Skip to main content
-A A +A
  • English
  • සිංහල
  • தமிழ்
FAQ Gallery Videos +9411 255 5455

Search form

  • අප ගැන
  • අපගේ කාර්යයන්
    • ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සහ ආශ්‍රිත සේවා
      • පවුල් සෞඛ්‍ය මධ්‍යස්ථානය
      • සේවා ලබාදීමේ ස්ථාන
      • සායනයක් සොයන්න
    • උපදේශන
      • ආලෝකය උපදේශක මධ්‍යස්ථානය
      • Happy Life
    • තොරතුරු හා අධ්‍යාපනික
      • අපගේ ඉලක්කය
      • පුහුණු වැඩසටහන්
      • තොරතුරු මධ්‍යස්ථානය
      • චින්තන පුහුණු මධ්‍යස්ථානය
    • අධිවාචන සහ ප්‍රතිපත්ති සඳහා මැදිහත්වීම ව්‍යාපෘති සහ ව්‍යාපාර
  • අපගේ නිෂ්පාදන
  • ප්‍රකාශන
      ප්‍රකාශන වාර්ෂික වාර්තා ප්‍රතිපත්ති හා ක්‍රියාපටිපාටි අත්පොත් පොත් සහ පත්‍රිකා වාර්තා/ප්‍රකාශන The Bulletin FPA පුවත් චිත්‍රණ තොරතුරු
  • තාරුණ්‍යය
  • පුවත්
  • ඇමතුම්
      විමසීම් සායනයක් සොයන්න ස්වේච්ඡා සේවකයෙකු වන්න වෘත්තීය අවස්ථා

තොරතුරු සහ අධ්‍යාපනය

Enjoyed ?123
පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය (CSE)
  • දිවයින පුරා පාසල්වල පරිපූර්ණ ලිංගික අධ්‍යාපනික වැඩසටහන් කි්‍රයාත්මක කිරීමට උපදෙස් සැපයීම
  • උචිතවන පරිදි වයසට සරිලන විෂය නිර්දේශ සහ ගුරු දෙගුරුන් සඳහා උපදෙස් භාෂා තුනෙන්ම සකස් කිරීමට රජයට සහාය දැක්වීම
  • පාසල්වල සවිස්තරාත්මක ලිංගික අධ්‍යාපනය කි්‍රයාත්මක කිරීම සඳහා ගුරුභවතුන්ට පුහුණුව සහ හැකියා වර්ධනය ලබාදීම
  • පාසල් හැරගිය යෞවනයින් සහ තරුණ වැඩිහිටියන් සඳහා සවිස්තරාත්මක ලිංගික අධ්‍යාපනික වැඩසටහන් පැවැත්වීම සඳහා විවිධ යොවුන් වේදිකාවන් භාවිත කිරීම.

අවම මූලික සේවා පැකේජය (MISP)

අවම මූලික සේවා පැකේජය (MISP) යනු සෑම මානුෂීය අර්බුදයකදීම කි්‍රයාත්මක කිරීම සඳහා සකස්කර ඇති  ජීවිතාරක‍ෂක කි්‍රයාකාරකම් කට්ටලයකි. එය සැලසුම් කළ මාපිය භාවය පිළිබ`ද ජාත්‍යන්තර සම්මේලනය IPPF විසින් පුරෝගාමීව සකස්කළ ජාත්‍යන්තරව පිළිගත් ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳ අවම සම්මතයන් සමූහයකි. 

  1. MISP ක්‍රියාත්මක කිරීම සඳහා ආයතනයක් හ`දුනා ගැනීම
  2. ලිංගික හිංසනය වැළැක්වීම
  3. HIV සම්ප්‍රේෂණය අවම කිරීම
  4. ළදරු මරණ වැළැක්වීම
  5. සෞඛ්‍ය හා ඒකාබවද්ධ වූ පරිපූර්ණ ප්‍රජනක සෞඛ්‍ය සේවා ස`දහා සැලසුම් කිරීම

 

  • හදිසි ආපදා පුර්ව සුදානම් වීමේ සහ ප්‍රතිචාර දැක්වීමේ ප්‍රතිපත්ති සහ සැලසුම් සකස් කිරීම සහ කි්‍රයාත්මක කිරීම සඳහා රජයට සහාය වීම.
  • ප්‍රධාන පාර්ශවකරුවන්ගේ  හැකියා වර්ධනය (සන්නද්ධ හමුÞ, බිම් මට්ටමේ සෞඛ්‍ය සහ සමාජ සේවා නිලධාරීන්, දිස්ති්‍රක් මට්මේ පරිපාලකයින්, රාජ්‍ය නොවන සංවිධාන කාර්ය මණ්ඩලය වැනි). 
  • හදිසි අවස්ථා වලදී රජය සහ අනෙකුත් අÞළ නියෝජිතායතන සමග හවුල්වී අවම මූලික සේවා පැකේජය ලබාදීම.

