ACCREDITATION | The Family Planning Association of Sri Lanka

පිළිගැනීම්

සැලසුම්කළ මව්පියභාවය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් කටයතු කරන, පොදු දැක්මකින්,පොදු හර වටිනාකම් පද්ධතියකින් සහ ජන ජීවිත වැඩි දියුණු කිරීමේ අධිෂ්ඨානයෙන් හා මානව හිමිකම් ප්‍රවර්ධනයෙන් එකට බැඳී පවතින, ජාතික සාමාජික සංගම්වල ගෝලිය සම්මේලනයකි. එය මත පදනම්ව, එක් එක් සාමාජික සම්මේලන තම රටවල අවශ්‍යතා සපුරාලීම පිණිස තමන්ගේම වූ උපාය මාර්ග සකස් කර ගනියි. සම්මේලනයේ විවිධත්වය සැලකිල්ලට ගැනීමේදී, එක් එක් රටෙහි උපාය මාර්ග නොවැළක්විය හැකි ලෙසම එකිනෙකින් වෙනස් වේ. උපාය මාර්ග හා ඒවා ක්‍රියාවට නංවන ආකාරය පිළිබඳව වෙනස්කම් පැවැතියද, සැලසුම්කළ මව්පියභාවය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයේ සෑම රටක්ම ඇතැම් ප්‍රමිති හා මූලධර්මයන්ට අනුගතවීම අපේක්ෂා කරනු ලබයි.

නිලලත් සාමාජිකත්වය සඳහා කොන්දේසියක් ලෙස සියලු සාමාජික සංගම් මුලික මුලධර්ම 10 ක් හා ප්‍රමිති 48ක් සපුරාලීම අපේක්ෂා කරනු ලබයි. සැලසුම්කළ මව්පියභාවය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයේ තීරණ ගැනීමේ ඉහළම මණ්ඩලය වන පාලක කවුන්සිලය සමාජික රටවල්වල ප්‍රමිති උසස් කිරිමේ, අඛණ්ඩව පවත්වා ගැනීමේ සහ සහතික කිරිමේ ක්‍රියාදාමයක් හරහා සහාය වෙමින් හා මග පෙන්වමින්, පූර්ණ අනුකූලතාවයසාක්ෂාත් කර ගැනීමෙන් අනතුරුව සම්මේලනයේ ‘නිලලත් සාමාජිකයෙක්’ ලෙස සාමාජික සංවිධානයට පිළිගැනීම පිරි නමයි.

නිලලත් සාමාජිකත්වය ලබාදීමේ ක්‍රමයේ මූලික අරමුණු වනුයේ:

  • තම භූමිකා සහ කාර්ය සාධනය ඇගයීම හා වැඩි දියුණු කිරීම පිණිස සාමාජික සංවිධාන වඩා හොඳ සූදානමක සිටින බව;
  • සාමාජික සංගම්වල කටයුතු කෙරෙහි ඉහළ මහජන විශ්වාසයක් ඇති බව;
  • සැලසුම්කළ මව්පියභාවය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය ප්‍රතිඵල, සේවාවන්හි ගුණාත්මකභාවය සහ වගවීම කෙරෙහි කැපවූ සඵල සම්මේලනයක් බවට ඉහළ අන්තර්ජාතික විශ්වාසයක් ඇති බව; සහ
  • සම්මේලනයේ ඉගෙනුම හා බෙදා හදා ගැනීම සඳහා පහසුකම් සැපයීම පිණිස ලේකම් කාර්යාලය නව ක්‍රම සොයා ගන්නා බවට සහතික වීමයි.

