ගෝලීය අරමුදල, ක්ෂයරෝග හා මැලේරියා මර්දන වැඩසටහන - අදියර 2 | The Family Planning Association of Sri Lanka

ගෝලීය අරමුදල, ක්ෂයරෝග හා මැලේරියා මර්දන වැඩසටහන - අදියර 2

ග්ලෝබල් ෆන්ඩ්හි එච්.අයි.වී. ප්‍රදානය ( 9වන වටය) සඳහා යෝජනාව 2008 දී ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරන ලදි. මුල් සැලැස්මට අනුව, පළමු අදියර 2010 -2012 දක්වා සහ දෙවන අදියර 2013-2015 දක්වා ලෙස ව්‍යාපෘතිය අදියර දෙකකට වෙන් කරන තිබේ.

ව්‍යාපෘති ඉලක්කය වූයේ ශ්‍රී ලංකාවේ වත්මනෙහි පවතින අඩු එච්.අයි.වී. ව්‍යාප්තිය පවත්වා ගැනීම සහ එච්.අයි.වී. ආසාදිත හා ඉන් බලපෑමට පත් ජනතාවගේ ජීවිතයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමයි. මෙහි ප්‍රධාන අරමුණු තුන වනුයේ:

  • වඩාත්ම අවදානම් ජන කොටස් සඳහා විස්තීරණ මැදිහත්වීම්වල පරිමාණය සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම
  • එච්.අයි.වී සහ ඒඩ්ස් සමග දිවි ගෙවන ජනතාව සඳහා සත්කාර, ප්‍රතිකාර සහ සහයෝගය සැපයීම
  • ව්‍යාපෘතිය සැලසුම්කිරීම හා පරිපාලනය සඳහා උපායමාර්ගික තොරතුරු උත්පාදනය සහ භාවිතය

විශේෂ අවධානය යොමු කරනුයේ කාන්තා ලිංගික සේවකයන්, පිරිමි සමග ලිංගික සබඳතා පවත්වන පිරිමින්, මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්,වෙරළාශ්‍රිතව විදේශිකයන් සඳහා සේවා සපයන්නන්, එච්.අයි.වී සමග දිවි ගෙවන ජනතාව, සිරකරුවන් සහ විදේශික සංක්‍රමණික සේවකයන් වැනි වඩා අවදානම් කාණ්ඩයට වැටෙන්නා වූ අනාරක්ෂිත ලිංගික චර්යාවන්හි යෙදෙන්නන් කෙරෙහියි. වෙරළ ළමුන් හැරුණු විට අනෙකුත් සියලු අවදානම් කණ්ඩායම් බස්නාහිර පළාතේ විශේෂයෙන්ම කොළඹ නගරයේ සංකේන්ද්‍රණය වී සිටී.

ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් අතරට උපදේශන සේවා සැපයීම, අධ්‍යාපනය, කොන්ඩම් සැපයීම මගින් ඉහළ අවදානම් කණ්ඩායම් ඒකරාශී කිරීම සහ වඩාත් වැදගත්ව අවදානම් පාත්‍ර තැනැත්තන් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සායන කරා රැගෙන යාම ඇතුළත් වේ. ක්ෂේත්‍ර මට්ටමේ ක්‍රියාකාරකම් සම්බන්ධීකරණ කොට, ලේඛන ගත කොට හා යාවත්කාලීන කොට වගවීම පිළිබඳ ග්ලෝබල් ෆන්ඩ්හි පිල් සලකුණ සපුරා ගැනීම පිණිස සුරක්ෂිත මධ්‍යගත දත්ත සමුදායකට ඇතුලත් කරනු ලැබේ.

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By