යුරෝපීය කොමිෂන් ශූරයන්ගේ ව්‍යාපෘතිය | The Family Planning Association of Sri Lanka

යුරෝපීය කොමිෂන් ශූරයන්ගේ ව්‍යාපෘතිය

ශ්‍රී ලංකවේ යුරෝපීය කොමිෂන් ශූරයන්ගේ ව්‍යාපෘතිය: ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය හා අයිතිවාසිකම් ප්‍රගතිය සඳහා ශූරයින් හා ගම්‍යතාවයක් ලබා දීම මෙම ව්‍යාපෘතියේ අපේක්ෂිත ප්‍රතිඵල පහත දැක්වෙන පරිදිය;

  • ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය හා අයිතිවාසිකම් කෙරෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හා ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වඩා ඉහළ බැඳීම.
  • ජාතිකව සහ කලාපීයව ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය හා අයිතිවාසිකම්වලට පක්ෂව දේශපාලන වෙනස්කම් සඳහා බලපෑම් කිරීම සඳහා සිවිල් සමාජ සංවිධානයන්හි ඉහළ නැංවුණු ජාල ධාරිතාව.
  • ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය හා අයිතිවාසිකම් මෙන්ම කලාපීය ව්‍යවස්ථාමය වැඩි දියුණු කිරීම් වෙනුවෙන් වැඩි දියුණු කරන ලද නීතිකරණ හා අරමුදල් සැපයීම.
  • සියලු ජනයා විසින්, විශේෂයෙන්ම වඩාත්ම කොන් කරන ලද හා අවදානම් පාත්‍ර පිරිස් විසින් ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය සේවා වැඩියෙන් ලබා ගැනීම.

මාධ්‍ය සහ තරුණ සහභාගිත්වය සමග පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ජාලයන්ට සමගාමීව සිවිල් සමාජ ජාල ගොඩනැගීම ප්‍රධාන ක්‍රියාකාරකම් ක්ෂේත්‍ර වේ.

 

වසර දෙකක කාල සීමාවක් තුළ, සිවිල් සමාජ සංවිධාන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග කටයුතු කිරීම මගින් ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංග‍මය සිය ප්‍රගතිය සනාථ කර තිබෙන අතර දිවයිනේ පරිපාලන ව්‍යුහයේ විවිධ මට්ටම්වල ප්‍රතිපත්ති සම්පාදකයන් සඳහා ක්‍රියාකාරකම් ලෙස සිවිල් සමාජ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හරහා අධිවාචනය සිදු කරනු ලබයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය හරහා අධිවාචනය යටතේ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංග‍මය කාන්තා නායිකාවන් 905 ක් සහ පිරිමි නායකයන් 400 දෙනෙකුට වැඩි පිරිසක් කරා ළඟාවී ඇති අතර එය සුවිශේෂී ජයග්‍රහණයකි.

 

මෙහි ප්‍රධාන සංරචක දෙක වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ සිවිල් සමාජ ජාල බිම් මට්ටමේදී එකිනෙකා සමග ඉතා සමීපව කටයුතු කරන අතර එමගින් එය ක්‍රියාත්මක කිරීම වඩාත් පහසු වී තිබේ.

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By