ශිෂ්ණ / ලිඟු පිළිකාව යනු කුමක්ද? | The Family Planning Association of Sri Lanka

ශිෂ්ණ / ලිඟු පිළිකාව යනු කුමක්ද?

ශිෂ්ණ පිළිකාව යනු ශිෂ්නයේ පටක වල මාරාන්තික (පිළිකා) සෛල සෑදෙන විට ඇතිවන දුර්ලභ තත්වයකි.

ඔබ අවුරුදු 50 ට වඩා වැඩිනම්  සහ චර්මච්ඡේදනය කර නොමැති නම්, ඔබට ශිෂ්නයේ පිළිකා ඇතිවීමේ අවදානම වැඩිය. ලිංගික ඉන්නන් සහ මානව පැපිලෝමා වයිරසය (HPV හෝ ඉන්නන් වෛරසය) පිළිබඳ ඉතිහාසයක්  ඔබට තිබේ නම්, එවන් අවස්ථාවලදී ද ඔබ වැඩි අවදානම් තත්වයක පසුවේ.

ශිෂ්ණයේ යම් වෙනස්කම් නිරීක්ශණය වුවහොත් ඒ පිලිබදව ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කරන්න. ඔබට ශිෂ්ණ පිළිකාවක් තිබේ නම්, ඔබේ සහකරුවාද, ලිංගික ප්‍රදේශයේ මානව පැපිලෝමා වයිරසය (HPV) මගින් ඇති කරන වෙනත් ආකාරයේ පිළිකා සඳහාද පරීක්‍ෂා කළ යුතුය - මෙයට ගැබ්ගෙල, යෝනිමුඛය සහ ගුද පිළිකා ඇතුළත් වේ.

 

ශිෂ්ණ පිළිකාවක රෝග ලක්ෂණ මොනවාද?

  • ශිෂ්ණයේ සමේ ප්‍රදේශයක් ඝන වීමට පටන්ගැනීම.
  • සමේ වර්ණය වෙනස් වීම.
  • ගැටිත්තක් වැනි යමක් ඇතිවීම.
  • ලේ වහනය විය හැකි තුවාලයක් (වණ) හටගැනීම.
  • පෙරසමට යටින් රතු පැහැයට හුරු සිනිඳු පලුකුෂ්ඨයක් හටගැනීම.
  • කුඩා, කබොල සහිත ගැටිත්තක් හටගැනීම.
  • පැතලි, නිල්-දුඹුරු වර් ධකයක් හටගැනීම.
  • දුර්ගන්ධය සහිත විසර් ජකයක් පිටවීම (තරල) හෝ පෙර සමට යටින් ලේ ගැලීම.

 

පුරස්ථි පිළිකා යනු කුමක්ද?

පුරස්ථි ග්‍රන්ථියේ සෛල පාලනයෙන් තොරව වර්ධනය වීමට පටන් ගන්නා විට පුරස්ථි පිළිකාවක් හටගැනීම ආරම්භ වේ. පුරස්ථි ග්‍රන්ථිය යනු පිරිමින් තුළ පමණක් දක්නට ඇති ග්‍රන්ථියකි. එය ශුක්‍ර තරලයේ කොටසක් වන තරල කිහිපයක් සාදයි.

පුරස්ථි ග්‍රන්ථිය මුත්‍රාශයට පහළින් (මුත්‍රා ගබඩා කර ඇති කුහරමය ඉන්ද්‍රිය) සහ ගුදමාර්ගය ඉදිරිපිට (බඩවැල්වල අවසාන කොටස) පිහිටා ඇත. 

පුරස්ථි ග්‍රන්ථියට මදක් පිටුපසින් ශුක්‍ර ධාතු සඳහා අවශ්‍යවන තරලයන්ගෙන් වැඩි ප්‍රමාණයක් නිපදවන ශුක්‍ර ප්‍රසේවකය (seminal vesicles ) නම් ග්‍රන්ථිය ඇත. පුරුෂ ලිංගය හරහා ශරීරයෙන් මුත්‍රා සහ ශුක්‍රාණු පිටතට ගෙන යන නාලය වන මුත්‍රා වාහිනිය පුරස්ථි ග්‍රන්ථියේ මධ්‍ය හරහා ගමන් කරයි.

  • Bladder - මුත්‍රාශය
  • Urethra - මුත්‍රවාහිනිය
  • Penis - ශිෂ්ණය
  • Scrotum - වෘෂණ කෝෂය
  • Rectum - ගුද මාර්ගය
  • Prostate - පුරස්ථි ග්‍රන්ථිය
  • Cancerous tumor - පිළිකාමය ගැටිත්තක්
  • Seminal vesicle – ශුක්‍ර ප්‍රසේවකය

වයස අවුරුදු 55 ට අඩු අයට පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ඇතිවන්නේ ඉතාමත් කලාතුරකිනි. පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ඇති වන අය බොහෝ විට වයස අවුරුදු 65 ට වඩා වැඩි අය වෙති. ඉතා වයෝවෘද්ධ අය තුළ, පුරස්ථි ග්‍රන්ථි පිළිකාව බොහෝ විට ඉතා සෙමින් වර්ධනය වන අතර රෝග ලක්ෂණ ඇති නොවීමට ඉඩ ඇත.

