රෆ් රයිඩර් | The Family Planning Association of Sri Lanka
රෆ් රයිඩර්
Rs 200.00

ගැටිති සහිත කොන්ඩමයකි. උපරිම උත්තේජනයක් මඟින් උපරිම ආස්වාදයක් ගෙන දෙයි.

පවුල් සැලසුම් කොපු සම්බන්ධයෙන් ඔබ දැනගත යුතු දේ (කොන්ඩම්)

fpa

  • ආරක්‍ෂා සහිතය
  • සාර්ථක ප්‍රතිඵල අත්කර දෙයි
  • දැරිය හැකි මුදලකට ලබාගත හැකිය
  • හෝමෝන කිසිවක් අඩංගු නොවේ
  • ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන සහ එච්. අයි. වී. /ඒඩ්ස් වලින් ආරක්‍ෂා කරයි

 

කොන්ඩම් කැඩීයාමට හෝ ගැලවීයාමට තුඩුදෙන සාධක

  • නියපොතුවලින් ඇසුරුම ඉරීම.
  • දිගුවේලාවක් තුළ හෝ දැඩි ලෙස ලිංගික සංසර්ගයේ යෙදීම.
  • කුඩා පුඩුවක් වැනි කොටස තුළට වායු බුබුළු ඇතුල්වීම.
  • කොන්ඩම් නිසියාකාරව ගබඩාකර නොතිබීම.
  • තත්ත්වයෙන් බාල කොන්ඩම් වීම.

 

පුරුෂ කොන්ඩම් පිළිබඳ මිත්‍යා මත

ලිංගික සංසර්ගය තුළදී කොන්ඩම් පුපුරා යා හැකිය
නැත - කොන්ඩම් නිසි ලෙස පැළඳ ගතහොත් පුපුරා නොයයි.

කොන්ඩම් ශිෂ්ණයට ගැළපෙන ලෙස නොමැත
නැත - කොන්ඩම් නිදහස් මිනුමකින් (free size) නිපදවෙන නිසා එය ඕනෑම ශිෂ්ණයකට හොඳින් ගැලපෙයි.

කොන්ඩම් ලිංගිකව සම්ප්‍රේෂණයවන ආසාදන වලින් ඔබව ආරක්‍ෂා නොකරයි
නැත - එය එච්. අයි. වී. ඇතුළු ලිංගිකව සම්ප්‍රේෂණයවන ආසාදනවලින් ඔබව ආරක්‍ෂා කරයි.

ලිංගික සංසර්ගය තුළදී කොන්ඩම් ගැලවී යයි
නැත හොඳින් පැළැඳගතහොත් කොන්ඩමය ගැලවී නොයයි.

කොන්ඩම් සංසර්ගය තුළදී වින්දනය අඩු කරයි
නැත - ආදරය කිරීමේ සතුටට කොන්ඩමයෙහි බලපෑමක් නැත.

 

පුරුෂ කොන්ඩම් භාවිත කළ හැකි පුද්ගලයන් කවුද?

පළමු දරු උපත පමා කිරීමට, දරුවන් අතර පරතරයක් තබාගැනීමට හා අවදානම් ලිංගික හැසිරීම් සහිත පුද්ගලයන් සඳහා කොන්ඩම් පූර්ණ පවුල් සැලසුම් ක්‍රමයකි.

 

පුරුෂ කොන්ඩම් පිළිබඳ ඔබ දැනගතයුතු දේ

  • පුරුෂ කොන්ඩම් යනු සාර්ථක පවුල් සැලසුම් ක්‍රමයකි.
  • ප්‍රාණවත් වූ ශිෂ්ණයට ගැලපෙන රබර් වලින් සෑදූ කොපුවකි.

 

පුරුෂ කොන්ඩම් ක්‍රියාකරන්නේ කෙසේද?

  • එය බාධකයක් ලෙස ක්‍රියාකොට ස්ත්‍රි යෝනි මාර්ගයට ශුක්‍රාණු ඇතුල්වීම වළක්වයි.

 

එය පැළඳ ගන්නේ කෙසේද?

