සෞඛ්ය සම්පන්න ආහාර වේලක් යනු ආහාර ලබා ගැනීම පමණක් නොවේ. පෝෂණය මගින් ඔබේ ශක්තිය, මානසික පැවැත්ම, ශාරීරික වර්ධනය සහ සමස්ත යහපැවැත්ම උදෙසා කෙරෙන බලපෑමයි. නව යොවුන් වියේදී සහ තරුණ වියේදී ශරීරය මෙන්ම මොළය වර්ධනය වෙමින් පවතින බැවින් අවධානය, ශක්තිය, චිත්තවේග පාලනය කර ගැනීම සහ නිරෝගී වර්ධනය සඳහා මනා පෝෂණයක් ලබා ගැනීම අතිශය වැදගත් වේ.
1. සෞඛ්ය සම්පන්න ආහාර වේලක් යනු කුමක්ද?
සෞඛ්ය සම්පන්න ආහාර වේලක් යනු ශරීරයේ නිසි ක්රියාකාරීත්වයට අවශ්ය පෝෂ්ය පදාර්ථ ලබා දෙන විවිධ වර්ගයේ ගුණාත්මක ආහාර තෝරා ගැනීමයි. දැඩි ආහාර පාලනයක් හෝ ඇතැම් ආහාර වර්ග භාවිතය සම්පූර්ණයෙන්ම නතර කිරීමක් නොවන අතර ශාරීරික හා මානසික යහපැවැත්ම තහවුරු කරන සමබරතාවය, විවිධත්වය සුරකිමින් නිසි වේලාවට ආහාර ලබා ගැනීමයි.
2. තරුණ පරපුරට සෞඛ්ය සම්පන්න ආහාර වේලක් වැදගත් වන්නේ ඇයි?
සෞඛ්ය සම්පන්න ආහාර වේලක් මගින් ශරීර වර්ධනය, මොළයේ වර්ධනය, රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව සහ ශරීර ශක්ති මට්ටම ඉහළ නංවයි. එමෙන්ම, වේගවත් ශාරීරික හා මානසික වෙනස්කම් සිදුවන මෙම අවධියේදී, අධ්යාපන කටයුතු සඳහා අවධානය යොමු කිරීමට, මානසික ස්ථාවරත්වයට සහ සමස්ත සෞඛ්යය පවත්වා ගැනීමට එය උපකාරී වේ.
3. ආහාර මගින් ශරීර ශක්ති මට්ටමට බලපෑම් කරන්නේ කෙසේද?
ශරීරය ක්රියාත්මක කිරීමට අවශ්ය ඉන්ධන සැපයෙන්නේ ආහාර මගිනි. සමබර ආහාර වේලක් මගින් ශරීරය දවස පුරා එක හා සමාන ශක්ති මට්ටමක් පවත්වා ගැනීමට උපකාරී වේ. ප්රධාන ආහාර වේල් මගහැරීම හෝ අධික ලෙස සීනි සහිත සහ සකස්කළ ආහාර භාවිතය නිසා තෙහෙට්ටුව, අවධානය යොමු කිරීමේ අපහසුව සහ උද්යෝගය අඩුවීම සිදු විය හැක.
4. ආහාර මගින් ඔබගේ මානසිකත්වයට සහ හැඟීම්වලට බලපෑම් කළ හැකිද?
ඔව්. මොළයේ නිසි ක්රියාකාරීත්වය සඳහා සුදුසු පෝෂ්ය පදාර්ථ අත්යවශ්ය වන අතර නිසි වේලාවට ලබා ගන්නා සමබර ආහාර වේලක් මගින් මානසික පැවැත්ම යහපත් කිරීමටත්, කෝපයට පත්වීම අවම කිරීමටත් උපකාරී වේ. පෝෂණයෙන් තොර හෝ අක්රමවත් ලෙස ආහාර ගැනීම නිසා කනස්සල්ල, මානසික පීඩනය හෝ වෙහෙසකාරී බව ඇති විය හැක.
5. සමබර ආහාර වේලක් යනු කුමක්ද
සමබර ආහාර වේලකට පහත සඳහන් දෑ ඇතුළත් වේ,
6. නිතිපතා ආහාර වේල් මග හැරීමෙන් සිදුවන්නේ කුමක්ද?
ආහාර වේල් මග හැරීම නිසා ශක්තිය අඩුවීම, අවධානය යොමු කිරීමට අපහසු වීම, මානසික වෙනස්කම් ඇතිවීම සහ පසු කාලීනව අධික ලෙස ආහාර ගැනීමට පෙළඹීම සිදුවිය හැක. එමෙන්ම මෙම තත්ත්වය ශරීරයේ පරිවෘත්තීය ක්රියාවලියට සහ සමස්ත සෞඛ්යයට බලපෑම් ඇති කරයි. නිසි වේලාවට ආහාර ගැනීම මගින් ශාරීරික හා මානසික ස්ථාවරත්වය පවත්වා ගැනීමට උපකාරී වේ.
