ගැබ්ගෙල පිළිකාව යනු කුමක්ද? | The Family Planning Association of Sri Lanka

ගැබ්ගෙල පිළිකාව යනු කුමක්ද?

ගැබ්ගෙල පිළිකාව යනු  ශ්‍රී ලංකාවේ මෙන්ම සමස්ත ලෝකය පුරා කාන්තාවන් සඳහා බලපෑම් කරන  ලොව හඳුනාගත් සුලබම පිළිකා වර්ග අතරින් 4වන ස්ථානයේ පවතින පිළිකා විශේෂයකි. ගැබ්ගෙල, ගර්භාෂයට ඇතුල්වන ස්ථානයේ පිහිටා ඇති අතර දරු ප්‍රසුතියකදී දරුවාට ගර්භාෂයෙන්  පිටතට පැමිණීමට පහසුවන පරිදි ප්‍රසාරණය වේ.   

 

සමස්ත ගැබ්ගෙල පිළිකාවලින් 95%කට වඩා වැඩි ප්‍රමාණයක් හටගන්නේ  හියුමන් පැපිලෝමා වෛරසයෙන්  Human Papilloma Virus (HPV) බව සොයාගෙන ඇත. එය මුලික වශයෙන් ලිංගික සම්බන්ධතා මගින් සම්ප්‍රේෂණය වේ. බොහෝ HPV ආසාදනයන්  රෝග ලක්ෂණ ඇති නොකරන නමුත්  ඇතැම් HPV අසාදන හේතුවෙන් ලිංගික ප්‍රදේශවල ඉන්නන් ඇතිවිය හැකිය. සාමාන්‍ය අසාදන තත්වයන් 

ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ඉවත් කරනු ලබන නමුත් ඇතැම් පුද්ගලයින්ගේ ශරීරය තුල වෛරසය නොනැසී පවතින අතර ගැබ්ගෙල සෛලවල වෙනස්කම් ඇති කරයි. මෙම වෙනස්කම් පිළිකා තත්වයක් ඇතිවීමට පෙර ඇතිවන වෙනස්කම් වන අතර වසර ගණනාවකට පසුව මෙම සෛල පිළිකා සෛල බවට පත් විය හැකිය. 

 

ගැබ්ගෙල පිළිකා වලක්වාගැනීමේ උපායමාර්ග. 

 

වඩාත් බහුලව ව්‍යාප්තවන පිළිකා විශේෂයක් වුවද ගැබ්ගෙල පිළිකාව යනු ලෝකයේ ඵලදායිව වලක්වා ගතහැකි පිලිකා වර්ගවලින් එකකි. ගැබ්ගෙල පිළිකාවට එරෙහිව සටන්කලහැකි වලක්වාගැනීමේ උපායමාර්ග පහත පරිදි වේ. 

 

HPV එන්නත 

 

බොහොමයක් ගැබ්ගෙල පිළිකා හියුමන් පැපිලෝමා වෛරසය  Human Papilloma Virus (HPV) හේතුවෙන් ඇතිවන බැවින් මෙම වෛරසය පාලනය  කිරීම හරහා තරුණ ගැහැණු දරුවන්ට සහ කාන්තාවන්ට අනාගතයේදී ගැබ්ගෙල පිළිකා ඇතිවීම වළක්වා ගත හැකිය. HPV පිළිකා කාරක බලපෑම් සහිත HPV වෛරස ප්‍රබේධ අවහිර කිරීම සදහා HPV එන්නත් බොහොමයක් පවතියි. එබැවින්  ලිංගික 

ක්‍රියාවලියකට ප්‍රථමව මෙම HPV එන්නත ලබාගැනීම සුදුසු වේ. මන්දයත්, මෙම HPV වෛරස ප්‍රබේධවලින්  එකකට හෝ ඔබව නිරාවරණය වියහැකි බැවිණි. කෙසේ නමුත්, මෙම අවස්තාව වනවිටදීත් ලිංගිකව සක්‍රීයව හෝ HPV වෛරස ප්‍රබේධයකට නිරාවරණය වී ඇත්නම් HPV එන්නත ලබාගැනීම හරහා සෙසු HPV වෛරස ප්‍රබේධවලින්  ආරක්ෂාවිය හැකිය. 

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ගැබ්ගෙල පිළිකා සඳහා එන්නත වයස අවුරුදු 10-11 අතර ගැහැණු දරුවන්  සඳහා රජයේ සෞඛ්‍ය අංශය හරහා නොමිලේ ලබාදෙයි. එසේම මෙම එන්නත ඇතැම් පෞද්ගලික රෝහල්වලින්ද ලබාගත හැකි අතර එය අදාළ වෛද්‍යවරයෙකුගේ නිර්දේශය මත ලබාගත හැකිය. වයස අවුරුදු 9 සිට 14 දක්වා ළමුන් සඳහා, එන්නත් මාත්‍රා 2 ක් මාස 6 ක පරතරයකින් ලබා දෙන අතර, අවුරුදු 15 සහ ඊට වැඩි අයට, එන්නත මාත්‍රා 3 කින් ලබා දෙනු ලැබේ. 

 

පැප් පරික්ෂාව  (Pap Smear Screening) 

 

පැප් පරීක්‍ෂණය ශ්‍රී ලංකා රජයට අයත්  මාතෘ සායන (MOH)  හරහා පවත්වන  "සුවනාරි වැඩසටහන්" 

හරහා නොමිලේ සිදුකරගත හැකි අතර පෞද්ගලික අංශයේ  සෞඛ්‍ය සේවා ආයතන හරහාද සිදුකරගත 

හැකිවේ. 
HPV ජාන පරික්ෂාව (HPV DNA Screening) 
HPV ජාන පරික්ෂාව යනු ගැබ්ගෙල පිළිකාව සඳහා හේතුපාදක වූ වෛරසය පිළිබඳව සොයාබැලීමට  සිදුකරන පරීක්ෂණයකි. 
මෙය ගැබ්ගෙල පිළිකාවක පුර්ව පිළිකා සෛල පිළිබඳව කරන පරීක්ෂණයකට  වඩා  සඳහා පාදක වූ වෛරසය පිළිබඳව සොයා බලයි. HPV ජාන පරික්ෂාව සඳහා නියැදිය ලබාගැනීම 
පැප් පරීක්ෂාව හා සමාන ආකාරයකින් සිදුකරන නමුත් පැප් පරීක්ෂණය මෙන් නිතර සිදු කළ යුතු නොවේ. 
සෑම වසර 5කට වරක් මෙම පරීක්ෂාව කිරීම සඳහා සුදුසු කාලය වශයෙන් නිර්දේශ කෙරේ. 
මෙම පරික්ෂාව පෞද්ගලික අංශයේ රෝහල්වලින්  මුදල් ගෙවා සිදුකරගත හැකි අතර තෝරාගත් රජයේ 
රෝහල් හරහා නොමිලේ සිදුකරගත හැකිය.   
ගැබ්ගෙල පිළිකා වැළැක්වීම පිළිබඳ වැඩි විස්තර ලබාගැනීම සඳහා ශ්රීලංකා පවුල් සංවිධාන සංගමය (FPA 
Sri Lanka)  අමතන්න - 076 588 4881 
 
 
 
 
 
 
 

Author

The Family Planning Association of Sri Lanka

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By