Q1: ලිංගිකව සම්ප්‍රේෂණය වන අසාදන /රෝග (STI) යනු කුමක්ද? ඒවා සම්ප්‍රේෂණය වන්නේ කෙසේද?
යෝනි මාර්ගයෙන්, ගුද මාර්ගයෙන් හෝ මුඛ සංසර්ගයෙන් එක්විමකදී ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග අසාදනය විය හැකිය. ක්ලැමීඩියා, ගොනෝරියා, සිෆිලිස්, හර්පීස් සහ HIV යන රෝගී තත්වයන් මෙයට අයත්වේ. ඇතැම් අසාදන ස්පර්ශය හරහා සමෙන් සමට ද ඉඳිකටු ආදිය හුවමාරු කිරීමන් ද පැතිර යාමේ ඉඩකඩ ඇත. එබැවින්, ලිංගික එක්වීමක් අතරතුරදී කොන්ඩම් වැනි ආරක්‍ෂිත ක්‍රමවේදයක් භාවිතා කිරීමෙන් අවදානම අවම කරගත හැකිවේ.
Q2: ලිංගිකව අසාදනය වන රෝග සහ HIV වලින් ආරක්ෂා වන්නේ කෙසේද?
A: ඔබව ආරක්ෂා කර ගැනීමට නම්:
සෑම ලිංගික එක්වීමකදීම කොන්ඩම් භාවිතා කරන්න
HPV වැනි වැළැක්විය හැකි ලිංගිකව අසාදනය වන රෝග සඳහා එන්නත් ලබා ගන්න.
ලිංගිකව අසාදනය වන රෝග සහ එච්.අයි.වී නිතිපතා පරික්ෂා කරගන්න
ඔබගේ ලිංගික සහකරුවන් සංඛ්‍යාව සීමා කර ලිංගික සෞඛ්‍යය පිළිබඳව ඔවුන් සමඟ විවෘතව අදහස් හුවමාරු කරගන්න.
ඉඳිකටු සහ වෙනත් ඖෂධ සඳහා භාවිතා කරන උපකරණ හුවමාරු කරගැනීමෙන් වළකින්න (එන්නත් කටු වැනි)
Q3: ලිංගිකව අසාදනය වන රෝග සහ HIV පරීක්‍ෂාව සිදුකරන්නේ කෙසේද සහ කොපමණ වාර ගණනක් පරීක්‍ෂා කළ යුතුද?
ලිංගිකව අසාදනය වන රෝග සහ HIV පරීක්‍ෂාව සායනවලදී හෝ රෝහල්වලදී සිදුකරගත හැකිය. මෙම පරීක්ෂණය සඳහා මුත්‍රා සාම්පල හෝ රුධිර සාම්පල, හෝ ස්වාබ් සාම්පල (කුඩා කපු කැබැල්ලක් හෝ ගෝස් කැබැල්ලක් භාවිතයෙන් ශරීරයේ අදාළ ප්‍රදේශයේ මතුපිටින් අතුල්ලා ලබාගන්නා සාම්පලයක්) ලබාගැනීම සිදු කරයි. ඔබට ලිංගික සහකරුවන් කිහිපදෙනෙකු සිටී නම් හෝ රෝග ලක්ෂණ පවතින බවට හැඟෙන්නේ නම් හෝ වැඩි අවදානමක් ඇත්නම් හෝ අවම වශයෙන් වසරකට වරක් හෝ නිතර පරීක්‍ෂා කර ගැනීම නිර්දේශ කරන අතර සෑම අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පසුව පරික්ෂා කරගැනීම අත්‍යවශ්‍ය වේ.
රහසිගතව HIV පරීක්ෂණයක් වෙන්කරවා ගැනීම සඳහා අමතන්න,
Know4sure ක්ෂණික ඇමතුම් අංකය: 0706477044
FPA ශ්‍රී ලංකා Happy Life ඇමතුම් මධ්‍යස්ථානය: 0765884881
Q4: ලිංගිකව අසාදනය වන රෝග හෝ HIV පරීක්ෂාවකදී ඔබට එය වැළඳී ඇති බවට තහවුරු වුවහොත් කළයුත්තේ කුමක්ද?
