ශ්‍රී ලංකාවේ ගංවතුරින් සහ නායයාම්වලින් බලපෑමට ලක්වූ ප්‍ර‍දේශවලට මානුෂීය ආධාර | The Family Planning Association of Sri Lanka

ශ්‍රී ලංකාවේ ගංවතුරින් සහ නායයාම්වලින් බලපෑමට ලක්වූ ප්‍ර‍දේශවලට මානුෂීය ආධාර


 

අවම මූලික සේවා පැකේජය ක්‍රියාත්මක කිරීම මගින් කොළඹ, ගම්පහ, කෑගල්ල, පුත්තලම සහ රත්නපුර දිස්ත්‍රික්කවල මානුෂීය ආධාර - නොකඩවා ඇද හැලුණු මහ වැසි හේතුවෙන් 2016 මැයි මාසයේදී හදිසි ගංවතුර තත්වයක් සහ නායයෑම් සිදුවූ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව මිලියන භාගයට වැඩි ජනතාවක් ඉන් පීඩාවට පත්වන ලදි. සැලසුම් කළ මා පිය භාවය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයේ දකුණු ආසියානු කලාපයේ සමාජික සංගමක් වන ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංග‍මය සමග හවුල්කාරිත්වයෙන් යුතුව එම සම්මේලනය SPRINT II ව්‍යාපෘතිය 2015 දී ආරම්භ කරන ලදි. අවම මූලික ‍සේවා පැකේජ පුහුණුව පැවැත්වීම, තොග පූර්ව ස්ථානගත කිරීම හා අර්බුද අවස්ථාවකදී ලෝක සෞඛ්‍ය සංවිධානය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල යන ආයතනවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ ජාතික තාක්ෂණික කමිටුව ස්ථාපිත කිරීම වැනි පූර්ව සූදානම් මූලාරම්භ කිහිපයක් SPRINT ව්‍යාපෘතිය සිදුකර තිබේ. පූර්ව සූදානම්වීමේ ක්‍රියාකාරකම් සැලසුම් කිරීම හා උපායමාර්ග සකස් කිරීම සඳහා කමිටුව නිරන්තරයෙන් රැස්වේ. හදිසි අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ අවම මූලික ‍සේවා පැකේජ පූර්ව සුදානම සහ ධාරිතාව පිළිබඳ කඩිනම් ඇගයීමක් සිදුකිරීමට SPRINT කටයුතු සූදානම් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, රතු කුරුස සංගමය සහ ‍අනෙකුත් සිවිල් සමාජ සංවිධාන සහභාගිවූ ජාතික මට්ටමේ අවම මූලික ‍සේවා පැකේජය පිළිබඳ  සංවේදීකරණ උත්සවයකදී එහි වාර්තාව ඉදිරිපත් කරනු ලැබීය. අවම මූලික ‍සේවා පැකේජය ආපදා කළමනාකරණයේ ජාතික ප්‍රතිපත්ති හා විෂයමාලාවට ඒකාබද්ධ කිරීම සඳහා අනෙකුත් පාර්ශවකරුවන් සමග කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවුල් සංවිධාන සංග‍මයෙන් නිල ඉල්ලීමක් කරන ලදි. ඉහත කරුණ හේතුවෙන්, පළමු වතාවට, ප්‍රමුඛතා පදනමකින් අවම මූලික ‍සේවා පැකේජ සේවා සපයන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය පවුල් සංවිධාන සංග‍මයෙන් ඉල්ලා සිටින ලදි. එබැවින්, මාස හතරක කාල සීමාවක් සඳහා වඩාත්ම බලපෑමට ලක්වූ දිස්ත්‍රික්ක පහක අවම මූලික ‍සේවා පැකේජය පවුල් සංවිධාන සංග‍මය හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම්කළ මව්පියභාවය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය- SPRINT ‍යෝජනා කරන ලදි. එහිදි ඉලක්ක දිස්ත්‍රික්ක වූ‍යේ කොළඹ, ගම්පහ, කෑගල්ල, පුත්තලම සහ රත්නපුර යන දිස්ත්‍රික්කයි. එම ප්‍රතිචාරය සැලසුම්කළ මව්පියභාවය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය- SPRINT, පවුල් සංවිධාන සංග‍මය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රතුකුරුස සංගමයේ සහයෝගීතා මූලාරම්භයක් විය. එම යෝජිත ප්‍රතිචාරයට පූර්ව ප්‍රසූති, පශ්චාත් ප්‍රසූති සහ මාතෘ සත්කාරක හා එච්. අයි. වී. පරික්ෂා කිරීම් වැනි සෞඛ්‍ය සායනවල රජය සමහ සහයෝගීතාවයෙන් ප්‍රජනක සෞඛ්‍ය ‍සේවා සැපයීම ඇතුලත් වනු ඇත. එච්. අයි. වී./ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන, පවුල් සැලසුම්කිරීම, මනෝ සමාජීය සත්කාරය සහ උපකාරය පිළිබඳ දැනුවත් කිරීමේ සැසි ප්‍රජාව වෙනුවෙන් පවත්වනු ඇත. මූලික සෞඛ්‍ය උපකරණ කට්ටල/ පවුල් සැලසුම් උපකරණ බෙදාහැරීම සහ ලිංගික හා ස්ත්‍රීපුරුෂ සමාජභාවය පාදක ප්‍රචණ්ඩත්වය, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ප්‍රතිකාර සහ හදිසි අවස්ථා ප්‍රසව සත්කාරක සේවා ද සපයනු ඇත.  පවුල් සංවිධාන සංග‍මයේ කාර්ය මණ්ඩලය, ව්‍යාපෘති ස්වේච්ඡා සේවකයන්, රජයේ නිලධාරීන් සහ රතු කුරුසය ආදී සේවා සපයන්නන් සඳහා අවම මූලික ‍සේවා පැකේජය පිළිබඳ පුහුණු සැසි පවත්වනු ඇත. ගම් මට්ටමේ ආපදා ප්‍රතිචාර කණ්ඩායම් සඳහා ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ පුහුණු පවත්වනු ඇත. ඕස්ට්‍රේලියානු අරමුදල් ආධාර වැඩසටහන යටතේ, පහත සේවා සැපයීම මගින් අවම මුලික සේවා පැකේජය සැපයිම පිළිබඳව මෙම මැදිහත්වීම අවධානය යොමු කරනු ඇත.

