කොන්ඩම් (උපත් පාලන කොපු) | The Family Planning Association of Sri Lanka

කොන්ඩම් (උපත් පාලන කොපු)

කොන්ඩම් ඉතා ජනප්‍රිය වන අතර HIV සහ STI වලින් ආරක්ෂා විය හැකි එකම උපත් පාලන ක්‍රමය ද වේ.  මෙය භාවිතා කිරීම මෙන්ම  සපයා ගැනීමද පහසු වේ.

 

මෙම කොටසේ :

1. කොන්ඩම් යනු කුමක්ද ? එය ක්‍රියා කරන්නේ කෙසේද?

2. ලිංගාශ්‍රිත රෝග වලින් ආරක්ෂා වීමට කොන්ඩම් උපකාරී වේද?

 

1. කොන්ඩම් යනු කුමක්ද ? එය ක්‍රියා කරන්නේ කෙසේද?

 

කොන්ඩම් යනු ලිංගික ක්‍රියාවලදී ඔබේ ශිශ්ණය ආවරණය කර ශුක්‍රාණු එකතු කරන කුඩා සිහින් මල්ලක් ය.  ශුක්‍රාණු යෝනිය තුළට ඇතුලුවීම නැවැත්වීමෙන් කොන්ඩම් මඟින් ගැබ් ගැනීම වළක්වයි, එබැවින් ශුක්‍රාණුවකට ඩිම්බයක් සමඟ සම්බන්ධ විය නොහැක.(සංසේචනය විය නොහැක)

 

2. ලිංගාශ්‍රිත රෝග වලින් ආරක්ෂා වීමට කොන්ඩම් උපකාරී වේද?

 

 ඔව්!  ඔබ මුඛ, ගුද හෝ යෝනි මාර්ගයෙන් ලිංගිකව එක්වන සෑම අවස්ථාවකම කොන්ඩම් භාවිතා කිරීම, ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන ඇතිවීමේ හෝ පැතිරීමේ සම්භාවිතාව අවම කර ගැනීමට භාවිතා කළ හැකි හොඳම ක්‍රමයයි. ආසාදිත ශරීර තරල (ශුක්‍රාණු සහ යෝනි තරල වැනි) සමඟ ගැටීම වැලැක්වීමෙන් කොන්ඩම් ලිංගාශ්‍රිත රෝග වලින් ඔබව සහ ඔබේ හවුල්කරුවන් ආරක්ෂා කරයි.


 
වැඩිදුර තොරතුරු සඳහා:

http://www.fpasrilanka.org/our-products?prod_category=2#products_list

 

Other Topics:

උපත් පාලන එන්නත්

බද්ධ කිරීමේ උපත් පාලන ක්‍රමය

IUD


 

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By