ස්ප්‍රින්ට්(SPRINT) ව්‍යාපෘතිය | The Family Planning Association of Sri Lanka

ස්ප්‍රින්ට්(SPRINT) ව්‍යාපෘතිය

ස්ප්‍රින්ට් ව්‍යාපෘතිය  සැලසුම් කරන ලද්දේ හදිසි ආපාදාවක ආරම්භක අවස්ථාවේදි ක්‍රියාවට නැංවිය යුතු ප්‍රමුඛතා ක්‍රියාකාරකම් මාලාවක් වන ප්‍රජනක සෞඛ්‍යය සඳහා අවම මුලික සේවා පැකේජය ක්‍රියාත්මක කිරීමේදි ඇතිවන අඩුපාඩු පිළිබඳව කටයුතු කිරීම පිණිසය. එම අඩුපාඩු හඳුනාගනු ලැබූයේ අනාථයන්, අභ්‍යන්තරිකව අවතැන්වූ ජනයා සහ හදිසි ආපාදාවකදි බලපෑමට ලක්වූ අනෙකුත් පිරිස් සඳහා ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය ගැටලුවලට පිළියම් යෙදීම පිළිබඳව මාර්ගෝපදේශ සකස් කිරීම පිණිස 1995 දී පිහිටුවනු ලැබූ අර්බුදකාරි අවස්ථාවන්හි ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබද අන්තර් නියෝජිතායන ක්‍රියාකාරී කණ්ඩායම විසින් 2004 දී සිදුකරනු ලැබූ ගෝලීය ඇගයීමකදීය. ආපදා සහ ගැටුම් හටගන්නා අවස්ථාවන්හිදි බොහෝ විට අමතක වන මානූෂීය උපකාරයේ වඩාත් වැදගත් අංගයක් ස්ප්‍රින්ට් මූලාරම්භය සපයයි.  සේවාවන් වඩාත්ම අවශ්‍ය වන එහෙත් ප්‍රමුඛ මානුෂීය ප්‍රතිචාරකයන් විසින් එම සේවා ප්‍රුමුඛතා ගත කොට හෝ හඳුනාගෙන නොමැති විටදී, අර්බුදකාරි තත්වයන්හිදී අවස්ථාවන්හිදී කාන්තාවන්, පිරිමින් සහ ළමුන් සඳහා අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශය සහතික කරමින් ස්ප්‍රින්ට් ගැහැණු ළමුන් සහ කාන්තාවන් සඳහා ප්‍රායෝගික විසඳුම් සපයයි, ගර්භණීභාවය, දරු උපත්, ප්‍රජනක සෞඛ්‍ය හා ස්ත්‍රී දූෂණ හා ප්‍රචණ්ඩත්වයේ පසුවිපාක පිළිබදව කටයුතු කිරීමට මානුෂිය සේවකයන් පුහුණු කරයි. එවැනි අවශ්‍යතාවන් සඳහා ක්ෂේත්‍ර ප්‍රතිචාර ලෙස ආපදා මානුෂීය වැඩසටහන් සහතික කිරීම සඳහා කටයුතු කිරීමට අමතරව අර්බුදයන්හිදී ලිංගික හා ප්‍රජනක සේවා සැපයීම පිණිස දැනුවත්බව ඇතිකිරීම, සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සහ ධාරිතා ගොඩනැංවීම සඳහා කටයුතු කරමින් ස්ප්‍රින්ට් දේශපාලන ක්‍රියාදාමයන්හි නිරත වෙයි. ස්ප්‍රින්ට් මූලාරම්භයේ හරය වනුයේ ජීවිත ගලවා ගැනීමයි. ස්ප්‍රින්ට් මූලාරම්භය සඳහා අරමුදල් සපයනුයේ ඕස්ට්‍රේලියානු රජය යටතේ විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුව වන අතර සැලසුම් කළ මව්පියභාවය පිළිබඳ අන්තර්ජාතික සම්මේලනය විසින් කළමනාකරණය කරනු ලබයි.   ඉලක්ක අවම මූලික සේවා පැකේජයේ අරමුණ වනුයේ හදිසි ආපදාවන්හිදී ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම පිණිස එකඟවූ ප්‍රවේශ හා මාර්ගෝපදේශ මාලාවක් යොදා ගනිමින් සපයනු ලබන සායනික මැදිහත්වීම් මාලාවක් ආදේශ කිරීම මගින් මර්ත්‍යතාව, රෝගී තත්ත්වය සහ ආබාධිතබව අඩුකිරීමයි.අවශ්‍යතා හා හිදැස් අර්බුදයන්හිදි ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය සඳහා අවශ්‍යතාව අනුමත කරන්නා වූ විස්තීරණ අන්තර්ජාතික රාමුවක් පවතින අතර අවම මූලික සේවා පැකේජය ජාත්‍යන්තරව පිළිගත් අවම සත්කාරක මට්ටම වේ. අනතුරු සහිත අවස්ථාවන්හිදි, පුහුණු සෞඛ්‍ය සේවකයන් හා තීරණාත්මක ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සේවා සපුරාලීම සඳහා අවශ්‍ය සේවා පැවැතීම සහතික කිරීම පිණිස තව බොහෝ දෑ කළ යුතුව තිබේ. මෙම අවශ්‍යතා හා හිදැස් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ස්ප්‍රින්ට් පෙරමුණේ සිටියි. ස්ප්‍රින්ට් කටයුතු කරන ආකාරය ස්ප්‍රින්ට් මුලාරම්භයේ ක්‍රියාකාරකම් ඉටු කරනු ලබනුයේ සැලසුම් කළ මව්පියභාවය පිළිබඳ අන්තර්ජාතික සම්මේලනයේ සාමාජික සංගම්, සෞඛ්‍ය අමාත්‍යාංශය, අන්තර්ජාතික හා දේශීය සහන සංවිධාන මෙන්ම එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන විසිනි. අනෙකුත් කලාප හා එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල සමග හවුල්කාරිත්වයෙන් යුතුව මෙම මූලාරම්භය සම්බන්ධීකරණය කරනු ලබනුයේ කලාපීය කාර්යාලයේ ලේකම් කාර්යාලයක් හරහා අන්තර්ජාතික හා දේශීය සහන සංවිධාන විසිනි. මානුෂීය අර්බුදයක් සිදුවූ වහාම සාර්ථකව ක්‍රියාවට නැංවූ විටදී, අවම මූලික ‍සේවා පැ‍‍කේජයෙහි විග්‍රහ කර ඇති ලිංගික හා ප්‍රජනක සේවා, අර්බුදයෙන් පීඩාවට පත්වූවන්ගේ ජීවිතය සහ මරණය ‍හෝ ආබාධිතබව අතර කරුණක් විය හැකිය.

