සබඳතා සහ ලිංගික සෞඛ්‍ය සඳහා ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ දර්ශනවල බලපෑම | The Family Planning Association of Sri Lanka

සබඳතා සහ ලිංගික සෞඛ්‍ය සඳහා ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ දර්ශනවල බලපෑම

ඩිජිටල් ලෝකය අපගේ ඇඟිලි තුඩුවල තිබීමත් සමඟ, ලිංගික දර්ශන සඳහා ප්‍රවේශය කිසි විටෙකත් මෙතරම් පහසුවෙන් ලබා ගත නොහැකි විය. ලිංගික දර්ශන පෞද්ගලිකව නැරඹීමෙන් කෙනෙකුගේ ලිංගික සතුටට හා ඒ පිලිබඳ ගවේෂණයට ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි වුවද, ඒවායේ පවතින අතිශයෝක්තියෙන් යුත් ස්වභාවය සහ අධික ලෙස කාමුක දර්ශන නැරඹීම තුළ දැඩි අවාසි සහගත තත්වයන් පවතියි. ලිංගික දර්ශන නැරඹීම තනි නරඹන්නන්ට පමණක් නොව ඔවුන්ගේ පෞද්ගලික සබඳතා සහ සමස්ත සමාජය කෙරෙහි සංකීර්ණ බලපෑම් ඇති කළ හැකිය.

සබඳතා කෙරෙහි ලිංගික දර්ශනවල බලපෑම

ලිංගික දර්ශන නැරඹීම සමීප සබඳතා කෙරෙහි ධනාත්මක හෝ ඍණාත්මක බලපෑම් ඇති කළ හැකිය.

සමීප සහකරුවන් ලිංගික ගවේෂණයක් සහ අධ්‍යයනයක් ලෙස තනිව හෝ එකට ලිංගික දර්ශන නැරඹිය හැකි අතර නව අදහස් ඉගෙනීමෙන් සහ ඔවුනොවුන්ගේ ලිංගික මනාපයන් අවබෝධ කර ගැනීමෙන් ප්‍රතිලාභ ලබා ගත හැකිය. අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වන්නේ නම් යුවලක් ලෙස ලිංගික දර්ශනවලට කැමති දේ සහ අකමැති දේ සාකච්ඡා කිරීමෙන් විවෘත සන්නිවේදනය දිරිමත් කළ හැකි අතර සහකරුවන් අතර වඩා හොඳ අවබෝධයක් ලබා ගත හැකිය.

එමෙන්ම, මෙම දර්ශන යථාර්ථවාදී නොවන රංගනයන් නිසා නරඹන්නන්ට හානිකර ලිංගික අපේක්ෂාවන් සහ ඔවුන්ගේ සබඳතාවලදී ක්‍රියාකාරී නොවන හැසිරීම් ඇති විය හැකිය. නරඹන්නන් සෑමවිටම ලිංගික දර්ශනවල පවතින නාට්‍යානුරුපි බව අවබෝධ කර ගැනීම වැදගත් වේ. ලිංගික චිත්‍රපටවල බොහෝ විට අවස්ථා අතිශයෝක්තියට නංවන සහ ලිංගික අත්දැකීමක් අනුකරණය කරන (රඟපාන) අතර මේ සඳහා නළු නිළියන් සම්බන්ධ වේ. මෙය සහකරුවන් අතර සැබෑ සමීපත්වය, හැඟීම්, ගෞරවය සහ සන්නිවේදනය ආදිය වෙනුවට ආදේශ කළ නොහැක. නිතර නිතර ලිංගික දර්ශන නැරඹීම ශරීර ප්‍රතිරූපය පිළිබඳ ගැටළුවලට ද තුඩු දිය හැකි අතර අධික ලෙස නැරඹීම ඇබ්බැහිවීම් වලට ද හේතු විය හැක. ඇතැම් පුද්ගලයන් යථාර්ථයට වඩා ෆැන්ටසියට කැමැත්තක් දැක්වීම සිදුවිය හැකි අතර ඔවුන්ගේ සහකරුවන් සමඟ චිත්තවේගීය සම්බන්ධතා ඇති කර ගැනීමට සහ ලිංගික සතුට අත්විඳීම පිලිබඳ අරගල කළ හැකිය. මීට අමතරව, සහකරුවන් අතර ලිංගික දර්ශන නැරඹීම පිළිබඳ විවෘත සන්නිවේදනයක් නොමැති නම් මේ පිලිබඳ රහස්‍යභාවය, විශ්වාස පිලිබඳ ගැටළු සහ විශ්වාසය බිඳ දැමීම වැනි හැඟීම් ආදියට තුඩු දිය හැකිය.

