුගමනය  කළහැකි හොඳම ක්‍රමයකි. 

 සංවාදය ඇරඹීමට මඳ  අපහසුතාවයක් දැනීම සාමාන්‍ය වන අතරම, සංවාදය  අවසානයේදී ඔබට සැහැල්ලුවක් දැනෙනු ඇත.  එමෙන්ම ඔබ නොදන්නවා වූවාට ඔබ එ් පිලිබඳ කථා කිරීම ගැන ඔබේ සහකරු සතුටු විය හැක. 

 ලිංගාශ්‍රිත රෝග සඳහා පරීක්‍ෂාවකට  යොමුවීමෙන්  ඔබේ සහකරු වංචා කිරීමක් හෝ අවිශ්වාස කිරීමක් අදහස් නොවේ.  මිනිසුන්ට වසර ගණනාවක සිට ලිංගාශ්‍රිත රෝග ඇතිවී පැවතිය හැකි අතර  අප එය  නොදැන සිටියාට වන්නට පුළුවන - බොහෝ ලිංගාශ්‍රිත රෝග ඇති පුද්ගලයින්ට රෝග ලක්‍ෂණ නොමැනි වේ.,  යමෙකුට ලිංගාශ්‍රිත රෝගයක් තිබේ දැයි නිශ්චිතව දැන ගැනීමට ඇති එකම ක්‍රමය පරීක්‍ෂා කිරීම පමණි.  එබැවින් නිතිපතා පරීක්‍ෂා කිරීම  යෝග්‍ය වේ.  ඔබ ඔබේ සෞඛ්‍ය ගැන සහ ඔවුන්ගේ සෞඛ්‍ය ගැන සැලකිලමත් වන නිසා ඔබට පරීක්‍ෂා කිරීමට අවශ්‍ය බව ඔබට පැවසිය හැකිය. 

 සංවාදය ආරම්භ කිරීමේ ක්‍රම කිහිපයක් පහත දැක්වේ: 

  •  මෙය මට කතා කිරීමට අපහසු නමුත් මම ඔබ ගැන සැලකිලමත් වන නිසා එය වැදගත් යැයි සිතමි.  ලිංගිකව බෝවන රෝග සඳහා පරීක්‍ෂා කිරීමට යාම ගැන ඔබට හැඟෙන්නේ කෙසේද? 
  • පසුගිය මාසයේ මම ලිංගාශ්‍රිත රෝග සඳහා පරීක්‍ෂාවකට යොමු වූ අතර මගේ වාර්ථාවන් සාමාන්‍ය විය. ඔබ කවදා හෝ පරීක්‍ෂාවකට යොමු වී තිබේද?  අප එකිනෙකා ගැන සැලකිලමත් වන බවට වග බලා ගැනීමට මට අවශ්‍යය.
  •  අවංක වීම වැදගත් යැයි මම සිතමි, පසුගිය මාසයේ මම ලිංගාශ්‍රිත රෝග සඳහා පරීක්‍ෂා කළෙමි. මට ක්ලැමීඩියා ඇති බව සොයා ගත් අතර ප්‍රතිකාර ගෙන සුව වුණි.   නමුත් ලිංගාශ්‍රිත රෝග කෙතරම් සුලභ ද යන වග එයින් මම අවබෝධ කරගත්තෙමි.   ඔබ කවදා හෝ රෝග නිර්ණ පරීක්‍ෂාවකට යොමු වී තිබේද?