අදියර 1 සහ අදියර 2 යන දෙකෙහිම ප්‍රතීතන සහතිකය ලබාගැනීමට ශ්‍රී.ල.ප.සැ.සංගමයට සමත් වී තිබේ. 2006 වසරේ අදියර 2 ප්‍රතීතන කාලසීමාවට අදාළව ප්‍රතීතනය ලැබූ දකුණු ආසියානු කලාපයේ පළමු සාමාජික සංගමය වූයේ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයයි. සැලසුම් කල මා පියභාවය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයේ පහත දැක්වෙන ප්‍රමිති හා බැඳීම් මගින් ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමය විමර්ශනය කරනු ලැබීය

විවෘත හා ප්‍රජාතාන්ත්‍රික

සංගමය සියලු පසුබිම්වලින් පැමිණි ස්වේච්ඡා සේවකයන් සහභාගි කරවා ගන්නා විවෘත හා ප්‍රජාතන්ත්‍රවාදී නෛතික අස්තිත්වයක් වන අතර කාර්ය මණ්ඩලය සමග හවුල්කාරිත්වයෙන් යුතුව සිය කාර්යයන්හිදී ඔවුන්ගේ පූර්ණ හා සක්‍රීය සහභාගිත්වය දිරි ගන්වයි.

මැනවින් පාලනය කරනු ලබන

සිය සාමාජිකත්වය නියෝජනය කරන තෝරා පත්කරගත් පාලක මණ්ඩලයක් සංගමය සතු අතර සිය සාමූහික භූමිකාව හා පාලන වගකීම් අවබෝධ කොට ඉටු කරයි.

උපාය මාර්ගික හා ප්‍රගතිශීලී

සංගමය තම රටේ තත්වයන්ට වඩාත්ම අදාළ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සහ අයිතිවාසිකම් ක්ෂෙත්‍රයන්හි වෙනසක් ඇති කරයි. එය සැ.ම.ජා.සංගමයේ මෙහෙවර, හර වටිනාකම් හා ප්‍රතිපත්ති ‍කෙරෙහි ශක්තිමත් කැපවීමක් පෙන්නුම් කරයි.

පාරදෘශ්‍ය සහ වගවීම සහිත

සියලු අවස්ථාවන්හිදී සංගමය පාරදෘශ්‍ය ආකාරයකින් සිය කටයුතු සිදු කරනු ලබයි, සිය සේවාලාභීන්ට, පාර්ශවකරුවන්ට හා ආධාර ප්‍රදායකයන්ට වග වෙයි.

හොඳින් කළමනාකරණය කරනු ලබන

සංගමය එහි වැඩසටහන සඵලව හා කාර්යක්ෂමව සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම පිණිස මානව හා මූල්‍ය සම්පත් කළමනාකරණය කරයි.

යහපත් මූල්‍යමය තත්වයක්

සංගමය සිය සම්පත්වල අඛණ්ඩතාවය සහතික කිරීමට හා එහි වැඩසටහන්වලට ආධාරක වනු පිණිස සාමාන්‍ය මූල්‍ය තිරසාරභාවය පවත්වා ගැනීමටඅවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබයි.

හොඳ සේවා යෝජකයෙක්

සංගමය පුහුණු කාර්ය මණ්ඩලයක් බඳවා ගනියි, ඔවුනට ගෞරවයෙන් සලකයි, ඔවුනට ඵලදායී අන්දමිනි සිය කටයුතුවල යෙදීමට හැකි රැකියා සහ සේවා තත්වයන් පවත්වා ගනියි.

ප්‍රතිඵල ‍කෙරෙහි කැපවෙයි

ප්‍රතිඵල ලබාගැනීමට හා කාර්ය සාධනය ඉහළ නංවා ගැනීමට සංගමය කැපව සිටී. ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය අවශ්‍යතා හා අයිතිවාසිකම් සපරනු ලබන්නේ කෙසේදැයි පෙන්නුම් කිරීමට ඊට හැකිය.

ගුණාත්මක ප්‍රමිතිය

සිය කටයුතුවල සියලු අංශයන්හිදී අත්‍යාවශ්‍ය ගුණාත්මක ප්‍රමිති සපුරාලනු ලබන බවට සංගමය සහතික වෙයි.

රටේ ප්‍රමුඛ රාජ්‍ය නොවන සංවිධානයකි

රටේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය හා අයිතිවාසිකම් ව්‍යාපාරයේ නායකයා ‍ලෙස සංවිධානය පිළිගෙන අගය කරනු ලබයි.

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By