ගර්භණීභාවය | The Family Planning Association of Sri Lanka

ගර්භණීභාවය

ඔබට ගැබ් ගැනීමක් සිදු වන ආකාරය පිළිබඳ කරුණු දැන ගැනීමට අවශ්‍ය විය හැක.  නැතිනම් ඔබ ගැබ්ගෙන ඇති අතර, ඔබ විසින් අනුගමනය කළයුතු වෙනත් ක්‍රියාමාර්ග පිළිබඳ වැඩිදුර තොරතුරු  අවශ්‍ය විය හැක. නැතහොත් සෞඛ්‍ය   සම්පන්න  නීරෝගී ගැබ් ගැනීමක් සිදුවන ආකාරය දැන ගැනීමට අවශ්‍ය විය හැකිය. එසේනම් ඔබ නිවැරදි  ස්ථානයට පැමිණ ඇත.

 

මෙම කොටසේ :

1. ගැබ් ගැනීමක් සිදු වන්නේ කෙසේද?

2. මානව ගැබ් ගැනීමක් සිදුවන්නේ  කෙසේද 

3. මුල් ගර්භණී අවදියේදී දැකිය හැකි ලක්ෂණ මොනවාද?

4. ගැබ් ගැනීමේ අදියර මොනවාද?

5. මාසයෙන් මාසයට ගර්භණීත්වයෙන් පසු පළමු මාසයේදී සිදුවන වෙනස්කම් මොනවාද?  

 

1. ගැබ් ගැනීමක් සිදු වන්නේ කෙසේද?

ගැබ් ගැනීම සිදුවීමට නම්, ශුක්‍රාණුවක් ඩිම්බයක්  සමග  එක්විය යුතුය.  ගැබ් ගැනීම නිල වශයෙන්  ආරම්භ වන්නේ   සංසේචනය වූ ඩිම්බයක් ගර්භාෂගේ බිත්තියට (ශ්ලේෂ්මලයට) සවි වීමෙනි.  මේ සදහා  ලිංගික සංසර්ගයෙන් පසු  සති 2 - 3 ක පමණ කාලයක් ගත වේ.

 

2. මානව ගැබ් ගැනීමක් සිදුවන්නේ  කෙසේද 

ගැබ් ගැනීම පියවර කිහිපයකින්  සමන්විත  ඉතා  සංකීර්ණ  ක්‍රියාවලියකි.  මෙම ක්‍රියාවලිය ආරම්භ වන්නේ ශුක්‍රාණු සෛල  සහ ඩිම්බයකිනි.
 
ශුක්‍රාණු යනු වෘෂණ කෝෂ වලින් නිපදවන අන්වීක්ෂීය සෛලයි. මෙම සෛල වෙනත් තරල සමග මිශ්‍ර වී, ශුක්‍ර තරලය ලෙස ශිශ්ණය හරහා පිටතට පැමිණ ශුක්‍රාණු  සෑදේ. ශුක්‍රාණු පිට කරන සෑම අවස්ථාවකම  ශුක්‍රාණු මිලියන ගණනක් පිටතට පැමිණෙන නමුත්, ගැබ් ගැනීමක් සිදු වීමේදී  ඩිම්බයක් හා සංසේචනය වන්නේ එක් ශුක්‍රාණු සෛලයක් පමණි.
 
 ඩිම්බ නිපදවනුගේ ඩිම්බ කෝෂ වල වන අතර, ඔබේ ඔසප් චක්‍රය පාලනය කරන හෝමෝන මඟින්  සෑම මසකම ඩිම්බ කිහිපයක් පරිණත වීමට හේතු වේ. ඩිම්බයක් පරිණත වූ විට එයින් අදහස් වන්නේ එය ශුක්‍රාණු සෛලයක් සමග   සංසේචනය වීමට සූදානම් බවයි. මෙම හෝමෝන මඟින් ඔබේ ගර්භාෂයේ බිත්තිය ඝන සහ ස්පොන්ජිමය බවට පත් කරන අතර එමඟින් ගැබ් ගැනීම සඳහා ඔබේ ශරීරය සූදානම් කරනු ලබයි.
 
