මූත්‍ර පද්ධතියේ ආසාදනය (UTI) | The Family Planning Association of Sri Lanka

මූත්‍ර පද්ධතියේ ආසාදනය (UTI)

ඔබේ මූත්‍ර මාර්ගය තුළ විෂබීජ වර්ධනය වී රෝග බීජ පතුරන විට මූත්‍ර පද්ධතියේ ආසාදනයන් (UTI) ඇති වේ.

මෙය පහත ඉන්ද්‍රියයන්ට බලපානු ඇත:

  • මූත්‍රාශය - මූත්‍ර පද්ධතියේ ආසාදනයන්ගේ බහුලම වර්ගය කෝෂ්ඨ ප්‍රදාහය ලෙස හැඳින්වේ (cystitis).
  • මූත්‍රමාර්ගය (ඔබේ මූත්‍රා පිටතට එන ස්ථානය). එය මුත්‍රමාර්ගප්‍රදාහය (urethriti) ලෙස හැඳින්වේ.
  • වකුගඩු මෙහි බරපතලම තත්ත්වය වන්නේ ද්‍රෝණිවෘක්ක ප්‍රදාහය යි (pyelonephritis)

මූත්‍ර පද්ධතියේ ආසාදනය: එය හට ගන්නේ කෙසේද?

ඔබගේ අධෝමාර්ගය අවට ප්‍රදේශය තුළ පවතින බැක්ටීරියා මූත්‍ර මාර්ගයට ඇතුල් වීමෙන් මූත්‍රමාර්ගය සහ මූත්‍රාශය ප්‍රදාහයට ලක් වෙයි, මූත්‍ර පද්ධතියේ ආසාදනයන් ඇතිවීමේ බහුලම ක්‍රමය මෙයයි.

මෙය සිදුවීමට වැඩිම ඉඩක් ඇත්තේ වැසිකිලිය භාවිතා කිරීමෙන් පසු ඔබේ පසු ප්‍රදේශය පිරිසිදු කිරීමේදී හෝ ලිංගික එක් වීමෙන් පසුව යි.

ඕනෑම කෙනෙකුට මූත්‍ර පද්ධතියේ ආසාදනයන් වර්ධනය විය හැක, නමුත් කාන්තාවන්ගේ ශරීරයේ මුත්‍රා මාර්ගය ගුද මාර්ගයට ආසන්නව පිහිටා තිබීම හේතුවෙන් කාන්තාවන් වඩාත් අවදානමට ලක් වේ.

මූත්‍ර පද්ධතියේ ආසාදනයන් වර්ධනය වීමේ අවස්ථාවන් වැඩි වන අමතර හේතු වන්නේ:

  • ඔබේ මූත්‍රා මාර්ගයට බාධාවන් ඇතිවන තත්ත්වයන් 
  • ඔබේ මූත්‍රාශය හිස් කිරීමට අපහසු වීම
  • ගර්භණී බව
  • දියවැඩියාව 
  • දුර්වල ප්‍රතිශක්තිකරණය 

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By