ඉක්මනින් ශුක්‍රාණු පිටවීම යනු කුමක්ද? (What is Premature Ejaculation?)
ඉක්මනින් ශුක්‍රාණු පිටවීම යනු ලිංගික එක්විමකදී අපේක්ෂා කරන කාලයට වඩා ඉක්මනින් ශුක්‍රාණු පිටවීමයි. මෙහිදී ශිෂ්ණය යෝනිමර්ගයට ඇතුල්කර විනාඩියක පමණ කාලයකදී ශුක්‍රාණු පිටවීමයි. මෙය පුද්ගලිකව මෙන්ම දෙපාර්ශවයේම කනස්සල්ලට හේතුවේ.
ඉක්මනින් ශුක්‍රාණු පිටවීමේ වර්ග:
ජීවිත කාලය පුරාවට පවතින (Lifelong): පළමු ලිංගික අත්දැකීම්වල සිටම පවතී.
තමන් විසින්ම අත්පත් කරගත් තත්වයන් (Acquired): සෞඛ්‍යමය හෝ මානසික සාධක හේතුවෙන් පසුව ඇති වේ.
ඉක්මනින් ශුක්‍රාණු පිටවීමේ හේතු:
මනෝවිද්‍යාත්මක තත්වයන්: කාංසාව, මානසික ආතතිය, සම්බන්ධතාවල ගැටලු
ජීව විද්‍යාත්මක තත්වයන්: හෝමෝන අසමතුලිතතාවය, ස්නායු සම්බන්ධ ගැටලු, පුරස්ථි ග්‍රන්ථියේ හෝ මුත්‍රා මාර්ගයේ දැවිල්ල.
රෝග ලක්ෂණ
අවම උත්තේජනයකින් ශුක්‍රාණු පිටවීම.
ශුක්‍රාණු පිටවීම ප්‍රමාද කිරීමට නොහැකි වීම.
තමා ගැන හෝ සහකරු/සහකාරිය ගැන හෝ පවතින සෘණාත්මක හැඟීම්.
කළමනාකරණය සහ ප්‍රතිකාර ක්‍රම (Management and Treatment)
‘නතර කර නැවත පටන් ගැනීමේ’ (stop-start) සහ ‘මිරිකීමේ’ (squeeze) ක්‍රම වැනි චර්යාත්මක තාක්ෂණික ක්‍රම භාවිතය.
මානසිකව බලපා ඇති හේතූන් සඳහා උපදේශනය හෝ ලිංගික චිකිත්සාව ලබාදීම.
සහකරු/සහකාරිය සහ සෞඛ්‍ය සේවා සපයන්නෙක් සමඟ විවෘතව සන්නිවේදනය කිරීම.
ශුක්‍රාණු පිටකිරීම ප්‍රමාද කරන ඖෂධ භාවිතය – පෙති/ක්‍රීම්/ජෙල්/ස්ටැමිනා කොන්ඩම් ආදිය.
ඉදිරි දැක්ම (outlook)
බොහෝ පිරිමින් ප්‍රතිකාර මගින් යථා තත්වයට පත්වන අතර ශුක්‍රාණු පිටවීමේ කාලය පාලනය කර ගැනීමේ හැකියාව නැවත ලබා ගනියි.
ඕනෑම ලිංගික සෞඛ්‍ය උපදේශන සඳහා ලබාදී ඇති දුරකථන අංක හරහා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ බ්ලූම් සේවාව (Bloom) 0779552979 අමතන්න.