 

ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය හා සම්බන්ධ ප්‍රචණ්ඩත්වය (SGBV)

ලිංගික සහ ස්තී්‍ර පුරුෂ සමාජභාවය හා සම්බන්ධ ප්‍රචණ්ඩත්වය යනුවෙන් හැඳින්වෙන්නේ,  සිය කැමැත්තට එරෙහිව සහ ස්තී්‍ර පුරුෂ සමාජභාවය පිළිබඳ ප්‍රතිමානයන් පදනම්කොට සහ සමාන නොවන බල සම්බන්ධයන් සහිතව පුද්ගලයෙකුට සිදුකරන අවැඩÞයක සහ වැරදිසහගත කි්‍රයාවන්ය. මෙයට ප්‍රචණ්ඩත්වය සහ බලහත්කාරකම් පිළිබඳ තර්ජනයන්ද ඇතුලත් වේ. එය ස්වභාවයෙන් කායික, චිත්තවේගී, මානසික හෝ ලිංගික විය හැකි අතර, සම්පත් ලබානොදීම හෝ සේවාවන් සඳහා අවස්ථාවන් ලබා නොදීම වැනි ආකාරයන්ගෙන්ද සිදුවිය හැකිය. එය කාන්තාවන්ට, බාලිකාවන්ට, පිරිමින්ට සහ බාලකයින්ට හානි පමුණුවයි. 

ලිංගික සහ ස්තී්‍ර පුරුෂ සමාජ භාවය හා සම්බන්ධ ප්‍රචණ්ඩත්වය  අඩු කිරීමේ රජයේ පස් අවුරුදු ක්‍රමෝපාය සැලසුම අනුව අපි ප්‍රධාන අංශ 03ක කටයුතු කරන්නෙමු. 

  • යොවුන් ගැබ්ගැනීම් අඩු කිරීම
  • අඩුවයස්/ ළමා විවාහ තුරන් කිරීම
  • ප්‍රජනන අයිතීන් පිළිබඳ දැනට පවතින නීති වලට යෝග්‍ය සංශෝධන ගෙන ඒම සඳහා අධිවාචනය කිරීම
  • ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය, සයිබර් අවකාශය (අන්තර් ජාලය) හරහා සිදුකරන අයුතු බලපෑම්/ප්‍රචණ්ඩත්වය, සේවා ස්ථානවල ලිංගික හිංසනය සහ හිංසාකාරී සාම්ප්‍රÞයික චාරිත්‍ර ඉවත් කිරීම සඳහා අවශ්‍ය නීති සවිමත් කිරීම

 

ලිංගාශි්‍රත රෝග සහ HIV නිවාරණය

2019 වනතුරු අපගේ ප්‍රධාන අවධානය යොමුවන්නේ ගෝලීය ඉලක්කයක් සපුරා ගැනීම සඳහාය. මේ සඳහා අපි පහත සඳහන් උපදෙස් සහ සේවාවන් සපයන්නෙමු: 

  • අනාරක‍ෂිත හැසිරීම් රටා වෙනස් කිරීම සඳහා සන්නිවේදන ආදර්ශනයන් භාවිතා කරමින්, ප්‍රමුඛ අවÞනම් සහිත ජන කණ්ඩායම් (කාන්තා ග‚කාවන්, සම ලිංගිකව සේවනයේ යෙදෙන පුරුෂයින්, බහුලිංගික සේවනයේ යෙදෙන පුද්ගලයින්, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්, වෙරළාසන්න ලිංගික සේවා සපයන්නන්, එච් අයි වී සම`ග ජීවත්වන පුද්ගලයින්) අතර ්‍යෂඪ ආසාදනය අඩු කිරීම.

