SPRINT මානුෂීය සහාය ව්‍යාපෘතිය - 2017 මැයි සිට සැප්තැම්බර් දක්වා | The Family Planning Association of Sri Lanka

SPRINT මානුෂීය සහාය ව්‍යාපෘතිය - 2017 මැයි සිට සැප්තැම්බර් දක්වා

ගංවතුරෙන් පීඩාවට පත් රත්නපුර, කළුතර, ගාල්ල, මාතර, කෑගල්ල හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල දී අවම ආරම්භක සේවා පැකේජය ක්‍රියාත්මක කිරීම හරහා මානුෂීය සහාය සම්පාදනය කිරීම.

අවසානයේ දී ගංවතුරට තුඩු දුන් තද වැසි නිසා දිස්ත්‍රික්ක 14ක පවුල් 52,603කට අයත් 200,382ක් ජනයා පීඩාවට පත් වූහ.  

 

ක්‍රියාකාරකම්

  • ලිංගික ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිවිපාක වැළැක්වීම හා කළමනාකරණය කිරීම - ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල දී ළමයින්, යෞවනයන් හා කාන්තාවන් ඉලක්ක කර ගත් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනය වැළැක්වීම පිළිබඳව දැනුවත් කිරීමේ ක්‍රියාකාරකම් ගණනාවක් සහ මනෝ සමාජ සහාය වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරන ලදි.
  • HIV හා STI කළමනාකරණය කිරීම හා සම්ප්‍රේෂණය වීම - HIV/STI සඳහා ප්‍රතිකාර ගත යුතු බවට මේ වන විට නිර්දේශ කෙරී ඇත් නම් ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව සහ HIV/STI වැළැක්විය හැකි ආකාරය පිළිබඳව ප්‍රජාවන් දැනුවත් කිරීමේ සැසි පවත්වන ලදි.
  • HIV/STI වැළැක්වීම ඉලක්ක කර ගනිමින් කඳවුරු අඩවි 17ක දී පීඩාවට පත් ප්‍රජාවන් සඳහා ප්‍රජනන සෞඛ්‍ය සායන පවත්වන ලදි. (එය පවත්වන ලද්දේ සියලූ SRH සේවාවන්ගෙන් සමන්විත කොට රජය විසින් පිහිටුවන ලද පොදු සෞඛ්‍ය සායනවල සහයෝගය ඇතිව ය.)
  • පමණ ඉක්මවා ඇති වන මාතෘ හා ළදරු මරණ ප්‍රමාණය හා රෝගාතුර භාවය වැළැක්වීම - ප්‍රජාවන් සඳහා මාතෘ, ළදරු හා ළමා සෞඛ්‍යය සහ පවුල් සැලසුම් සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසි පවත්වන ලදි.
  • ගැබිණි මව්වරුන්ට අවයශ්‍ය මූලික ද්‍රව්‍ය සහිත කට්ටල සහ කාන්තාවන්ට අවශ්‍ය සනීපාරක‍ෂ ද්‍රව්‍ය සහිත කට්ටල ඛෙදා දීම. 

 

http://www.ippf.org/stories/i-looked-and-saw-trees-falling-near-my-neighbours-house-hill-my-neighbours-died

http://www.ippf.org/stories/gender-based-violence-training-helping-families-openly-discuss-violence-prevention

http://www.ippf.org/stories/one-pregnant-woman-was-delivering-time-so-she-had-go-boat-dry-land

http://www.ippf.org/stories/how-attending-workshops-can-help-equip-parents-tools-talk-about-sex

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By