ජීවිතයට ආලෝකය - (2009- මේ දක්වා) | The Family Planning Association of Sri Lanka

ජීවිතයට ආලෝකය - (2009- මේ දක්වා)

 

LILI ව්‍යාපෘතිය ලෙස පොදුවේ හඳුන්වන ජීවිතයට ආලෝකය ව්‍යාපෘතිය , ආබාධ සහිත සොල්දාදුවන්, අභ්‍යන්තර ගැටුමේදී තුවාල ලැබූවන් මුහුණු පා ඇති ලිංගික හා සෞඛ්‍ය ගැටලු ආමන්ත්‍රණය කිරීම පිණිස සහ ඔවුන්ගේ ලිංගික අභිලාෂයන් සාක්ෂාත් කිරිම පිණිස ක්‍රියාත්මක කරනු ලැබිය. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය යුධ හමුදා බුද්ධි බලකාය හා සේවා වනිතා ඒකකය සමග එක්ව මෙම ව්‍යාපෘතිය පවත්වන ලදි. ශාරීරික ආබාධයන්ට ලක්වූ සෙබලුන්ට උපදේශන/ දැනුවත් කිරීමේ වැඩසටහන් සමග ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සේවා හා අයිතිවාසිකම් සැපයිම පිණිස ජංගම සෞඛ්‍ය කඳවුරු කිහිපයක් පසුගිව වසර කිහිපය මුළුල්ලෙහි පවත්වන ලදි. ශ්‍රී ලංකා ගජබා රෙජිමේන්තුව- අනුරාධපුර සේවා කඳවුර, ශ්‍රී ලංකා සේවා බලකාය- පනාගොඩ කදවුර ඇතුවව රෙජිමේන්තු 10 කට අයත් සෙබලුන් මෙම වැඩසටහන මගින් ආවරණය කරන ලදී. විශ්‍රාමික හමුදා පිරිස් මෙන්ම යුධ හමුදාව හැර ගිය පිරිස් සඳහා ද සේවා සැපයීම සදහා අද වන විට, LILI ව්‍යාපෘතිය කොටස් කිහිපයකට බෙදී පවතී. එසේම රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ හමුදා සෙබලුන්ගේ පවුල් 500 කට වැඩි සංඛ්‍යාවකට ලිංගික හා සෞඛ්‍ය දැනුවත්භාවය හා උපදේශන සේවා සැපයීම පිණිස ද වැඩ සටහන් ක්‍රියාත්මක කරනු ලබයි. මෙම සේවා ඉටු කරනු ලබනුයේ රණවිරු සේවා අධිකාරිය සමග සම්බන්ධීකරණයෙන් යුක්තවය. මේ වන විට පුනරුත්ථාපනය කර ඇති හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ට ද LILI ව්‍යාපෘතිය හරහා ලිංගික හා සෞඛ්‍ය සේවා හා උපදේශන සේවා සපයනු ලැබීය.

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By