ශිෂ්ණය ප්‍රාණවත් නොවීම පිලිබඳ අවබෝධ කර ගැනීම.
ශිෂ්ණය ප්‍රාණවත් නොවීම යනු තෘප්තිමත් ලිංගික එක්වීමක් සඳහා ප්‍රමාණවත් තරම් ශිෂේණය ප්‍රාණවත් කර ගැනීමට හෝ ප්‍රාණවත් බව පවත්වා ගැනීමට ඇති ස්ථිර නොහැකියාවයි (මෙය ස්ථිර තත්වයක් වශයෙන් හඳුනාගැනීමට අවම වශයෙන් මාස 3ක් පමණ මෙම තත්වය පැවතිය යුතුය). මෙම තත්වය වයසට යාමත් සමග පිරිමින් අතර සුලභ වන නමුත් තරුණ පිරිමින්ටද බලපෑම් ඇතිකළ කළ හැකි තත්වයකි. එය හෘද වාහිනී හෝ වෙනත් රෝගයක මුල් දර්ශකයක් විය හැකි බැවින් කඩිනම් වෛද්‍ය පරීක්ෂණයක් සිදු කිරීම වැදගත් වේ.
පොදු හේතු සාධක:
ශාරීරික සාධක: හෘද රෝග, දියවැඩියාව, හෝමෝන අසමතුලිතතා (අඩු ටෙස්ටොස්ටෙරෝන්), ස්නායු සම්බන්ධ ගැටළු, ඖෂධවල අතුරු ආබාධ, දුම්පානය, මත්පැන් පානය ආදිය.
මානසික සාධක: ආතතිය, කාංසාව, මානසික අවපීඩනය, සම්බන්ධතාවල ගැටළු.
සංඥා සහ රෝග ලක්ෂණ
ශිෂ්ණය ප්‍රාණවත් කර ගැනීමට හෝ ප්‍රාණවත් බව පවත්වා ගැනීමට අපහසු වීම.
අඩු ලිංගික ආශාව.
ශුක්‍රාණු පිටවීමේ ගැටළු.
රෝග විනිශ්චය
මූලික හේතු තීරණය කිරීම සඳහා සෞඛ්‍ය සේවා සපයන්නෙකු විසින් ශාරීරික පරීක්ෂණයක්, වෛද්‍ය ඉතිහාසය සමාලෝචනය කිරීම සහ රුධිර පරීක්ෂණ සිදුකළ කළ හැකිය.
ප්‍රතිකාර ක්‍රම
ජීවන රටාවේ වෙනස්කම්: සෞඛ්‍ය සම්පන්න ආහාර, ව්‍යායාම, දුම්පානය නැවැත්වීම.
මානසික හේතූන් සඳහා උපදේශනය හෝ චිකිත්සාව ලබාගැනීම.
PDE5 නිෂේධක වැනි ඖෂධ ලබාගැනීම (උදා: Viagra).
වැකියුම් පොම්ප (vacuum pumps) වැනි උපකරණ භාවිතය.
ඇතැම් අවස්ථාවලදී හෝමෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාරය හෝ ශල්‍යකර්ම සිදුකිරීම.
කඩිනම් සහය ලබාගැනීමේ වැදගත්කම.
ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ප්‍රතිකාරයේ සාර්ථකත්වය වැඩි දියුණු කරන අතර අනෙකුත් සෞඛ්‍ය ගැටළු හෙළිදරව් කළ හැකිය.
ඕනෑම ලිංගික සෞඛ්‍ය උපදේශන සඳහා ලබාදී ඇති දුරකථන අංක හරහා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ බ්ලූම් සේවාව (Bloom) 0779552979 අමතන්න.