ඔබේ ඔසප් චක්‍රයන් අර්ධයකට පමණ පසු, එක් මේරූ ඩිම්බයක් ඩිම්බකෝෂයෙන් පිට වී (මෙය ඩිම්බ මෝචනය ලෙස හැඳින්වේ) - පැලෝපීය නාලය හරහා ගර්භාෂය දෙසට ගමන් කරයි.
 
ඩිම්බය පැය 12 - 24 පමණ කාලයක් රැඳී පවතිමින්, පැලෝපීය නාලය හරහා සෙමින් චලනය වෙමින් ශුක්‍රාණුවක් අවට තිබේදැයි සොයා බලයි.
 
යෝනි මාර්ගයට ශුක්‍ර තරලය  ඇතුලු වුවහොත් ශුක්‍රාණු සෛල වලට ගැබ් ගෙල හරහා ඉහළට පිහිනා යා හැක. 
ශුක්‍රාණු සහ ගර්භාෂය එක්ව ශුක්‍රාණු පැලෝපීය නාල දෙසට ගෙන යාමට ක්‍රියා කරයි.  ඩිම්බයක් මෙම මොහොතේදී පැලෝපීය නාල හරහා ගමන් කරන්නේනම් නම් ශුක්‍රාණු සහ ඩිම්බයට එකට එකතු විය හැකිය.  ශුක්‍රාණුව මිය යාමට පෙර ඩිම්බයක් සමඟ සම්බන්ධ වීමට දින 6 ක පමණ කාලයක් ඇත.
 
ඩිම්බයක් සමඟ ශුක්‍රාණුවක් එකතු වූ විට එය ගැබ් ගැනීම ( සංසේචනය ) ලෙස හැඳින්වේ.  නමුත් ක්‍රියාවලය එසැනින් සම්පූර්ණ නොවේ.  ලිංගික සංසර්ගයෙන් පසු දින 6 ක් දක්වා ශුක්‍රාණු ඔබේ ගර්භාෂය හා පැලෝපීය නාලය තුළ රැඳී සිටිය හැකි බැවින් ලිංගික සංසර්ගය සහ ගැබ් ගැනීම අතර දින 6 ක් දක්වා කාලයක් පවතී.
 
ඩිම්බය සමඟ ශුක්‍රාණුවක් එකතු වුවහොත්, සංසේචනය  වූ ඩිම්බය පැලෝපීය නාලයෙන් ගර්භාෂය දෙසට ගමන් කරයි.  එය වැඩි වැඩියෙන් සෛල වලට බෙදීමට පටන් ගන්නා අතර එය වැඩෙන විට බෝලයක් සාදයි. මෙය බ්ලාස්ටකෝෂ්ඨය ලෙස හැඳින්වේ. සංසේචනයෙන් දින 3 - 4 කට පමණ පසු ගර්භාෂය වෙතට ගමන් කරයි.
 
බ්ලාස්ටකෝෂ්ඨය තවත් දින 2 - 3 ක් ගර්භාෂය තුළ පාවෙමින් පවතී. මෙම බ්ලාස්ටකෝෂ්ඨය ගර්භාෂ බිත්තියට සම්බන්ධ වුවහොත් එය තැන්පත් කිරීම ලෙස හඳුන්වන අතර, ගැබ් ගැනීම නිල වශයෙන් ආරම්භ වනුයේ ඉන් පසුවයි.
 
 සාමාන්‍යයෙන්  සංසේචනයෙන් දින 6 කට පමණ පසුව ගර්භාෂ බිත්තියට සවි වීමට ආරම්භ වන අතර එය සම්පූර්ණ වීමට දින 3 - 4 ක් පමණ කාලයක් ගත වේ. එමෙන්ම කළලය, කෝෂ්ඨය ඇතුළත සෛල වලින් වර්ධනය වන අතර වැදෑමහ බ්ලාස්ටකෝෂ්ඨයේ පිටත සෛල වලින් වර්ධනය වේ.
 
