ඉන්ද්‍රිය උද්දීපනය අවම වීම | The Family Planning Association of Sri Lanka

ඉන්ද්‍රිය උද්දීපනය අවම වීම

ඉන්ද්‍රිය උද්දීපනය අවම වීම යනු කුමක්ද?

ඉන්ද්‍රිය උද්දීපනය අවම වීම යනු ලිංගික ක්‍රියාකාරකම් කෙරෙහි ඇති උනන්දුව හෝ ආශාව අඩු වීමයි. එය පිරිමින් සහ කාන්තාවන් යන දෙපාර්ශවයටම බලපාන අතර මෙම තත්වය තාවකාලික හෝ දිගුකාලීන විය හැකිය.

ශාරීරික හේතු (Physical Causes)

  • හෝමෝන වෙනස්වීම් (අඩු ටෙස්ටොස්ටෙරෝන්, ආර්තවහරණය)

  • නිදන්ගත රෝග (දියවැඩියාව, තයිරොයිඩ් ගැටලු)

  • ඖෂධ (විෂාදය සදහා ලබාගන්නා බෙහෙත් වර්ග, රුධිර පීඩන ඖෂධ)

  • වෙහෙස, දුර්වල ආහාර රටාව, ව්‍යායාම නොමැතිකම, මත්ද්‍රව්‍ය භාවිතය.

මනෝවිද්‍යාත්මක හේතු (Psychological Causes)

  • මානසික ආතතිය, කාංසාව, විෂාදය.

  • සම්බන්ධතා ගැටලු.

  • අතීත කම්පනය හෝ විසඳා නොගත් ගැටුම්.

  • ඍණාත්මක ශාරීරික ප්‍රතිරූපය (බහිර පෙනුම පිලිබඳ සෘණාත්මක මත).

රෝග ලක්ෂණ (Symptoms)

  • ලිංගික එක්වීම පිලිබඳ සිතුවිලි අවමවීම.

  • ලිංගික ක්‍රියාවන් ආරම්භ කිරීම අඩුවීම.

  • ලිංගික ක්‍රියාකාරකම් වලදී තෘප්තියක් නොමැති වීම.

ඉන්ද්‍රිය උද්දීපනය අවම වීම සඳහා විසඳුම් (Addressing Low Libido)

  • නිදන්ගත වෛද්‍ය හෝ මනෝවිද්‍යාත්මක හේතූන් හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම.

  • අවශ්‍ය නම් හෝමෝන ප්‍රතිකාර.

  • මානසික සෞඛ්‍ය සහ සබඳතා වැඩි දියුණු කිරීම සඳහා උපදේශනය හෝ චිකිත්සාව.

  • සමස්ත සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා ජීවන රටාවේ වෙනස්කම්.

සහය ලබා ගැනීම (Seeking Support)

වෘත්තීය සෞඛ්‍ය සේවා සපයන්නෙකු සමඟ කතා කිරීම ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට නිවැරදි ප්‍රවේශය සොයා ගැනීම සඳහා උපකාරී වේ.

ඕනෑම ලිංගික සෞඛ්‍ය උපදේශන සඳහා ලබාදී ඇති දුරකථන අංක හරහා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ බ්ලූම් සේවාව (Bloom) 0779552979 අමතන්න.
 

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2025 | Family Planning Association All Rights Reserved
As Imagined By