ලිංගික සෞඛ්‍යය කෙරෙහි කාමුක දර්ශනවල බලපෑම

ඉහත සඳහන් කළ පරිදි ලිංගික දර්ශන අධ්‍යාපනික අරමුණු සඳහා එනම්, කායික විද්‍යාව සහ විවිධ ලිංගික ක්‍රියා/මනාපයන් අවබෝධ කර ගැනීම සඳහා භාවිතා කළ හැක. කෙසේ වෙතත්, ලිංගික දර්ශන ලිංගික සෞඛ්‍යයට, විශේෂයෙන්ම තරුණ තරුණියන්ගේ සහ යෞවනයන්ගේ ලිංගික සෞඛ්‍යයට ඇති කරන බලපෑම පිළිබඳව කනස්සල්ලක් පවතී. එනම්, ලිංගික දර්ශන නැරඹීම මග පෙන්වීමකින් තොරව කාංසාව, වැරදි තොරතුරු, ශරීර ප්‍රතිරූපය පිළිබඳ ගැටළු සහ ලිංගිකත්වය පිළිබඳ අහිතකර අපේක්ෂාවන්ට දායක විය හැක.

ලිංගික දර්ශනවල කැමැත්ත මතභේදාත්මක විෂයයකි. ඇතැම් ලිංගික දර්ශනවල ගෞරවනීය සහ එකඟ වූ ලිංගිකත්වය නිරූපණය කරන අතර, බොහෝ ලිංගික දර්ශනවල අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ ලිංගික ක්‍රියා ඇතුළත් නොවන නමුත් ඒ වෙනුවට ප්‍රචණ්ඩකාරී හැසිරීම් සහ හානිකර ඒකාකෘති ඇතුළත් වේ. ලිංගික දර්ශනවලට ඇබ්බැහි වීම ලිංගික බෙලහීනතාවයට ද හේතු විය හැකි අතර, සැබෑ ජීවිතයේ සමීප සබඳතාවලදී ලිංගික ඉන්ද්‍රිය (ශිෂ්ණය) ක්‍රියාකාරිත්වයේ අපහසුතා සහ අඩු ලිංගික ආශාව වැනි තත්වයන් ඇති විය හැකිය.

සමබරතාවය සොයා ගැනීම

ජීවිතයේ බොහෝ දේ මෙන්, ලිංගික දර්ශන (නරඹන්නේ නම්) මධ්‍යස්ථව භාවිතා කළ යුතුය. එය අධික ලෙස හානිකර නොවිය හැකි වුවද, අධික භාවිතය සහ කාමුක දර්ශන පිළිබඳ දැනුවත්භාවය නොමැතිකම පුද්ගලයෙකුගේ ජීවිතයට සහ ඔවුන්ගේ සබඳතාවලට බරපතල ප්‍රතිවිපාක ඇති කළ හැකිය.

අවසාන වශයෙන්, ලිංගිකත්වය සහ සමීපත්වය පිළිබඳ සෞඛ්‍ය සම්පන්න ආකල්ප වර්ධනය කර ගැනීම සඳහා යථාර්ථය සහ රංගනය සමතුලිත කිරීම අවශ්‍ය වේ. සන්නිවේදනය, ගෞරවය සහ ස්වයං දැනුවත්භාවයට ප්‍රමුඛත්වය ලබාදීමෙන් පුද්ගලයන්ට තම සබඳතා සහ ලිංගික සෞඛ්‍යය තෘප්තිමත් වන බවටත්, යථාර්ථවාදී නොවන අපේක්ෂාවන්ගෙන් බලපෑමට ලක් නොවන බවටත් සහතික විය හැකිය.

ඔබ හෝ ඔබ දන්නා පුද්ගලයෙකු ඔවුන්ගේ ජීවිතයට ලිංගික දර්ශනවල බලපෑම පිළිබඳව සැලකිලිමත් වන්නේ නම් සහ ඒ පිළිබඳව සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකු සමඟ කතා කිරීමට අවශ්‍ය නම්, ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ පවුල් සෞඛ්‍ය මධ්‍යස්ථානය හෝ ආලෝකය උපදේශන මධ්‍යස්ථානය අමතන්න (+94112555455, 077 989 5252, 076 588 4881, අංක 37/27, බුලර්ස් පටුමග, කොළඹ-07)

 

Author

The Family Planning Association of Sri Lanka

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2025 | Family Planning Association All Rights Reserved
As Imagined By