  • ගම්පහ, කොළඹ, රත්නපුර, පුත්තලම සහ කෑගල්ල දිස්ත්‍රික්කවල අන්තර් නියෝජිතායතන කඩිනම් ඇගයිම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට සහාය වීම.
  • ලිංගික ප්‍රචණ්ඩත්වය වැළක්වීම සහ එහි ප්‍රතිවිපාක කළමනාකරණය කිරීම
  • එච්. අයි. වී. සම්ප්‍රේෂණය ඇතුළුව ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන අවම කිරීම
  • අධික මාතෘ සහ ප්‍රාග් ප්‍රසව මර්ත්‍යතාව සහ ග්ලාන්‍යය වැළැක්විම
  • අවස්ථාවෝචිතව ඉඩ සැලසෙන පරිදි, ප්‍රාථමික සෞඛ්‍ය සත්කාරය හා ඒකාබද්ධ කරන ලද පෘථුල ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සේවා සැපයීම සඳහා වැඩසටහන
  • අතිරේක ප්‍රමුඛතා - පවුල් සැලසුම පිළිබඳ දැනුවත් කිරීමේ සැසි

ගැබ් ගෙල පිළිකා, පියයුරු පිළිකා, රුධිර ග්ලුකෝස් මට්ටම සහ හිමොග්ලොබින් සඳහා පරීක්ෂාව සහ පොදු සෞඛ්‍ය පරීක්ෂාව. බුමුතුරුණු, සෙරෙප්පු, සනීපාරක්ෂක බැහැර කිරීම් සඳහා කසල බඳුන් සහ කාන්තාවන් සඳහා වැහි කබා බෙදා හැරීම.

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By