උපාය මාර්ගික කාර්ය රාමුව | The Family Planning Association of Sri Lanka

උපාය මාර්ගික කාර්ය රාමුව

සැලසුම් කළ මා පිය භාවය පිළිබද ජාත්‍යන්තර සම්මේලනයේ සක්‍රීය හා ප්‍රතිඵල පාදක සාමාජික සංගමයක් ලෙස ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය අභියෝග හමුවේ වඩා ශක්තිමත්ව කටයුතු කරයි. ගෝලීය උපායමාර්ගික රාමුවෙන් සිය ගමන් මගෙහි දිශානතිය ලබ‍ගෙනිමින්, 2016-2022 කාල සීමාව සඳහා අපගේ උපාය මාර්ගික සැලැස්ම සකස් කිරීම පිළිබඳ සාකච්ඡා මාලාවක් අප ආරම්භ කොට තිබේ. අපේක්ෂිත පරිදි, මෙය ස්වේච්ඡා සේවකයන් සහ කාර්ය මණ්ඩලය අතර සම්මුතිය මගින් මෙහෙයවනු ලබන ක්‍රියාදාමයක් වූ අතර අපගේ අනාගත ගමන් මග පිළිබඳව සාධනීය සංවාදයක් සඳහා අවස්ථාවක් උදා කර දෙන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස ඉලක්ක ගත ප්‍රවේශයක් සහ පැහැදිළි දිශානතියක් නිරූපණය කිරීම පිණිස අපගේ දැක්ම, මෙහෙවර සහ වටිනාකම් කෙරෙහි නැවත අවධාන‍ය යොමු කොට වැඩි දියුණු කරන ලදි.

වඩාත් වැදගත්ව, උපාය මාර්ගික සැලැස්ම සංවර්ධනය කිරීම සිදුකරන ලද්දේ, ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය හා අයිතිවාසිකම්වලට සාපේක්ෂව අප රටෙහි සංදර්භය සමීපව පිළිඹිබු වන අයුරිනි. මෙම සාකච්ඡා අතරතුරදී පැවැති මහා මැතිවරණය විසින් එවකට පැවැති තත්වයෙහි අවිනිශ්චිතතාව තීව්‍ර කරනු ලැබීය. අධිවාචන සහ සේවා මගින් අපට සාක්ෂාත් කර ගැනීමට හැකි‍ දේ, ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය හා අයිතිවාසිකම් පිළිබඳව රජයේ දෘෂ්ටිය මත සෘජුවම රඳා පවතින බව ඉතා පැහැදිළි අතර අලුතින් පත්කරනු ලැබූ අමාත්‍යාංශ සමග මේ සම්බන්ධයෙන් සුසංවාදීව කටයුතු කිරීම පිළිබඳව අපි සුබවාදීව පසුවෙන්නෙමු.

මීළඟ වසර හත තුළ අප‍ගේ උපාය මාර්ගික අරමුණු සපුරා ගැනීම පිණිස වන අපගේ සුපුරුදු කැපවීම සහ බැඳීම ගැන ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගම් කණ්ඩායම ලෙස අපි ප්‍රතිඥා දෙන්නෙමු.

ප්‍රතිඵලය 01:-;

ශ්‍රී ලංකා රජය ලිංගික සහ ප්‍රජනක අයිතිවාසිකම් සහ ස්ත්‍රි පුරුෂ සමානාත්මතාවට ගරු කොට ආරක්ෂා කරයි.

ප්‍රමුඛතා අරමුණු 01

  • තම ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍යයට අදාළ දැනුවත් තීරණ ගැනීමට හැකිවනු පිණිස තරුණ ජනතාව බලගන්වමින් සියලු තරුණ ජනතාව ඔවුන්ගේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳ දැනුවත් වන බව සහතික කිරීම.

ප්‍රමුඛතා අරමුණු 02  

  • වෙනස සඳහා කටයුතු කරන්නන් ලෙස කාන්තා සහ තරුණ නායකයන් නියුක්ත කරවීම
ප්‍රතිඵලය 02:-

 තම ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය සහ අයිතිවාසිකම් පිළිබඳව මිලියන 17.15 ක ජනතාව නිදහස් ලෙස කටයුතු කරයි.

ප්‍රමුඛතා අරමුණු 01

  • පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය වෙත ප්‍රවේශ වීමට සහ ඔවුන්ගේ ලිංගික අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීමට තරුණ ජනතාවට හැකියාව ඇති කරයි.

ප්‍රමුඛතා අරමුණු 02

  • සෞඛ්‍යය, අභිමතය සහ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම පිණිස අනුශාසකයන්, මතවාද නිර්මාපකයන් සහ සියලු මාධ්‍ය සහභාගි කරවා ගනියි.
ප්‍රතිඵලය 03:-

ගුණාත්මකබව අනුකලනය කළ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය සේවා මිලියන 6.12 ක් සපයනු ලැබේ.

ප්‍රමුඛතා අරමුණු 01

  • ගබ්සා උපදේශන සහ එච්.අයි.වී ඇතුලුව අයිතිවාසිකම් පාදක සේවා සපයයි

ප්‍රමුඛතා අරමුණු 02

  • රාජ්‍ය සහ පුද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නන් හරහා සේවා සවිබල කරයි.
ප්‍රතිඵලය 04:-

ඉහළ කාර්ය සාධනය, වගවීම සහ එක්සත් සංගමයක්

ප්‍රමුඛතා අරමුණු 01

  • මෙහෙයුම් ඵලදායීතාව ඉහළ නංවයි, සංවිධානමය ආදායම දෙගුණ කරයි.

ප්‍රමුඛතා අරමුණු 02

  • අපගේ ස්වේච්ඡා සහ ක්‍රියාධර සහයෝගිතා පදනම වර්ධනය කරයි.

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By