සංසේචනය  වූ ඩිම්බයක් ගර්භාෂය තුළ තැන්පත් කළ විට, එය ගර්භාෂ බිත්තිගේ ඝන ස්ථරය ගැලවී යාම වළක්වන ගර්භණී හෝමෝන නිකුත් කරයි. ඒ හේතුවෙන් ගර්භණී කාලය තුළ ඔසප් වීම සිදු නොවේ. ඩිම්බය ශුක්‍රාණු සමඟ එක් වීමක් සිදු නොවීනම් හෝ සංසේචනය වූ ඩිම්බයක් ඔබේ ගර්භාෂය තුළට බද්ධ නොකරන්නේ නම්, ඔබේ ගර්භාෂගේ ඝන  ස්ථරය අවශ්‍ය නොවන අතර, එය ඔසප් කාලය තුළදී ඔබේ ශරීරයෙන් පිටව යයි. සංසේචනය වූ ඩිම්බ වලින් අඩක් පමණ ස්වභාවිකවම ගර්භාෂය තුළට ඇතුළු නොවේ.ඔසප් කාලය තුළ දී ඒවා ශරීරයෙන් ඉවත් වීම සිදු වේ.
 

3. මුල් ගර්භණී අවදියේදී දැකිය හැකි ලක්ෂණ මොනවාද?

මුල් ගර්භණී අවධියේදීම බොහෝ දෙනාගේ ශාරීරික වෙනස්කම් හා රෝග ලක්‍ෂණ දකින නමුත් ඇතැම් අයට රෝග ලක්‍ෂණ නොතිබිය හැකිය.
 

  • ගර්භණීභාවයේ දැකිය හැකි පොදු සලකුණු සහ රෝග ලක්ෂණ:
  • අතපසු වූ ඔසප් චක්‍රය.
  • ඉදිමුණු හෝ සියුම් වූ පියයුරු.
  • ඔක්කාරය හා/හෝ වමනය.
  • තෙට්ටුව.
  • උදරය ඉදිමීම.
  • මලබද්ධය.
  • වෙනදාට වඩා  නිතර, නිතර මුත්‍රා කිරීම.

 
මුල් ගර්භණී ලක්‍ෂණ ඇතැම් විට වෙනත් පොදු තත්වයන් ලෙසද දැනෙන්නට පුළුවන. ( මාස්ශුද්ධියෙන් පසු ඇතිවන  සංකුලතා  වැනි)  එබැවින් ඔබ ගැබ්ගෙන ඇත්දැයි නිශ්චිතව දැන ගැනීමට ඇති එකම ක්‍රමය නම් ගර්භණී පරීක්ෂණයක් පැවැත්වීමයි.  ඔබට නිවසේදී ම ගර්භණී පරීක්ෂණයක් කරගත හැකි අතර (ඔසු  සැලකින් මිලදී ගන්නා පරීක්ෂණ කට්ටලයක් හාවිතයෙන්) නැතහොත් ඔබේ වෛද්‍යවරයාගේ කාර්යාලයෙන් හෝ ශ්‍රී ලංකා පවුල්  සංවිධාන  සංගමයේ  සායන වලින් ද ගර්භණී පරීක්ෂණයක් සිදු  කරගත හැකිය.

 

4. ගැබ් ගැනීමේ අදියර මොනවාද?

ගර්භණීභාවය  සාමාන්‍යයෙන්  සති 40 ක් පමණ පවතී.  ගර්භණී අවධිය ත්‍රෛමාසික 3 කට බෙදා ඇත.   සෑම ත්‍රෛමාසිකයක්ම  සති 13 කට වඩා මඳක් වැඩි වේ.
 සෑම ත්‍රෛමාසික කාලයක් තුළම ශරීරය බොහෝ වෙනස්කම් වලට භාජනය වනු ඇත.  ඇතැම් පුද්ගලයන්ට දැඩි අපහසුතාවයක් දැනෙන අතර ඇතැමුන්ට කිසිඳු වෙනසක් නොදැනේ.
 
පළමු මාස  3 තුළදී, බොහෝවිට ඔබගේ ශරීරයේ වෙනස්කම් රාශියක් සිදු විය හැක:

  • තෙහෙට්ටුව.
  • ඉදිමුණු හා සුමට වූ පියයුරු.
  • උදෑසන දැනෙන අපහසුතා.
  • ඇතැම් ආහාර සඳහා ඇතිවන අධික ආශාව හෝ අකමැත්ත/ රස  නොදැනීම.
  • මානසිකත්වය වෙනස් වීම. මලබද්ධය.
  • නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම.
  • හිසරදය.
  • පපුවේ දැවිල්ල.
  • බර වැඩිවීම හෝ අඩුවීම.