අරමුණු - ශ්‍රී ලංකාවෙහි ස්ප්‍රින්ට් ක්‍රියාත්මක කිරීම (2015 අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා- මූලික අදියර) 

  1. උපාය මාර්ග සහ/හෝ ප්‍රතිපත්ති තුළ අවම මූලික ‍සේවා පැ‍‍කේජය අන්තර්ගත කිරීම සඳහා, එක්සත් ජාතීන්ගේ ‍නියේජිතායතන, ජාතික හා අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන වැනි මානුෂීය ප්‍රතිචාර හා ක්‍රියාමාර්ග සඳහා වන ප්‍රමුඛ ආයතනයන්හි සහභාගිවන්නන් සහ ආපදා අවදානම් අවම කිරීම හදිසි සහ ආපදා පූර්ව සුදානම සඳහා රජයේ පාර්ශවකරුවන් සමග උද්දේශන රැස්වීම් පැවැත්වීම.
  2. මානුෂීය පසුබිමක් තුළ අවම මූලික ‍සේවා පැ‍‍කේජය ක්‍රියාත්මක කිරීම සම්බන්ධීකරණය සඳහා ජාතික ධාරිතාව ඉහළ නැංවීම පිණිස, ව්‍යාපෘති කාල සීමාව තුළ අවම මූලික ‍සේවා පැ‍‍කේජය පිළිබඳ ජාතික මට්ට‍මේ වැඩමුළුවක් පැවැත්වීමට ද යෝජනා කෙරේ.
  3. ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සහ අවම මූලික ‍සේවා පැ‍‍කේජය ක්‍රියාත්මක කිරීමේ තත්වය පිළිබඳව රටෙහි ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය අවස්ථාබද්ධ ඇගයීමක් පවත්වන්න.
  4. ආපදා පූර්ව සූදානම යටතේ, ස්ප්‍රින්ට් හි එක් ප්‍රධාන සංරචකයක් ලෙස මහජන සෞඛ්‍ය වෘත්තිකයන්, වෛද්‍යවරුන් සහ හෙදියන්ගේ විෂයමාලාවට අවම මූලික සේවා පැකේජය අන්තර්ගත කිරීමට සැලසුම් කරනු ලැබේ. එබැවින් ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය රැස්වීම් පවත්වා විෂයමාලාව කෙටුම්පත් කිරීමට පහසුකම් සපයනු ඇත.

ඉහත කරුණු සම්බන්ධයෙන් ගත් කළ, 2016 ජූලි වන විට අපට සාක්ෂාත් කර ගැනීමට හැකිවූයේ අරමුණ අංක 3 පමණක් වන අතර අනෙක්වා මෙතෙක් ක්‍රියාවට නංවා නොමැත. ( 2016 සැප්තැම්බර් 30 වන විට)

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By