ශාරීරික ප්‍රතිරූපය අවබෝධ කර ගැනීම (Understanding Body Image)
ශාරීරික ප්‍රතිරූපය යනු ඔබේ බාහිර පෙනුම පිළිබඳව ඔබ සිතන හා හැඟෙන ආකාරයයි. එය ලිංගික විශ්වාසයට සහ තෘප්තියට දැඩි ලෙස බලපායි.
ඍණාත්මක ශාරීරික ප්‍රතිරූපයක බලපෑම (Effects of Negative Body Image)
සමීප ඇසුරේදී ඇතිවන කාංසාව හෝ ස්වයං දැනුවත්භාවය.
ලිංගික ක්‍රියාකාරකම් මග හැරීම.
තම අවශ්‍යතා හෝ ආශාවන් ප්‍රකාශ කිරීමට ඇති අපහසුතාවය.
සමස්ත තෘප්තිය අඩු වීම.
ඍණාත්මක ශාරීරික ප්‍රතිරූපයට හේතු (Causes of Negative Body Image)
සුන්දරත්වය සහ බාහිර පෙනුම පිළිබඳව සමාජය විසින් පනවා ඇති ප්‍රමිතීන් සහ මාධ්‍ය බලපෑම්.
පුද්ගලික අනාරක්ෂිත බව සහ අතීත අත්දැකීම්.
අන් අය සමඟ සංසන්දනය කිරීම.
ශාරීරික ප්‍රතිරූපය වැඩි දියුණු කිරීම (Improving Body Image)
තමන් තමන්වම පිළිගැනීම පුරුදු කිරීම සහ පුද්ගලික ශක්තීන් කෙරෙහි අවධානය යොමු කිරීම.
යථාර්ථවාදී නොවන සුන්දරත්වය පිලිබඳ රුපලාවන්‍ය පරමාදර්ශයන්ට අභියෝග කිරීම.
ව්‍යායාම සහ මනස එකඟ කරගැනීම වැනි ස්වයං-ආරක්ෂක ක්‍රියාකාරකම්වල නිරත වීම.
තම හැඟීම් සහ කැමැත්ත පිලිබඳව සහකරුවන් සමඟ විවෘතව සන්නිවේදනය කිරීම.
වෘත්තීය සහයෝගය (Professional Support)
සංජානන-චර්යා චිකිත්සාව (CBT) වැනි ප්‍රතිකාර මගින් ගැඹුරින් මුල් බැසගත් අනාරක්ෂිත බව/ සිතුවිලි විසඳීමට උපකාරී වේ.
ප්‍රතිලාභ (Benefits)
ධනාත්මක ශාරීරික ප්‍රතිරූපය සැමවිටම මානසික යහපැවැත්ම, සමීපත්වය සහ ලිංගික තෘප්තිය වැඩි දියුණු කරයි.
ඕනෑම ලිංගික සෞඛ්‍ය උපදේශන සඳහා ලබාදී ඇති දුරකථන අංක හරහා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ බ්ලූම් සේවාව (Bloom) 0779552979 අමතන්න.