  • ඉරී නොයන ලෙස කොන්ඩමය ප්‍රවේශමෙන් ඇසුරුමෙන් ඉවතට ගන්න

fpa

  • වායු බුබුළු ඇතුළුවීම වැළැක්වීමට පුඩුවක හැඩැති අග කොටස මිරිකා ගන්න. කොන්ඩමයේ දාරය ශිෂ්ණයේ ඉදිරිපසට විය යුතුය.

fpa

  • කොන්ඩමය ප්‍රාණවත් වූ ශිෂ්ණය මත (අග කොටස) තබා එය ශිෂ්ණයේ මුල දක්වා දිග හරින්න.

fpa

  • ශුක්‍ර මෝචනය වූ පසු ශිෂ්ණය ප්‍රාණවත් ස්වභාවයෙන්ම යෝනි මාර්ගයෙන් ඉවතට ගන්න. ශිෂ්ණය ඉවතට ගන්නා අතරතුර එය ගැළවීයාම සහ ශුක්‍ර තරලය යෝනි මාර්ගයට වැගිරී යාම වැළැක්වීමට කොණ්ඩමයේ දාරය අතින් අල්ලා ගන්න.

fpa

  • කොන්ඩමය ශිෂ්ණයෙන් ඉවතට ගෙන ශුක්‍ර තරලය වැගිරී යාම හෝ කාන්දුවීම වැළැක්වීමට කොන්ඩමය ගැට ගසන්න. කසල බඳුනකට දමා හෝ පුළුස්සා දමන්න (වැසිකිළි බඳුනකට නොදමන්න).

 

වැදගත් :

  • කල් ඉකුත්වීමේ දිනය පරීක්‍ෂා කොට කොන්ඩමය පළුදු වී තිබේදැයි බලන්න.
  • කොන්ඩමය තුවාලවීම වැළැක්වීමට ඇසුරුමේ දැති සහිත දාරය දිගේ පමණක් ඉරන්න (ඇසුරුම විවෘත කිරීමට කවර හෝ මුවහත් උපකරණයක් හෝ දත් භාවිත නොකරන්න).
  • කොන්ඩමය දිගහැරිය යුතු වන්නේ ලිංගික කාර්යය සිදුකිරීමට යන අවස්ථාවේදී මිස ඊට පෙර නොවේ.
  • කොන්ඩමය ප්‍රාණවත් වූ ශිෂ්ණයට පමණක් පැළඳගන්න.
  • කවර හෝ යෝනි ස්පර්ශයක් වීමට ප්‍රථම කොන්ඩමය පැළැඳ ගත යුතුය (පූර්ව මෝචන තරලයෙහි ශුක්‍රාණු තිබිය හැකිය).
  • කොන්ඩමය පළුදු විය හැකි නිසා එය සමග ක්‍රීම් වර්ග හෝ තෙල් ආශ්‍රිත ලිහිසි ද්‍රව්‍ය භාවිත නොකරන්න.
  • කොන්ඩමය එක් වරක් පමණක් භාවිත කරන්න. නැවත භාවිත නොකරන්න.

 

ප්‍රතිලාභ මොනවාද?

  • ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වලින් හා එච්.අයි.වී./ඒඩ්ස් වලින් ආරක්‍ෂා කරයි.

 

  • තාවකාලික පවුල් සැලසුම් ක්‍රමයකි.

සරුභාවයට බලපෑමක් නැත.

 

  • පහසු මිලකට ලබාගතහැකි වීම.

එය සියල්ලන් සඳහා සුදුසුවන පරිදි දැරිය හැකි විවිධ මිළ ගණන් යටතේ ඉක්මනින් සහ අපහසුවෙන් තොරව ලබා ගතහැකිවන පරිදි දිවයින පුරා පවතී.

 

  • සාර්ථකත්වය

නිවැරදි ලෙස සහ අඛණ්ඩව භාවිත කිරීමෙන් 97% කට වඩා වැඩි සාර්ථකත්වයක් ලැබිය හැකිය.

 

  • තෘප්තිමත්භාවය

තෘප්තිමත් භාවය සහ ආදරය කිරීමේ කාර්ය වැඩි කිරීම සඳහා ගැටිති සහිත රසගන්වන ලද, වඩාත් තුනී කරන ලද, වඩා ඝනකම් කරන ලද සහ benzocaine වලින් සමන්විත නොයෙක් වර්ගයේ කොන්ඩම් ඇත.

 

යම් අහිතකර තත්ත්වයන් තිබේද?

රබර්වලට හෝ කොන්ඩමයේ අඩංගු ලිහිසි ද්‍රව්‍යවලට කලාතුරකින් කෙනෙකු අසාත්මික බවක් පෙන්වයි.

කොන්ඩම්

Condoms are very popular and are the only contraceptives that protect against HIV and STIs. They’re easy to use and easy to get.

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By