7. සෞඛ්ය සම්පන්න ආහාර වේලක් ශරීර වර්ධනයට උපකාරී වන්නේ කෙසේද?
විශේෂයෙන්ම නව යොවුන් වියේ වර්ධන අවධීන්හිදී සෞඛ්ය සම්පන්න ආහාර මගින් ලබා දෙන ප්රෝටීන්, කැල්සියම්, යකඩ සහ විටමින් වැනි පෝෂ්ය පදාර්ථ හරහා අස්ථිවල ශක්තිමත්භාවය, පටක වර්ධනය සහ හෝමෝන සමබරතාවය තහවුරු කරයි.
8. යකඩ (Iron) යනු කුමක්ද? එය වැදගත් වන්නේ ඇයි?
යකඩ යනු රුධිරයේ ඔක්සිජන් ගෙන යන හිමොග්ලොබින් නිෂ්පාදනයට උපකාරී වන ඛනිජ ලවණයකි. එය ශක්තිය නිපදවීමට, මොළයේ ක්රියාකාරීත්වයට සහ ශාරීරික වර්ධනයට උපකාරී වේ. ශරීරයේ යකඩ මට්ටම අඩුවීම නිසා අධික තෙහෙට්ටුව, දුර්වලබව, ක්ලාන්ත ස්වභාවය සහ මානසික මන්දගාමී බව ඇතිවිය හැක
9. ගැහැණු ළමයින් යකඩ ඌනතාවයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇත්තේ ඇයි?
ඔසප් වීමේදී සිදුවන රුධිර වහනය හේතුවෙන් ගැහැණු ළමුන් සහ යොවුන් වියේ පසුවන කාන්තාවන් යකඩ ඌනතාවයට ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතී. ශරීරයට ප්රමාණවත් තරම් යකඩ නොලැබෙන්නේ නම් අහිමි වූ යකඩ ප්රමාණය නැවත ලබා ගැනීම සඳහා ශරීරය අපොහොසත් වන අතර එමගින් අධික වෙහෙස සහ ශක්තිය අඩුවීම සිදු වේ.
10. යකඩ බහුල ලෙස අඩංගු ආහාර මොනවාද?
සිට්රස් කුලයේ (ඇඹුල් සහිත) පළතුරු වැනි විටමින් සී අඩංගු ආහාර ලබා ගන්නා විට ශරීරයට යකඩ අවශෝෂණය කර ගැනීමේ හැකියාව ඉහළ යයි.
11. යකඩ ඌනතාවයේ ලක්ෂණ මොනවාද?
12. යකඩ ඌනතාවය හෝ පෝෂණ ගැටලු සඳහා උපදෙස් ලබාගත යුත්තේ කෙසේද?
යම්කිසි පුද්ගලයෙකු දිගින් දිගටම තෙහෙට්ටුව, දුර්වල බව, ක්ලාන්ත ස්වභාවය, අවධානය යොමු කිරීමේ අපහසුව හෝ ශක්ති මට්ටමේ පැහැදිලි අඩුවීමක් අත්විඳින්නේ නම්, එය යකඩ ඌනතාවයට හෝ වෙනත් පෝෂණ ගැටලුවකට සම්බන්ධ විය හැකිය. මෙම රෝග ලක්ෂණ දිගින් දිගටම පවතින්නේ නම් ඒවා පිළිබඳව සැලකිලිමත්වීම අත්යවශ්ය වේ.
එබැවින්, සුදුසුකම්ලත් සෞඛ්ය වෘත්තිකයෙකු හෝ පෝෂණවේදියෙකු විසින් කරනු ලබන පුද්ගලික ඇගයීම මත පදනම්ව පෝෂණ උපදෙස්, ආහාර සැලසුම්කරණය හෝ අවශ්ය නම් වෛද්ය පෝෂණ අතිරේක (Medical supplements) ලබා දීම ඇතුළත් වෘත්තීය මගපෙන්වීම් හරහා පෝෂණීය ගැටලු නිසි ලෙස තක්සේරු කර කළමනාකරණය කරගත හැකිය.
ශ්රී ලංකා පවුල් සංවිධාන සංගමයේ (FPA Sri Lanka) පහත සේවාවන් මගින් මේ සඳහා මගපෙන්වීම සහ මගපෙන්වීම් ලබාගත හැකි අතර ඔබගේ තොරතුරුවල රහස්යභාවය සුරැකීමට අපි බැඳී සිටිමු.
077 955 2979 - බ්ලූම් වෛද්ය සායනයේ (Bloom Medical Clinic)
076 588 4881 / 076 588 4882 – Happy Life ඇමතුම් මධ්යස්ථානය (දුරකථන ඇමතුම් හෝ WhatsApp මගින් සම්බන්ධවිය හැකිය)