උපත් පාලන එන්නත් | The Family Planning Association of Sri Lanka

උපත් පාලන එන්නත්

ඩිපෝ ෂොට් (Depo-Provera) යනු ඔබ මාස 3 කට වරක් ලබාගත යුතු එන්නතකි.  එය ආරක්ෂිත ය, ලබා ගැනීමද පහසු ය.  ඔබ සැමවිටම නියමිත වේලාවට එය ලබා ගන්නේ නම් එය ඉතා හොඳින් ක්‍රියාත්මක වේ.

 

මෙම කොටසේ :

1.  උපත් පාලන එන්නත ක්‍රියා කරන්නේ කෙසේද

2. ඩිපෝ එන්නත මට වඩාත් යෝග්‍ය වන්නේ කෙසේද?


 

1. උපත් පාලන එන්නත ක්‍රියා කරන්නේ කෙසේද

 

ඩිපෝ (Depo-Provera) එන්නතෙහි ප්‍රෝජෙස්ටින් (progestin) හෝමෝනය අඩංගු වේ.  ප්‍රොජෙස්ටින් ඩිම්බ පිටවීම වැලැක්වීමෙන් ඔබව ගැබ් ගැනීම වළක්වයි (ඩිම්බ පිටවීම යනු කාන්තාවකගේ ඔසප් කාලයේ දී ඩිම්බ කෝෂ වලින් ඩිම්බයක් මුදා හැරීමයි. ඩිම්බය මුදා හැරීමෙන් පසු එය පැලෝපීය නාලය ඔස්සේ ගමන් කරයි, එහිදී ශුක්‍රාණු සෛලයක් හා එක්වීමෙන් සංසේචනය සිදු විය හැක).  එය ගැබ්ගෙල ශ්ලේෂ්මල ඝන බවට පත් කිරීමද සිදු කරයි.  ගැබ් ගෙලෙහි ඇති ශ්ලේෂ්මල ඝන වූ විට ශුක්‍රාණු වලට ඇතුල් විය නොහැක.  තවද ශුක්‍රාණු සහ ඩිම්බය එකට එකතු වීමට නොහැකි වූ විට ගැබ් ගැනීමක් සිදු නොවේ.


 

2. ඩිපෝ එන්නත මට වඩාත් යෝග්‍ය වන්නේ කෙසේද?

ඔබට අවශ්‍ය විටෙක පවුල් සැලසුම් ඩිපෝ එන්නත ආරම්භ කළ හැක.  ඔසප් වීම ආරම්භ වී පළමු දින 7 ඇතුළත ඔබ පළමු එන්නත ලබා ගන්නේ නම්, ඔබ වහාම ගැබ් ගැනීමෙන් ආරක්ෂා වේ.  ඔබේ චක්‍රයේ වෙනත් ඕනෑම අවස්ථාවක ඔබ එය ලබා ගන්නේ නම්, එන්නත ලබා ගැනීමෙන් පසු පළමු සතිය සඳහා ඔබ වෙනත් උපත් පාලන ක්‍රමයක් (කොන්ඩම් වැනි) භාවිතා කළ යුතුය.


 
 ඩිපෝ එන්නත පිළිබඳ වැඩි විස්තර සඳහා: http://www.fpasrilanka.org/content/depo-provera

 

Other Topics:

කොන්ඩම් (උපත් පාලන කොපු)

බද්ධ කිරීමේ උපත් පාලන ක්‍රමය

IUD


 

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By