ඔබ වයස අවුරුදු 45 ට වැඩි නම්, පුරස්ථි ග්‍රන්ථි පිළිකා පරීක්‍ෂණයක් කළ යුතුද යන්න ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කළ යුතුය.

 

පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක රෝග ලක්ෂණ මොනවාද?

  • නිතර නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය විම 
  • දුර්වල හෝ බාධාකාරී මුත්‍රා ප්රවාහය හෝ මුත්‍රාශය හිස් කිරීමට වෙහෙසීමට අවශ්‍ය විම.
  • රාත්‍රියේදී නිතර මුත්‍රා කිරීමට ඇති පෙළබවිම.
  • මුත්‍රා සමග රුධිරය පිටවීම.
  • ශිෂ්ණය ඍජු නොවීමේ ආබාධයේ නව ආරම්භය විම.
  • මුත්‍රා කිරීමේදී වේදනාව හෝ දැවිල්ල. මෙම ලක්ෂණය බොහෝ සෙයින් දුර්ලභය. 
  • පුරස්ථි ග්‍රන්ථිය විශාල වීම නිසා ඇති වන අපහසුතාවන් හෝ වාඩි වී සිටින විට වේදනාවක් ඇතිවීම

 

වෘෂණ කෝෂ පිළිකාව යනු කුමක්ද?

වෘෂණ කෝෂ පිළිකා යනු වෘෂණ කෝෂයක පටකවල පිළිකාමය (මාරාන්තික) සෛල වර්ධනය වන විට ඇතිවන රෝගයකි. වෘෂණ දෙකෙහිම පිළිකා සෛල වර්ධනය විය හැකි නමුත් එය සිදුවන්නේ ඉතා කලාතුරකිනි.

වෘෂණ කෝෂ පිළිකාව වයස අවුරුදු 15 ත් 35 ත් අතර පුරුෂයන්ගේ බහුලව දක්නට ලැබෙන පිළිකාවක් වන අතර, ඕනෑම වයසක දී වුවද හටගත හැක.

විශේෂයෙන් එය මුල් අවධියේදී හඳුනාගෙන ප්‍රතිකාර කළහොත් වෘෂණ කෝෂ පිළිකා බොහෝවිට සුව කළ හැකිය. 

මෙම පිළිකාව මුල් අවධියේදීම හඳුනා ගැනීම සඳහා මුලික ලක්ෂණ පිළිබද දැන ගැනීමටත්, වෘෂණ කෝෂ වල පිළිකා සදහා ස්වයං පරීක්‍ෂණයක් කරන්නේ කෙසේදැයි ඉගෙන ගැනීමටත්, වෘෂණ කෝෂ වල සැක සහිත ගැටිත්තක්, ඉදිමීමක් හෝ වේදනාවක් ඇත්නම් සෞඛ්‍ය සේවා සපයන්නා සමඟ කතා කිරීමටත් පුරුෂයන් උනන්දු කරනු ලැබේ.

වෘෂණ කෝෂ පිළිකාවක රෝග ලක්ෂණ මොනවාද?

 

වෘෂණ කෝෂයක ගෙඩියක් ඇත්නම් පෙන්වන ලක්ෂණ වන්නේ:

  • වෘෂණ කෝෂයේ වේදනා රහිත ගැටිත්තක් (වඩාත් පොදු ලක්ෂණය)
  • වෘෂණ කෝෂය ඉදිමීම (වේදනාව ඇතිව හෝ නැතිව) හෝ වෘෂණ කෝෂය බර ලෙස දැනීම
  • වෘෂණ කෝෂ, වෘෂණ කෝෂ හෝ ඉකිලි වල වේදනාව හෝ නොපැහැදිලි කැක්කුමක් ඇතිවීම.
  • පුරුෂ පියයුරු පටකවල ඇති වන සංවේදීතාව හෝ වෙනස්වීම්

 

ඔබ වෘෂණ කෝෂයේ යම් ගැටිත්තක් හෝ තද කොටසක් සොයා ගන්නේ නම්, එය ගෙඩියක් දැයි සොයා ගැනීමට ඔබ වෛද්‍යවරයකු හමුවිය යුතුය. වෘෂණ කෝෂ පිළිකා ඇති පිරිමින් ඉතා සුළු පිරිසකට පමණක් මුලින් වේදනාව දැනේ.

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By