 
දෙවන කාර්තුවේදී මෙම රෝග ලක්‍ෂණ බොහොමයක් පහව යයි.  ඔබේ උදරය විශාල වන විට කළලය චලනය වන බව දැනෙන අතර  ඇතැම්විට ඔබට එය දැක ගත හැකිය:
 

  • ඇඟපත වේදනාව.
  • සම ඇඳුනු ලකුණු.
  • පියයුරු වල තනපුඬුව වටා අඳුරු පැහැ ගැන්වීම.
  • ඔබේ උදරයේ (බුරියේ) සිට උකුල්  ඇටය දක්වා  සමෙහි රේඛාවක් ඇතිවීම.
  • සමෙහි අඳුරැ පැහැ පැල්ලම් ඇතිවීම.
  • අත් හිරිවැටීම හෝ සංවේදන නොදැනීම. උදරය, අත්  සහ පාද වල කැසීම. වළලුකර, ඇඟිලි හෝ මුහුණ ඉදිමීම.

 
තුන්වන කාර්තුවේදී ද එම  සංකූලතා කිහිපයක්ම තවදුරටත් පැවතිය හැකිය.  එමෙන්ම පහත දෑ ද අත්විඳිය හැකිය:

  • හුස්ම ගැනීමේ අපහසුතා.
  • නිතර නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම.
  •  පියයුරු වල කොලස්ට්‍රම්  නමින් හැඳින්වෙන ජලය සහිත පෙර කිරි කාන්දු වීම.
  • උදර කුහරය පිටතට ඇදී ඒම.
  •  නිදා ගැනීමට අපහසු වීම.
  •  උදරය පෙරලීම/ තදවීම වැනි අපහසුතා

 
ඔබගේ රෝග ලක්‍ෂණ  සාමාන්‍ය යැයි ඔබට විශ්‍වාස නැත්නම්, ඔබේ වෛද්‍යවරයාට හෝ පවුල් සෞඛ්‍ය නිළධාරිනියට දැනුම් දෙන්න. නැත්නම් ශ්‍රී ලංකා පවුල්  සංවිධාන  සංගමගේ (FPA)  සායන වෙත පැමිණෙන්න

Happy Life : 076 588 4881

 

5. මාසයෙන් මාසයට ගර්භණීත්වයෙන් පසු පළමු මාසයේදී සිදුවන වෙනස්කම් මොනවාද?  

 

ගර්භණී සමයේ පළමු මාසයේ දී සිදුවන වෙනස්කම්  මොනවාද?

ගර්භණීභාවය ත්‍රෛමාසික 3 කට බෙදා ඇති අතර  සෑම ත්‍රෛමාසිකයක්ම  සති 13 ට වඩා මඳක් වැඩි ය.  පළමු මාසය පළමු ත්‍රෛමාසිකයේ ආරම්භය  සනිටුහන් කරයි.

 

ගර්භණී සමයේ දෙවන මාසයේ දී සිදුවන වෙනස්කම්  මොනවාද?

6 වන  සතිය ආරම්භයේදී බ්ලාස්ටකෝෂ්ඨය  කළලයක් බවට පත්වේ.  මෙම කළලරූපී අවධිය  සති 5 ක් පමණ පවතී.  මෙවිට සියලුම ප්‍රධාන අහ්‍යන්තර අවයව වර්ධනය වීම ආරම්භ වේ.

 

ගර්භණී  සමයේ තුන්වන මාසයේදී සිදුවන වෙනස්කම් මොනවාද?

ඔබ මාස  3 ක ගැබිණියක වන විට කළලය, භ්‍රෑණය බවට පත් වේ.  පෙකණි වැල මඟින් භ්‍රෑණය, වැදෑමහ හා ගර්භාෂ බිත්තියට  සම්බන්ධ කරයි.  බාහිර ලිංගික අවයව ද වර්ධනය වීම ආරම්භ වේ.