 

 පරීක්‍ෂා කර ගැනීම යන්නෙන් අදහසේ කරනුයේ ඔබට ලිංගාශ්‍රිත රෝගයක් තිබේ වී  යන අදහසට මුහුණ දීමයි.  නමුත් ඔබ පරීක්‍ෂා කළ පසු තවදුරටත් ඒ පිළිබඳ සිතා කරදර   විය යුතු නැත.  ඔබට ලිංගාශ්‍රිත රෝගයක් තිබේ නම්  මූලික අවධියේ දීම හඳුනා ගැනීම වඩාත් සුදුසු වේ.බොහෝ ලිංගාශ්‍රිත රෝග ඔසු භාවිතයෙන් පහසුවෙන් සුව කළ හැකිය. සුව කළ නොහැකි ලිංගාශ්‍රිත ර රෝග සඳහා ප්‍රතිකාර  ද ඇති අතර  එමඟින් රෝග ලක්‍ෂණ අවම කර ගැනීමට උපකාරී වනු ඇත.  එය ඔබේ  සහකරුට සම්ප්‍රේෂණය  වීමේ හැකියාව ද අවම කරයි. 

 ඔබ එකිනෙකාට සහයෝගය දැක්වීම සඳහා ඔබ සහ ඔබේ සහකරු සමඟ එකට පරීක්ෂණය ට සහභාගී වීම හොඳ අදහසකි.  ඔබේ සහකරු පරීක්‍ෂා නොකෙරේ නම්,  මෙය ඔබට සුදුසු සම්බන්ධයක් දැයි සිතා බැලීමට ඔබට අවස්ථාවක්ව ලැබෙනු ඇත.  ඔබට නිරෝගීව  සිටීමට උදව් නොකරන්නෙකු, සබඳතාවක් පැවැත්වීම සඳහා හොඳම පුද්ගලයා විය නොහැක.

 

2. මගේ පරීක්ෂණ ප්‍රතිඵල ගැන මම මගේ සහකරුට කතා කරන්නේ කෙසේද?

 

ඔබට ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් ඇති බව ඔබ ඇසුරු කරන පුද්ගලයාට පැවසීම විනෝදයක් නොවේ.  නමුත් එය කළ යුතු නිවැරදිම දෙය වනු ඇත.  එය ඔවුන්ට සෞඛ්‍ය සම්පන්නව සිටීමට උපකාරී වේ.එමෙන්ම  ඔබ අතීතයේ දී සබඳතා පැවතූ පුද්ගලයන්ව ද දැනුවත් කිරීම අතයවශය වේ.එමඟින් ඔවුනට ද පරීක්ෂණයකට  යොමුවිය  හැකි බැවිනි. ලිංගාශ්‍රිත රෝගයක් ඇති බව ඔබේ හවුල්කරුවන්ට පැවසීමට එක් නිශ්චිත ක්‍රමයක් නොමැති නමුත් උපකාරී විය හැකි මූලික උපදෙස් කිහිපයක් පහත සඳහන් වේ.

 

සන්සුන්ව සිටීමට උත්සාහ කරන්න., මෙමඟින් පීඩා විඳින්නේ ඔබ පමණක් නොවන බව මතක තබා ගන්න. සන්සුන්, ධනාත්මක ආකල්පයකින් සංවාදය ඇරඹීමට උත්සාහ ගන්න.  ලිංගාශ්‍රිත රෝයක් තිබීම හුදෙක් සෞඛ්‍ය ගැටළුවක් වනු ඇත , පුද්ගලයෙකු වශයෙන් ඔබ ගැන එයින් කිසිවක් අදහසේ නොවේ.

රෝග  පිළිබඳ කරුණු සොයා දැන ගන්න.  ලිංගාශ්‍රිත රෝග පිළිබඳ බොහෝ මිථ්‍යා මත තිබෙන බැවින් කරුණු සොයා කියවා තේරුම් ගන්න. ඔබේ සහකරුගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමට සූදානම්ව සිටින්න.  ඔබේ ලිංගාශ්‍රිත රෝගය සුව කිරීමට හෝ ප්‍රතිකාර කිරීමට හැකි ඔසු ඇති බව ඔබේ  සහකරුට දන්වන්න.  කොන්ඩමයක් භාවිතා කිරීරමන් ආරක්ෂිතව ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන් ඔබේ සහකරු ආරක්ෂා කර ගැනීමට හැකිවේ.

