Emergency Contraceptives | The Family Planning Association of Sri Lanka
FPA E-Commerce Partner
රු. 295.00

හදිසි අවස්ථාවක අනපේක්ෂිත ගැබ් ගැනීමක් වළක්වා ගැනීම සඳහා භාවිත කළ හැකිය. හදිසි අවස්ථාවක් ලෙස මෙහිදී හඳුන්වන්නේ භාවිත කරන පවුල් සැලසුම් ක්‍රමය අසාර්ථක යැයි සැකයක් ඇතිවූ විට (කොන්ඩමය සිදුරු වීම හෝ ගැලවී යාම, ආරක්ෂිත කාලසීමාව වැරදි ලෙස ගණනය කළ අවස්ථාවක, ලූපය යම් හේතුවකින් ඉවතට පැමිණි මොහතක ආදී අවස්ථාවක) ලිංගික අතවරයකට හෝ දූෂණයකට ලක්වූ විට වැනි අවස්ථාවන්ය. ලිංගික සංසර්ගයෙන් පැය 72 ඇතුළත මෙහි පළමු පෙත්ත ලබා ගත යුතු අතර ඉන් පැය 12 කට පසු එහි දෙවන පෙත්ත ලබා ගත යුතුය. ලිංගික සංසර්ගයෙන් පසු වැඩි කාලයක් ගතවීමට පෙර මෙම පෙති ගැනීම වැඩි සාර්ථකත්වයකට හේතුවේ. මෙම පෙති ගැනීමෙන් ගබ්සාවීමක් සිදු නොවේ. පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස නිතර භාවිතයට අනුමත නොකෙරේ.

රු. 400.00

හදිසි අවථාවක (පොස්ටිනෝ - 2 හි සඳහන් පරිදි) අනපේක්ෂිත ගැබ් ගැනීමක් වළක්වා ගැනීම සඳහා භාවිත කළ හැකි තනි පෙත්තකි. ලිංගික සංසර්ගයෙන් පැය 72 ක් ඇතුළත මෙය ලබාගත යුතුය. මෙම පෙත්ත ගැනීමෙන් ගබ්සාවීමක් සිදු නොවේ. පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස නිතර භාවිතයට අනුමත නොකෙරේ.

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By