HIV වළක්වාලීමේ සිවිල් සමාජ වැඩසටහන් නියෝජනය කරන ප්‍රධාන ප්‍රතිලාභියා ලෙස, ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය ශ්‍රී ලංකා රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙහෙයවන ජාතික HIV මර්දන වැඩසටහන සඳහා දායක වන අතර ඔවුන්ට HIV, ක්ෂයරෝගය සහ මැලේරියාව මර්දනය කිරීම සඳහා වන ගෝලීය අරමුදලෙහි (GFATM) මුල්‍ය අනුග්‍රහය ලැබේ.

සිවිල් සමාජ මූලික කරගත් වැඩසටහන් යටතේ සිදුකරන ප්‍රධාන කාර්යයන් තේමාවන් තුනක් යටතේ වර්ගකළ හැකිය. 

ප්‍රජාව දැනුවත් කිරීමේ සේවා : ඛෙහෙවින්ම අවදානම් සහිත (ප්‍රමුඛ) ජන කණ්ඩායම් හා සබඳතා ඇතිකර ගනිමින් සහ පවත්වා ගනිමින් ඔවුන්ට  HIV සහ ලිංගාශ්‍රීත රෝග පිළිබඳ දැනුම ලබා දීම සහ කොන්ඩම් භාවිතය ප්‍රචලිත කිරිම.

ප්‍රජා මූලික HIV පරීක්ෂා : ප්‍රජාව ප්‍රමාණවත් පරිදි දැනුවත් කළ පසු HIVසහ ලිංගාශ්‍රිත රෝග ආසාදනයන් සඳහා පරීක‍ෂාකර ගැනීමට සහ HIV සහ ලිංගාශ්‍රිත ආසාදනයන් ඇතිවීමේ අවදානම අඩුවන ආකාරයෙන් ඔවුන්ගේ හැසිරීම් සහ චර්යාවන් වෙනස්කර ගැනීම සඳහා  ඔවුන්ව දිරිගැන්වීමට කටයුතු කරනු ලැබේ.

ප්‍රතිකාර, රැකවරණය සහ සහාය ලබාදීම : HIV සහ ලිංගාශ්‍රිත රෝග වැළඳී ඇති බවට හඳුනාගත් පුද්ගලයින්ගේ සෞඛ්‍ය සහ පෝෂණ තත්වයන් යහපත් මට්ටමකින් පවත්වාගෙන යාමට ඔවුන්ව දිරිගන්වනු ලබන අතර ප්‍රජාවන් අතර රෝග වෛරස අවම මට්ටමක පවත්වා ගැනීමට හැකිවන පරිදි, රාජ්‍ය සෞඛ්‍ය සේවාවන්ගෙන් ලබාදෙන ප්‍රතිකාර සහ ඖෂධ අඛන්ඩව ලබාගැනීම සඳහා ඔවුන්ට දිරිදීමනා ලබාදෙනු ඇත. 

 

අවදානම් සහිත ජන කණ්ඩායම් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන දිස්ති්‍රක්ක 13 ක මෙම වැඩසටහන කි්‍රයාත්මක වේ.

 

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය අයිතීන් සැම කාන්තාවකටම සහ ප්‍රජනක හා පුරුෂයෙකුටම හිමි මුලික මානව අයිතිවාසිකමක් ලෙස ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ අපි පිළිගනිමු.

වැඩිදුර කියවන්න
ඔබ සඳහා

- සායනයක් සොයන්න

- උපදේශන

- පවුල් සෞඛ්‍ය මධ්‍යස්ථානය

- සෞඛ්‍යය තොරතුරු

- පුහුණු වන්න

සබැඳි

- අප ගැන

- අපගේ කාර්යයන්

- නිෂ්පාදන

- ප්‍රකාශන

- පුවත්

- FAQ

ඇමතුම්

37/27, බුලර්ස් පටුමග, කොළඹ 07.

+9411 255 5455

+9411 258 0915 / 255 6611

fpa@fpasrilanka.org
info@fpasrilanka.org

සඳුදා - සිකුරාදා
පෙ.ව 8.30 සිට ප.ව 4.30 දක්වා
ප්‍රසිද්ධ සහ රජයේ නිවාඩු දිනයන්හි දී වසා ඇත

කතුහිමිකම 2021 ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමය. සියළු හිමිකම් ඇවිරිනි.
බල ගැන්වීම