යෝනි ශ්‍රාවයන් | The Family Planning Association of Sri Lanka

යෝනි ශ්‍රාවයන්

යෝනි ශ්‍රාවයන් සාමාන්‍ය වන අතර ඔබේ යෝනි මාර්ගය තෙත්ව සහ පහසුව තබා ගැනීමට උපකාරී වෙයි.

සාමාන්‍ය වන්නේ කුමක්ද?

සාමාන්‍ය යෝනි ශ්‍රාවයන් පැහැදිලි හෝ සුදු පැහැති වේ. ඔබේ යට ඇඳුමේ එය වියළී ගිය පසු කහ පැහැයක් ගන්නා අතර මඳ දුර්ගන්ධයකින් යුක්ත වේ.

ඔබේ ඔසප් චක්‍රය පුරාම යෝනි ශ්‍රාවයන් වෙනස් වේ. වැඩි සරුභාවයකින් යුතු කාලවලදී එනම්, ඔබේ ඔසප් වීමට දින 15 කට 16 කට පෙර, වැඩි ශ්‍රාවයක් පිට වෙයි. එය ලිස්සන සුළු සහ පැහැදිලි ශ්‍රාවයකි.

ඔබේ යෝනි මාර්ගය තුළ ප්‍රයෝජනවත් ක්ෂුද්‍ර ශාඛයන් ගණනාවක් (උදා බැක්ටීරියා) තිබේ. ඒවා හානිකර ජීවින් මැඩපවත්වයි. එවායෙන් යම් ගන්ධයක් වහනය වන අතර එය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයකි. සාමාන්‍ය යෝනි ශ්‍රාවයන් දිනෙන් දින වෙනස් විය හැකිය.

මෙවන් අවස්ථාවලදී එය අධිකව පිටවේ: ශ්‍රාවය වැඩියෙන් පිටවන අවස්ථාවන්

  • ඔසප් කාලයන් අතර 
  • ඔබ අන්ත ධරාල උපාංගයක් (IUD) සහිතව සිටින විට 
  • ගැබිණි කාලය තුළ 
  • ලිංගික සංසර්ගයකින් පසුව 

අඩු ශ්‍රාවයන් සහිත අවස්ථාවන්:

  • මව් කිරිදෙන කාලවලදී 
  • ආර්තවහරණයෙන් පසුව 
  • උපත් පාලන එන්නත භාවිතා කරන විට 

සාමාන්‍ය නොවන්නේ කුමක්ද?

යෝනි ශ්‍රාවයන් සාමාන්‍ය නොවන්නේ පහත අවස්ථාවන්හිදී ය:

  • කැසීම හෝ දැවිල්ල ඇති වීම
  • අප්‍රසන්න ගන්ධයක් සහිත වීම 
  • වර්ණය වෙනස් වීම

එමෙන්ම මෙවන් අවස්ථාද අසාමාන්‍යය:

  • ඔසප් කාල අතරතුර ලේ වහනය වීම 
  • ලිංගික සංසර්ගය අපහසු හෝ වේදනා සහගත වීම 
  • යටි බඩේ වේදනාව. 

මේවායින් කුමක් වුවද ආසාදනයේ ලක්ෂණයක් විය හැකිය. ඔබ මෙයින් කුමක් හෝ දැනුන හොත් ඔබේ සෞඛ්‍ය වෘත්තිකයා අමතන්න. ඔබට ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් ඇති බව සිතන්නේ නම් මෙය ඉතා වැදගත් වේ.

ගොනෝරියා සහ ක්ලැමිඩියා වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන බොහෝ රෝගවලට රෝග ලක්ෂණ නොමැත.

කෙසේ වෙතත් සමහරුන්ට මෙවැනි දේ ඇති විය හැකිය:

  • ගන්ධයකින් යුත්, කහ පැහැති හෝ දැවිල්ල ඇති කරන  ශ්‍රාවයන් පිටවීම 
  • අසාමාන්‍ය ලෙස ලේ වහනය වීම 
  • උදරයේ වේදනාව. 
  • ලිංගික සංසර්ගයේදී වේදනාවක් දැනීම. 

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් ඇති වීමට මඳ හෝ හැකියාවක් ඇතිනම්, පරීක්ෂණයක් සඳහා පවුල් සංවිධාන සංගමය වැනි සෞඛ්‍ය වෘත්තිකයෙකු වෙත යන්න.

ඔබට 077 9552979 ඔස්සේ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය ඇමතිය හැකිය 

යෝනි ශ්‍රාවයන්ගේ වෙනස්කම් ඔබට යෝනි උල්ලෝගම් හෝ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ඇති බව පෙන්නුම් කළ හැකිය.

යෝනි මාර්ගය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පවත්වා ගැනීම සදහා:

  • ඔබේ ලිංගික ප්‍රදේශය දෛනිකව සෝදන්න 
  • ආසේක නොකරන්න 
  • මළ පහ කිරීමෙන් පසුව ඉදිරිපස සිට පසුපසට පිස දමන්න 
  • කපු යට ඇඳුම් අඳින්න 
  • සුවඳ ගැල්වූ සබන් සහ වර්ණ ගැන්වූ වැසිකිලි කඩදාසිවල රසායනිකයන් අසාත්මිකතා ඇති කළ හැකි බැවින් ඒවා භාවිතයෙන් වළකින්න. 

ඔබට යම් අපහසුවක් දැනේ නම්, කරුණාකර අපගේ ක්ෂණික ඇමතුම් අමතන්න: 077 955 2979

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳව තවදුරටත් දැනගැනීමට: https://www.fpasrilanka.org/std 


 

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By