 

සිව්වන මාසයේදී සිදුවන වෙනස්කම් මොනවාද?

දෙවන ත්‍රෛමාසිකය ආරම්භ වන්නේ  ඔබේ ගර්භණී  සමයේ  4 වන මාසයේදී  වන අතර එය 14 වන  සතියේ දී ආරම්භ වේ.

13 - 14  සතිය තුළ කුමක් සිදුවේද?

  • කළලයට අඟල් 3 ක් (සෙන්ටිමීටර 8ක්) පමණ වූ CRL ඇත.
  • මෙම වකවානුවේදී අතිධ්වනි තරංග (Ultra sound scan) පරීක්ෂණයක් මඟින් කළලයේ බාහිර ලිංගික අවයව පරීක්ෂා කිරීමෙන්, කළලගේ ලිංගිකභාවය, බොහෝවිට දැන ගැනීමට  හැකි වේ.
  •  හිසකෙස් වර්ධනය වීමට පටන් ගනී.
  • ජීව විද්‍යාත්මක පුරුෂ කළලය තුළ පුරස්ථි ග්‍රන්ථිය වර්ධනය වීමට පටන් ගනී.
  • ජීව විද්‍යාත්මක  ස්ත්‍රී කළලගේ ඩිම්බ කෝෂ  උදරයේ සිට ශ්‍රෝණි ප්‍රදේශය දක්වා පහළට ගමන් කරයි.
  • මුඛයේ උඩු හනුව නිර්මාණය වේ.

 

ගර්භණීත්වයේස්වන මාසයේදී   කුමක් සිදුවේද?

ඔබ මාස  5 ක ගැබිණියක වන විට ඔබේ කළලයේ  සම ආරක්‍ෂා කිරීමට උපකාරී වන තෙල් සහිත ආලේපනයක්  සහ මෘදු කෙස් කළඹක් වර්ධනය කරයි.

 

ගර්භණීත්වයේ හයවන මාසයේදී   සිදුවන වෙනස්කම්  මොනවාද?

6 වන මාසයේදී ඔබේ කළලයේ රුධිර සෛල,රස අංකුර, ඇහි බැම  සහ ඇහි පිහාටු වර්ධනය වීමට පටන් ගනී.

 

ගර්භණීභාවයේ හත්වන මාසයේදී කුමක් සිදුවේද?

 ඔබේ තුන්වන ත්‍රෛමාසිකය ආරම්භ වන්නේ ඔබේ ගැබ්ගැනීමෙන් 7 වන මාසයේදී එනම් 28 වන  සතියේ ය. මෙතැන් සිට දරැ ප්‍රසූතිය සිදුවන තුරු කළලය මඟින් වැඩි වැඩියෙන්  මේදය වර්ධනය සිදු කරයි.
ඔබ මාස  7 ක ගැබිණියක වන විට ඔබේ ගර්භාෂය ප්‍රසාරණය වෙමින් පවතී.  කොන්දේ වේදනාව ඇතිවීම සාමාන්‍ය දෙයකි.

 

ගර්භණීත්වයේ අටවන මාසයේදී  කුමක් සිදුවේද?

ඔබේ ගර්භණීභාවයේ 8 වන මාසයේදී කළලය අඟල් 11 ක් පමණ දිග වන අතර lanugo (ඔබේ කළලයේ ශරීරය ආවරණය කරන සියුම්, සිනිඳු හිසකෙස් ) ගැලවී යාමට පටන් ගනී.

 

ගර්භණීත්වයේ නවවන මාසයේදී සිදුවන වෙනස්කම් මොනවාද?

ඔබ මාස  9 ක ගැබිණියක් වන විට, ඔබේ කළලයේ ඇස්  සහ තාරාමණ්ඩලය වර්‍ධනය වන අතර කළලයේ අඩංගු මේද ප්‍රමාණයද වැඩි වේ.

 

ගැබ් ගැනීමෙන් පසු දසවන මාසයේදී  කුමක් සිදුවේද?

ඔබ මාස  10 ක ගැබිණියක වන විට කළලය වර්ධනයේ අවසන අදියරට පැමිණ ඇති අතර, ප්‍රසූතිය සිදුවේ.

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By