Our Founders | The Family Planning Association of Sri Lanka

අපගේ පුරෝගාමීන්

සිල්වියා ප්‍රනාන්දු මහත්මිය

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය අරම්භකිරීමේ පළමු ගෞරවය හිමිවන්නේ සිල්වියා ප්‍රනාන්දු මහත්මියටය. ආරම්භයේදී අප සංවිධානය ෆැමිලි ප්ලෑනින් ඇසෝසියේෂන් ඔෆ් සිලෝන් යනුවෙන් හඳුන්වා ඇත. මහත් අභියෝගාත්මක කාලවකවානුවක පවුල් සැලසුම යන්න ප්‍රායෝගික අන්දමින් ක්‍රියාත්මක කිරීමට මෙතුමිය මූලිකත්වය ගෙන කටයුතු කරතිබේ. සංවිධානයේ මූලික අරමුණුවල ඇති සංවේදී ස්වභාවය නිසාම ඒ පිළිබඳව සංවිධානයක් බිහි කිරීම පහසු කටයුත්තක් නොවීය. ඉතා මතභේදයට තුඩුදුන් සහ සමාජ තහන්චියට ලක්වන කරුණක් සම්බන්ධව වැඩසටහන් ආරම්භ කිරීම එමසමයේදී මහත් අභියෝගයක් මෙන්ම සුවිශේෂි ක්‍රියාවක්දවිය. සිල්වියා ප්‍රනාන්දු මහත්මියගේ ඉවසීමේ ගුණය මෙහිදී කැපීපෙනුන අතර නිවැරදි කුමක්ද යන්න පිළිබදව ඇයතුළ පැවති හැගීම් නිරතුරුවම ඇයගේ මුවරැදි සිනහවෙන් විදහා දැක්විනි. බොහොමයක් ප්‍රශ්න එක් තීරණාත්මක වාක්‍යයකින් නිරාකරණය විය. ඇය විශ්වාසකලේ සියලු දෙනාගේම අදහස් වලට සවන්දිය යුතුය යන්නය. මෙයට හේතුව වශයෙන් ඇයගේ අදහස වුයේ සෑම කෙනෙකුටම සුවිශේෂි වූ අත්දැකීම් පවතින බවත්, ඒවාතුලින් අන්අයට ඉගනීමට හැකිබවත්ය. ඇයට සෑමදෙනෙකුම කෙරෙහි කාරුණික, උණුවන හදවතක් තිබුණී. ඇයසතුව පැවති සියලුම දේ අනෙක් අයත් සමග බෙදාගත්තා පමණක්නොව සෑමකෙනෙක්ම එකිනෙකා පිලිබද ඒ ආකාරයෙන් සිතා කටයුතු කළයුතුබව විශ්වාස කලාය.

වෛද්‍ය මේරි රත්නම්

කැනේඩියානු ජාතික නාරිරෝග පිළිබඳ විශේෂඥවරියක වන වෛද්‍ය මේරි රත්නම් පවුල් සෞඛ්‍යය ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක නිරත වූවාය. වෛද්‍ය මේරි රත්නම් මහත්මිය පවුල් සුබසාධන සංගමය ආරම්භ කළ අතර කාන්තාවන්ගේ සුබසාධනය සඳහා වූ ව්‍යාපාර ගණනාවක් ඇරඹීමට පුරෝගාමීව කටයුතු කළාය.

ලංකා මහිලා සමිති සහ සිලොන් ෆැමිලි ප්ලෑනින්ග් ඇසෝසියේෂන් ඇයගේ වඩාත් කැපී පෙනෙන ජයග්‍රහණයක් වේ. ඇය මාතෘ සෞඛ්‍යය සංවර්ධනය සහ ළමුන් සඳහා ගුණාත්මක භාවයෙන් ඉහළ කිරි ආහාර ලබා දීමට කැපවී ක්‍රියා කළාය. ළමුන්ගේ ආධ්‍යාත්මික සහ ශාරීරික යහපැවැත්ම ඇයගේ අවධානයට ලක්වූ අතර එම අංශයන් සංවර්ධනය කිරීමට මහත් ප්‍රයන්තයක් දරන ලදි.

වෛද්‍ය මේරි රත්නම් වයස අවුරුදු තිහේදී පමණ ලන්ඩනයේ පවුල් සැලසුම් මධ්‍යස්ථානය සමග සම්බන්ධතා ඇතිකර ගත්තාය.