A: ඔබගේ පරීක්ෂණ වාර්තාව අනුව ඔබට ලිංගිකව අසාදනය වන රෝග තත්වයක් වැළඳී ඇති බවට තහවුරු කරයි නම් ඔබේ වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන ප්‍රතිකාර සැලැස්ම අනුගමනය කළ යුතුය. ක්ලැමීඩියා සහ ගොනෝරියා වැනි බැක්ටීරියා මගින් ඇතිවන ලිංගාශ්‍රිත රෝග ප්‍රතිජීවක ඖෂධ මගින් සුව කළ හැකිය. එසේම හර්පීස් සහ HIV වැනි වෛරස් ආශ්‍රිත රෝග තත්වයන්වලදී රෝග ලක්ෂණ කළමනාකරණය කර සංකූලතා අවම කළ හැකිය. මේ පිළිබඳව ඔබගේ ලිංගික සහකරුවන්ව දැනුවත් කිරීමෙන් ඔවුන්ටද අදාළ පරීක්ෂාවන් සිදුකරගත හැකි අතර ප්‍රතිකාරද ලබාගත හැකි වේ.
Q5: HIV තත්වය සුව කළ හැකිද?
HIV වෛරසය සඳහා තවමත් නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගෙන නොමැත. නමුත් එය ප්‍රතිවෛරස් ප්‍රතිකාර ක්‍රමය (antiretroviral therapy ART) මගින් ඵලදායී ලෙස කළමනාකරණය කළ හැක. මෙම ප්‍රතිකාර ක්‍රමය වෛරසයේ ප්‍රභලතාවය අවම කිරීමට උපකාරී වන අතර HIV අසාදිත පුද්ගලයින්ට දිගු හා නිරෝගී ජීවිතයක් ගත කිරීමට ඉඩ සලසයි.
ප්‍රතිවෛරස් ප්‍රතිකාර ක්‍රමය (ART) පිළිබඳ තොරතුරු ලබා ගැනීමට Know4sure ක්ෂණික ඇමතුම් අංකය: 0706477044 අමතන්න
Q6: PrEP යනු කුමක්ද සහ එය ක්‍රියාකරන්නේ කෙසේද?
PrEP (Pre-exposure Prophylaxis) යනු HIV සඳහා නිරාවරණය වීමේ වැඩි අවදානමක් පවතින නමුත් අසාදනයවී නොමැති පුද්ගලයන් සඳහා ලිංගිකව එක්වීමට පෙර සහ ඉන් පසුව දෛනිකව ලබාගත යුතු ඖෂධයකි. මෙය අඛණ්ඩව ලබාගැනීම HIV ආසාදනය වඩාත් ඵලදායිව වළක්වාගත හැකිය. ඔබට HIV ආසාදනය වී ඇත්නම් මෙම ඖෂධය හරහා එම වෛරසය ශරීරය තුළ නැවත නැවත නිර්මාණයවීම වළක්වයි.
PrEP ප්‍රතිකාරය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට Know4sure ක්ෂණික ඇමතුම් අංකය අමතන්න: 0706477044
Q7: PEP යනු කුමක්ද සහ එය භාවිතා කළ යුත්තේ කවදාද?
A: PEP (Post-exposure Prophylaxis) යනු HIV අසාදන තත්වයකට නිරාවරණය වී ඇති පුද්ගලයින් සඳහා සිදු කරන හදිසි ප්‍රතිකාරයකි. නිදසුන් වශයෙන් කොන්ඩම් කැඩී යාම, ලිංගික හිංසනයකට ගොදුරු වීම ආදිය දැක්විය හැකිය. මෙම ප්‍රතිකාරය අනාරක්ෂිත ලිංගික එක්විමකට නිරාවරණය වී පැය 72ක් ඇතුළත ආරම්භ කළයුතු අතර දින 28ක් ලබාගත යුතුය. නිවැරදිව ලබාගැනීමෙන් HIV අසාදනයවීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩු කරගත හැකිය. HIV අසාදනයවීමේ අවදානමකට නිරාවරණයවී ඇත්නම් වහාම සෞඛ්‍ය සේවා සපයන්නෙකුගෙන් සේවාව ලබාගැනීම අතිශය වැදගත් වේ.
PEP පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා Know4sure ක්ෂණික ඇමතුම් අංකයට අමතන්න: 0706477044