බද්ධ කිරීමේ උපත් පාලන ක්‍රමය | The Family Planning Association of Sri Lanka

බද්ධ කිරීමේ උපත් පාලන ක්‍රමය

සමට මදක් පහළින් (උප චර්මයට) ඇතුළත් කරන වඩා ඵලදායී, ඕනෑම අවස්ථාවක ඉවත් කළ හැකි උපත් පාලන ක්‍රමයකි.  වසර පහක් දක්වා ආරක්ෂාව ලබා දෙන දිගු කාලීන  ක්‍රමයකි.  අවුරුදු 5 සම්පූර්ණ වීමට පෙර ,ගැබ් ගැනීමක් අවශ්‍ය වූ ඕනෑම අවස්ථාවක ඉවත් කළ හැකි ය.  99% කට වඩා වැඩි කාර්යක්ෂමතාවක් පවතින අතර ඉවත් කිරීමෙන් පසු ඉක්මනින් ගැබ් ගැනීමට  හැකි වීම විශේෂයකි.

 

මෙම කොටසේ :

1. බද්ධ කිරීමේ උපත් පාලන ක්‍රමය ක්‍රියා කරන අයුරු

2. මෙමගින් ලිංගාශ්‍රිත රෝග වළක්වයිද?

 

1. බද්ධ කිරීමේ උපත් පාලන ක්‍රමය ක්‍රියා කරන අයුරු

 

 මෙහි අඩංගු වන හෝමෝන මඟින්, ක්‍රම දෙකකින් ගැබ් ගැනීම වළක්වයි:

  • Progestin ස්‍රාවය වීමෙන් යෝනි මාර්ගයේ ශ්ලේෂ්මල ඝන බවට පත් කරයි. එම නිසා ශුක්‍රාණු වලට ඩිම්බ වෙත පිහිනා යාමට නොහැකි වේ. ශුක්‍රාණු ඩිම්බයක් සමඟ එක්වීමට නොහැකි වූ විට, ගැබ් ගැනීමක් සිදුවිය නොහැක.
  • Progestin හට ඔබේ ඩිම්බ කෝෂවලින් ඩිම්බ පිටවීම  (ඩිම්බ මෝචනය )නැවැත්විය හැකිය, එබැවින් සංසේචනය වීමට ඩිම්බයක් නොමැත.  ඩිම්බ නිකුත් වීමක් සිදු නොවන විට, ගැබ් ගැනීමක් සිදුවිය නොහැක. 

 මෙම ක්‍රමයෙහි ඇති සුවිශේෂීත්වය නම් මෙය දිගු කාලීන පිළියමක් වීමයි. (අවුරුදු 5 ක් දක්වා) නමුත් මෙය ස්ථිර නොවේ.  ඔබට ගැබ් ගැනීමට අවශ්‍ය යැයි ඔබ තීරණය කරන්නේ නම් හෝ ඔබට තවදුරටත් මෙම උපත් පාලන ක්‍රමවේදය අවශ්‍ය නැතිනම්, ඔබේ වෛද්‍යවරයාට එය ඉවත් කළ හැකිය.  මෙය ඉවත් කිරීමෙන් පසු ඔබට ඉක්මනින් ගැබ් ගැනීමට හැකි වේ.

 

2. මෙමගින් ලිංගාශ්‍රිත රෝග වළක්වයිද?

 

  • නැත. එබැවින් ඔබේ බද්ධ කිරීම සමඟ කොන්ඩම් භාවිතා කිරීම ආසාදන වළක්වා ගැනීමට ඇති හොඳම ක්‍රමයයි.


 
 බද්ධ කිරීම පිළිබඳ වැඩිදුර කියවන්න: http://www.fpasrilanka.org/content/jadelle

 

Other Topics:

කොන්ඩම් (උපත් පාලන කොපු)

උපත් පාලන එන්නත්

IUD


 

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By