UNFPA හදිසි අවස්ථා ප්‍රතිචාර ව්‍යාපෘතිය - 2017 ජනවාරි සිට දෙසැම්බර් දක්වා | The Family Planning Association of Sri Lanka

UNFPA හදිසි අවස්ථා ප්‍රතිචාර ව්‍යාපෘතිය - 2017 ජනවාරි සිට දෙසැම්බර් දක්වා

UNFPA සමග හවුල්කාරිත්වයෙන් අවධානයට ලක් වන දිස්ත්‍රික්කවල පීඩාවට පත් ප්‍රජාවන්ට සහාය වීමේ මානුෂීය මැදිහත් වීම් තව දුරටත් වර්ධනය කරන ලදි. මෙම මානුෂීය සහායට ඇතුළත් වන්නේ හදිසි අවස්ථාවක දී ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සේවා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනය වැළැක්වීම පිළිබ`ද දැනුවත් කිරීම ප්‍රමාණවත් ලෙස සම්පාදනය කෙරෙන බව සහතික කිරීම යි. ජංගම සායන ඇති කිරීම, ජීවත් වීම සඳහා සුරක්ෂිත අවකාශ/ප්‍රදේශ ස්ථාපනය කිරීම, යොමු කිරීමේ ක්‍රම තහවුරු කිරීම, කාර්ය සම්පාදනය, ප්‍රසම්පාදන විශේෂඥතාව යනාදිය මීට ඇතුළත් ය.

FPA ශ්‍රී ලංකා ආයතනය ද මෙම හදිසි අවස්ථා ප්‍රතිචාරයේ කොටසක් ලෙස ගරුත්ව හා මාතෘ කට්ටල ඛෙදා දීම, ප්‍රජනන සෞඛ්‍ය සායන පැවැත්වීම හා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කර ගත් ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ සැසි පැවැත්වීම යන කටයුතුවල නිරත විය.

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By