හදිසි උපත් පාලන පෙති (ECP) | The Family Planning Association of Sri Lanka

හදිසි උපත් පාලන පෙති (ECP)

අනාරක්ෂිත ලිංගිකව එක්වීමක් නොසිතූ මොහොතක සිදුවිය හැක.  හදිසි අවස්ථාවකදී භාවිතයට උපත් පාලන පෙති නිර්දේශ කරනුයේ එබැවිනි - අනාරක්ෂිත ලිංගික සංසර්ගයෙන් දින 5 ක් දක්වා කාලයක් ගැබ් ගැනීම වැළැක්වීම සඳහා ආරක්ෂිත සහ ඵලදායී ක්‍රමයකි.  නමුත් උපත් පාලන ක්‍රමයක්  ලෙස දිනපතා භාවිතා නොකළ යුතුය.  නමුත් මෙමගින් එච්.අයි.වී සහ ලිංගාශ්‍රිත රෝග වලට එරෙහිව ආරක්ෂාව සපයන්නේ නැත.

මෙම කොටසේ :

1. හදිසි උපත් පාලන ක්‍රම භාවිතා කළ යුත්තේ කුමන මොහොතකද?

2. මට වඩාත් සුදුසු හදිසි උපත් පාලන ක්‍රම මොනවාද?

 

1. හදිසි උපත් පාලන ක්‍රම භාවිතා කළ යුත්තේ කුමන මොහොතකද?


 

ගැබ් ගැනීම වැළැක්වීම සඳහා හදිසි උපත් පාලන පෙති භාවිතා කළ යුත්තේ:

  • ඔබ කොන්ඩම් හෝ වෙනත් උපත් පාලන ක්‍රමයක් භාවිත නොකර යෝනි මාර්ගයෙන් ලිංගිකව එක් වූ අවස්ථාවක දී
  • ඔබ භාවිතා කරන උපත් පාලන ක්‍රමවේදය අඛන්ඩව පවත්වාගෙන යාමට අතපසු වූ විටකදී(ඔබේ උපත් පාලන පෙති හෝ එන්නත නියමිත වේලාවට ලබා ගැනීමට නොහැකි වූ විට)
  • ශුක්‍රාණු පිටවීමේ දී ඔබේ කොන්ඩමය කැඩී හෝ ලිස්සා ගිය විටක දී
  • ශුක්‍රාණු පිටවීමේ දී, ඔබේ සහකරු විසින් ශිෂ්ණය පිටතට නොගත් අවස්ථාවක දී
  • ඔබට අනාරක්ෂිතව යෝනි මාර්ගයෙන් ලිංගිකව එක්වීමට බලකෙරුණ විටකදී
  • ඔබ අනාරක්ෂිත ලිංගික සංසර්ගයෙන් පසු හදිසි උපත් පාලන ක්‍රම නිවැරදිව භාවිතා කරන්නේ නම්, එය ඔබ ගැබ් ගැනීමට ඇති සම්භාවිතාව බෙහෙවින් අඩු කරයි.

 

2. මට වඩාත් සුදුසු හදිසි උපත් පාලන ක්‍රම මොනවාද?

 

  • හදිසි උපත් පාලන පෙති — අනාරක්ෂිත ලිංගික සංසර්ගයෙන් පසු පැය 72ක් අතර කාලයේදී භාවිතා කළයුතු අතර වැඩි කල් නොඉක්මවා ඉක්මනින් භාවිතයට ගැනීමෙන් වඩාත් ප්‍රතිඵලදායක වේ.
  • IUD - ගැබ් ගැනීම වැලැක්වීම සඳහා හොඳම ක්‍රමය වන අතර, අනාරක්ෂිත ලිංගික සංසර්ගයෙන් පසු දින 5ක් ඇතුළත ඇතුල් කළහොත් එය හොඳින් ක්‍රියා කරයි. IUD ගැබ් ගැනීමෙන් 90% කට වඩා වැඩි ආරක්ෂාවක් සපයයි.
  • OCP Mithuri ඉක්මනින් හෝ අනාරක්ෂිත සංසර්ගයෙන් පැය 72 ක් ඇතුළත ගත යුතුය , අනාරක්ෂිත ලිංගික සංසර්ගයෙන් පසු  පළමු පෙති හතර එකවර ගතයුතු අතර, තවත් පෙති හතරක් පැය දොළහකට පසුව (පළමු පෙති හතර ගැනීමෙන් පසු) ගත යුතුය. පැය 24ක් ඇතුළත ගැනීම වඩාත් යෝග්‍ය වේ. OCP Mithuri ගැනීමෙන්, ගැබ් ගැනීම 90% කට වඩා වැඩි ආරක්ෂාවක් සපයයි.

 


 
 ECP පිළිබඳ වැඩි විස්තර සඳහා: http://www.fpasrilanka.org/content/postinor-1


Other Topics:

කොන්ඩම් (උපත් පාලන කොපු)

උපත් පාලන පෙති - Mithuri

බද්ධ කිරීමේ උපත් පාලන ක්‍රමය

උපත් පාලන එන්නත්

IUD


 

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By