සුදුසු වේලාවක් තෝරාගන්න.  ඔබේ අවධානය වෙනතකට යෝමු නොවන හෝ බාධා නොවන වේලාවක් මෙන්ම, පෞද්ගලික හා විවේකී ස්ථානයක් තෝරා ගන්න.  ඔබ නොසන්සුන් නම්  ඔබට විශ්වාසදායී  මිතුරෙකුගේ සහය  ඇතිව හඬ නඟා පුහුණුවීම් කළ හැකිය.  එය අමුතු, නුපුරුදු දෙයක් විය හැකි නමුත් වචන හඬ නඟා පුරුදු වීමෙන් ඔබට සැබවින්ම පැවසීමට ඇති දේ නිසියාකාරව තේරුම් ගැනීමට හැකි වන අතර චකිතයකින් තොරව  සහකරු සමඟ පැවසීමට හැකියාව ලැබේ.

ආරක්ෂාව ප්‍රමුඛ වේ.  ඔබේ සහකරුගෙන්  ඔබට කරදරයක්  සිදුවේ  යැයි ඔබ බිය වන්නේ නම්, බොහෝවිට  විදුත් තැපෑලක, කෙටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් හරහා දැනුවත් කිරීම වඩාත් උචිත වේ.  ඔබට අනතුරක්  විය හැකි යැයි ඔබ සිතන්නේ නම් සහය සඳහා +94 76 588 4881 අමතන්න

ඔබ ඔබේ සහකරු සමඟ කතා කරන විට එකිනෙකා හට දොස් පැවරීම සිදු නොකිරීමට උත්සාහ ගන්නඔබේ සම්බන්ධතාවය තුළ ඔබගෙන් කෙනෙකු ආසාදිත බව තහවුරු වීම මඟින්, යමෙකු වංචා කළ බව එයින් අදහස් නොකෙරේ.  ලිංගාශ්‍රිත රෝග පරීක්‍ෂණයකදී ආසාදිත දැයි  හඳුනාගැනීමට යම් කාලයක් ගත විය හැකි අතර බොහෝ දෙනෙකුට රෝග ලක්‍ෂණ නොමැත.  එමනිසා බොහෝ දෙනෙකු  නොදැනුවත්වම දිගු කාලයක් (අවුරුදු ගණනක්) පවා ලිංගාශ්‍රිත  රෝගයක් වැළදී තිබිය හැකි අතර,කෙනෙකුට එය වැළදුනේ කෙසේද  යන්න නිශ්චිත ව  දැන ගැනීමට අපහසු වේ.  වැදගත්ම කරුණ නම් ඔබ දෙදෙනාම පරීක්ෂණය කට යොමු වීමයි.  ඔබෙන් එක් අයෙකුට පමණක් ලිංගාශ්‍රිත රෝගයක් තිබේ නම්, අනෙක් පුද්ගලයා ආරක්ෂා විය යුතු අයුරු සාකච්ඡා කළ යුතු වේ.  

 

ඔබේ සහායකයා කෙසේ ප්‍රතික්‍රියා කරයිද යන්න ගැන කරදර  වීම සාමාන්‍ය දෙයකි.  ඇතැම් විට ඔබේ සහකරුට වැඩිදුර සිතා බැලීමට සුළු කාලයක් සහ ඉඩක් ලබා දීමට ඔබට සිදුවනු ඇත.  එවමන්ම තමාගේ ආරක්ෂාව පිළිබඳ ඔහුට හෝ ඇයට තමන්ගේ පෞද්ගලික වෛද්‍යවරයා  හා සාකච්ඡා කිරීමට ඉඩ ලබාදි  යුතු .නමුත් අවසානයේ දී, ඔබ ඔවුනොවුන්ට තව තවත් සමීප වීමට මෙය හේතුවක් වේ..

 

Learn More About:

STD- Get Tested

STIS Description

STD Testing

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By