ලෙවිස් ව්‍යාපෘතිය - 2017 දෙසැම්බර් දක්වා | The Family Planning Association of Sri Lanka

ලෙවිස් ව්‍යාපෘතිය - 2017 දෙසැම්බර් දක්වා

පහත දැක්වෙන ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කෙරිණ.

  • සාමාන්‍යයෙන් යොදා ගැනෙන ඉවත් කිරීමේ මධ්‍යස්ථානවල (එනම්, රත්නපුර හා කළුතර දිස්ත්‍රික්කවලට අයත් පාසල්/පන්සල්වල) සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කරන ලදි.
  • රත්නපුර හා කළුතර දිස්ත්‍රික්කවලට අයත් ප්‍රදේශයන්හි දී ගංවතුරෙන් හා නාය යාම්වලින් පීඩාවට පත් කුටුම්බවලට පිරිසිදු පානීය ජලය සම්පාදනය කිරීම සඳහා පහසුකම් සපයන ලදි. කළුතර හා රත්නපුර දිස්ත්‍රික්කවලට අයත් පීඩාවට පත් ප්‍රදේශවල පිහිටි ළිං 100ක් පමණ (එකක් තුන් වතාව බැගින්) පිරිසිදු කරන ලදි.
  • රට තුළ පවත්නා වඩාත් ම ගොදුරු වීමට ඉඩ ඇති දිස්ත්‍රික්කවල ප්‍රබල නවෝත්පාදක ප්‍රතිචාර යන්ත්‍රණයක් ක්‍රියාවට නංවන ලදි:

සීතාවක කාර්මික උද්‍යානය තුළ අර්ධ ස්ථීර ජංගම සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ඉදි කර ස්ථාපනය කරන ලදි. අඩි 20 බහාලූමක් තුළ වැසිකිළි හා වෛද්‍ය පහසුකම් සහිත ජංගම සායනයක් නිර්මාණය කිරීමේ වැඩ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී. සේවාවන් සම්පාදනය කිරීමේ ක්ෂණික පියවරක් ලෙස මෙම ව්‍යූහය ආපදාවෙන් පීඩාවට පත් අඩවි තුළ ස්ථාපිත කෙරෙනු ඇත.
 

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By