ලිංගික සෞඛ්‍ය යනු සමස්ත පුද්ගල යහපැවැත්මට අදාළ වැදගත් කොටසකි. නමුත් බොහෝ දෙනෙක් කාංසාව, ලිංගික කැමැත්ත සහ ලිංගික එක්විමකදී පවතින දුර්වලතා ආදී වැඩිවශයෙන් ප්‍රකාශ නොකරන අභියෝගයන් අත්විඳියි. යෝනි මාර්ගය ආශ්‍රිත මාංශපේශීවල ඇතිවන හැකිලීම (Vaginismus) , ඉන්ද්‍රීය උද්දීපනය අවම වීම (Low Libido), ශිෂ්ණය (පුරුෂ ලිංගය) ප්‍රාණවත් නොවීම (Erectile Dysfunction), හෝ අපේක්ෂිත කාලයට වඩා ඉක්මනින් ශුක්‍රාණු පිටවීම (Premature Ejaculation) වැනි තත්ත්වයන් බොහෝ දෙනෙක් සිතනවාට වඩා සුලභ තත්වයන් වන අතර ඒ සියල්ලක්ම ඔබගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට බලපෑම් කළ හැකිය. කෙසේ නමුත් සුබ පණිවිඩය නම්, නිවැරදි තොරතුරු, විවෘත සංවාද, සහ වෘත්තීය මට්ටමේ සහයෝගය ඇතිව මෙම ගැටලු ඵලදායීව කළමනාකරණය කිරීමට සහ ප්‍රතිකාර කිරීමට හැකි අතර පුද්ගලයන්ට සහ යුවල සඳහා නිරෝගී, විශ්වාසනීය සහ තෘප්තිමත් සබඳතා භුක්ති විඳීමට උපකාරී වීමයි.