එහි ගරු අධ්‍යක්ෂක ඊඩිත් හොව් මාර්ටින් (Edith Howe - Martin) මහත්මිය 1936 වසරේදී ලෝක සංචාරයක් අතරතුරදී මෙහි පැමිණි අතර, එය ශ්‍රී ලංකාවේ පවුල් සැලසුම් සේවා හඳුන්වාදීමට මහත් බලපෑමක් ඇති කළේය.

මහාචාර්ය සී. සී. ද සිල්වා මහතා

මහාචාර්ය සී. සී. ද සිල්වා මහතා 1956 සිට 1958 දක්වාත් නැවතත් 1976 සිට 1977 දක්වාත් පවුල් සංවිධාන සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ලදි. විධායක කමිටුවේ, ජාතික සභාවේ සහ වෛද්‍ය සභාවේ සාමාජිකයකු ලෙස පවුල් සංවිධාන සංග‍මයේ ආරම්භක අවදියේදී ඊ‍‍ට අවශ්‍ය මග පෙන්වීම සඳහා එතුමා සුවිශාල දායකත්වයක් සැපයීය. කොළඹ සහ ‍පේරාදෙණිය විශ්වවිද්‍යාලයන්හි ළමා රෝග චිකිත්සාව පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස එතුමන්ගේ ජාත්‍යන්තර කීර්ති නාමය ඒ වන විට ආරම්භක අවදියේ වූ සංගමයට ජාතිකව මෙන්ම ජාත්‍යන්තරව ද බොහෝ අංශයන්ගෙන් ඉහළ පිළිගැනීමක් සහ සහයෝගයක් ලබා ගැනීමට ඉවහල් විය.

කෙසේ වෙතත්, මව්වරුන්ගේ සහ ළමුන්ගේ සුබ සාධනය පිළිබඳ ඔහු දැක්වූ අසීමිත සැලකිල්ල නිසාම ඔහු, පවුල් සැලසුම පිළිබඳ ඉතා උද්යෝගීව කටයුතු කරන්නෙකු බවට පත්ව සිටියේය. හැටේ දශකයේ මුල් භාගයේදී, පෝෂණ සායනය හා එක්ව කොළඹ රි‍ජ්වේ ආර්යා ළමා රෝහලේ පවුල් සැලසුම් සායනයක් ස්ථාපිත කිරීමට මහාචාර්ය සිල්වා මහතා මූලිකත්වය ගෙන කටයුතු කරන ලදි. ළමා ආරක්ෂණය පිළිබඳ පමණක් ‍ නොව පවුල් සැලසුම් කිරීම සම්බන්ධයෙන් ද උ‍පදෙස් ලබාගැනීම සඳහා එමඟින් මව්වරුනට අවශ්‍ය සහාය ලබා දෙන ලදි. ඊට අමතරව, පොල්වත්ත ශාන්ත මයිකල් සහ ඔරුවල වානේ සංස්ථාවේ පැවැති මාතෘ සහ ළමා සෞඛ්‍ය සහ පවුල් සැලසුම් සායනවලදී මහාචාර්ය සිල්වා මැතිඳුන් ස්වෙච්ජාවෙන් සිය සේවය ලබා දෙන ලදි.

ලීලා බස්නායක මහත්මිය

ලීලා බස්නායක මහත්මිය වසර 40 කට වැඩි කාලයක් පුරා අප සංවිධානයේ ඉමහත් කැපවීමකින් යුත් ස්වෙච්ඡා සේවිකාවන් වශයෙන් කටයුතු කළ අතර ඇය විසින් ඉටු කරන ලද සේවය ජාතික මට්ටමේ පවුල් සැලසුම් සේවා සැපයීමේ ප්‍රමුඛතමයා බවට පත්වීමට මහත් දායකත්වයක් ලබා දෙන ලදි. සම්මේලනයේ පුරෝගාමියෙකු වශයෙන් බස්නායක මහත්මිය මෙම සංවිධානයට 1953 දී සම්බන්ධ විය. 1977 දී ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ තෝරාපත් කරගන්නා ලද සභාපතිතුමිය ලෙසට බස්නායක මහත්මිය එහි කටයුතු මීළඟ වසර 3 තුළ මෙහෙයවමින් 1978 වසරේදී එහි රිදී ජුබිලිය සැමරීමේ ප්‍රමුඛත්වය ගත්තාය. පවුල් සැලසුම් පිළිබඳව මහත් කැපවීමෙන් කටයුතු කරන ලද බස්නායක මහත්මියගේ අවවාද සහ මාර්ගෝපදේශකත්වය තරුණ පරම්පරාව විසින් නිරන්තරයෙන් අපේක්ෂා කරන ලදි.

