SPRINT III ව්‍යාපෘතිය - 2017 ජුලි සිට දෙසැම්බර් දක්වා | The Family Planning Association of Sri Lanka

SPRINT III ව්‍යාපෘතිය - 2017 ජුලි සිට දෙසැම්බර් දක්වා

ක්‍රියාත්මක කරන ලද ක්‍රියාකාරකම්:

  • FPA ශ්‍රී ලංකා ආයතනයේ ඔන්ලයින් නිරීක්ෂණ හා ඇගයීම් පද්ධතියට (MEIMS) අනුකූල බව සහතික කළ හැකි නිරීක්ෂණ හා ඇගයීම් සැලැස්මක් සකස් කිරීම සහ පූර්ණ ව්‍යාපෘති වාර්තා, ක්‍රියාකාරකම් වාර්තා යනාදිය සකස් කරමින් ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රවේශ වීමට එමගින් IPPF මානුෂීය මධ්‍යස්ථානයට හැකියාව ලබා දීම.
  • ජාතික හා පළාත් මට්ටමේ සංවාද මණ්ඩපයන්ට සහභාගි වී හදිසි අවස්ථාවල දී සේවාවන් සම්පාදනය කරන විට SRH ඒකාබද්ධ කර ගැනීම සඳහා තීරණ ගන්නන් සංවේදී කිරීම.
  • සාක්ෂි ගොඩ නැගීමේ ක්‍රියාවලියක් සඳහා මුල පුරන ලැබ මේ වන විට MISP ආයතනයේ ජාතික හා උපජාතික මට්ටමේ ප්‍රතිපත්ති, ක්‍රමෝපායන් හා ක්‍රියාත්මක කිරීමේ සැලසුම් පිළිබඳව කාර්යාලයීය සමාලෝචනයක් සිදු වෙමින් පැවතීම.

 

FPA ශ්‍රී ලංකා යනු හදිසි අවස්ථාවල දී ජාතික ඨඊඪ ක්‍රමෝපායාත්මක සැලැස්ම ක්‍රියාත්මක කරන විට GBV ආශ්‍රිත වෙනස්කම් සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුවේ සාමාජිකයෙකි.

  • ජාතික අර්බුදයක දී පළමුව ප්‍රතිචාර දක්වන්නන්ගේ හැකියාවන් ගොඩ නැගීම සඳහා තාක්ෂණික සහාය සම්පාදනය කිරීම. ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය බලකාය, නාවික හමුදාව හා ගුවන් හමුදාව සඳහා පුහුණු පවත්වන ලදි.
  • විශ්වවිද්‍යාලයීය විෂය මාලාවන් තුළ MISP ප්‍රධාන ප්‍රවාහයට එක් කිරීම සඳහා සැලසුම් සකස් කෙරෙමින් පැවතීම. කොළඹ, පේරාදෙණිය හා කැලණිය විශ්වවිද්‍යාල තුළ වැඩමුළු පැවැත්වීමට නියමිත ය.

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By