ඇය සහ ෆීලිස් දිසානායක මහත්මිය ජාතික මණ්ඩලයේ ගරු සාමාජිකයින් ලෙස තෝරා පත්කරගන්නා ලද අතර සම්මේලනයේ භාරකරුවන් ලෙස ක්‍රියා කරන ලදී. බස්නායක මහත්මිය IPPF හි ඉන්දියානු සාගර කලාපයේ සාමාජිකාවක් ද වේ. ද සොයිසා මාතෘ රෝහලේ 1953 දී ප්‍රථම පවුල් සැලසුම් සංගමයේ සායනය ආරම්භ කළ කාලයේ සිටම බස්නායක මහත්මිය එහි අභිවෘද්ධිය සඳහා කැපී පෙනන කාර්යයභාර්යක් ඉටු කළේය. පවුල් සංවිධාන සංගමය අද පවතින තත්ත්වයට ළඟාවීමට ඇය විසින් සිදු කරන ලද කර්යයභාරය අතිමහත් බව නිසැකවම පැවසිය හැකිය.

DR. SIVA CHINNATAMBY

One of Sri Lanka’s most distinguished daughters Dr. Siva Chinnatamby was one of the early pioneers who though not a founder member joined the newly found Family Planning Association as a volunteer doctor. Her involvement in the family planning movement was an extension of her association with a small band of visionaries among who were Dr. Mary Rutnum, Professor C.C. de Silva, Prof. D.A. Ranasinghe, Dr. (Mrs.) L.O. Abeyratne, Dr. P.R. Thiagarajah, Dr. Florence Ram Aluvihare, Mrs. Sylvia Fernando, Mrs. Ezlynn Deraniyagala and others.

When she joined Dr. Florence Aluvihare as a volunteer doctor at the FPA’s first clinic at the De Soysa Maternity Hospital, Dr. Siva Chinnatamby requested that she be given sub-fertility cases; so that she could help childless couples conceive even after several years of marriage.

In 1958 she was elected Vice President of the Association and a Member of the National Council. Eventually she was appointed the Honorary Medical Director in overall charge of the clinical program. An ardent advocate of safe family planning Dr. Siva engaged in research to ensure that the use of family planning devices did not endanger the health or the lives of women.

In September 1960 under the direction of Dr. G.R. Venning, Sr. Siva began a three-year study of oral contraception with the Clinical Trials conducted at the Ragama Hospital. Later on once again Dr. Siva Chinnatamby was in the forefront of research when in 1963 she conducted Clinical Trails on the use of the Intra Uterine Device (IUD). In addition, she was also involved in research on the long-acting Injectible, Depo Provera introduced in 1967.

DR (MRS) L O ABEYRATNE

Ref : FPA Sri Lanka 25th Anniversary Souvenir

PROFESSOR O E R ABHAYARATNE

Ref : FPA Sri Lanka 25th Anniversary Souvenir

MR C T ADAMS

Ref : FPA Sri Lanka 25th Anniversary Souvenir

DR. (MRS) F K RAM ALUVIHARE

Ref : FPA Sri Lanka 25th Anniversary Souvenir

DR. V AMIRTHALINGAM’

Ref : FPA Sri Lanka 25th Anniversary Souvenir

MRS AMIRTHALINGAM

Ref : FPA Sri Lanka 25th Anniversary Souvenir

MRS C COREA

Ref : FPA Sri Lanka 25th Anniversary Souvenir

MRS E DERANIYAGALA

Ref : FPA Sri Lanka 25th Anniversary Souvenir

MRS MURIEL DE ZOYSA

Ref : FPA Sri Lanka 25th Anniversary Souvenir

MRS E C FERNANDO

Ref : FPA Sri Lanka 25th Anniversary Souvenir

MAJOR T F JAYAWARDENE

Ref : FPA Sri Lanka 25th Anniversary Souvenir

DR. A F OUTSCHOORN

Ref : FPA Sri Lanka 25th Anniversary Souvenir

DR. P R THIAGARAJAH

Ref : FPA Sri Lanka 25th Anniversary Souvenir

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By