ශ්‍රී ලංකාවේ විශ්ව වාරික සමාලෝචනය-2017 ට සහාය දැක්වීම | The Family Planning Association of Sri Lanka

ශ්‍රී ලංකාවේ විශ්ව වාරික සමාලෝචනය-2017 ට සහාය දැක්වීම

ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යයට අදාළව විශ්ව වාරික සමාලෝචන ක්‍රියාදාමයට සහාය දැක්වීම පිණිස කුඩා ප්‍රදාන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදි. විශ්ව වාරික සමාලෝචනය එක්සත් ජාතීන්ගේ සියලු සාමාජික රටවල මානව හිමිකම් වාර්තා සමාලෝචනය කිරීම සිදුකරන්නා වූ සුවිශේෂී ක්‍රියාදාමයකි. මානව හිමිකම් කවුන්සිලයේ අධීක්ෂණය යටතේ තම රටවල මානව හිමිකම් තත්වය වැඩි දියුණු කිරීම සඳහා සහ මානව හිමිකම් බැඳීම් ඉටු කරලීමට ගෙන ඇත්තේ කවර ක්‍රියාමාර්ගදැයි ප්‍රකාශ කිරීමට එක් එක් රාජ්‍යයට අවස්ථාව සපයන විශ්ව වාරික සමාලෝචනය රාජ්‍යය මගින් මෙහෙ‍යවනු ලබන ක්‍රියාදාමයකි. කවුන්සිලයේ එක් ප්‍රධාන වැඩසටහනක් ලෙස විශ්ව වාරික සමාලෝචනය සැලසුම් කරනු ලැබ ඇත්තේ මානව අයිතිවාසිකම් තත්වය අගයනු ලැබීමේදී සෑම රටක් සඳහාම සමාන ලෙස සැලකීම සහතික කරනු පිණිසය. එය සහයෝගී ක්‍රියාදාමයක් වන අතර 2011 ඔක්තෝබර් වන විට හා වත්මනෙහි මේ ආකාරයේ විශ්වීය යාන්ත්‍රණයක් නොපවතී. සියලු මානව හිමිකම් සහ නන් වැදෑරුම් මූලික නිදහස සඳහා තම පූර්ණ ගරු කිරීම සඳහා තම වගකීම රාජ්‍යයන්ට සිහිපත් කර දෙන විශ්ව වාරික සමාලෝචනය කවුන්සි‍ලයේ එක් මුඛ්‍යාංගයකි.
සමාලෝචනයේ අරමුණු වනුයේ:

 

  1. මානව හිමිකම් තත්වය වැඩි දියුණු කිරීම.
  2. Tරාජ්‍යයේ මානව හිමිකම් බැඳීම් සහ වගකීම් සපුරාලීම සහ ධනාත්මක වර්ධන හා රාජ්‍යය මුහුණ පා ඇති අභියෝග ඇගයීම.
  3. අදාළ රාජ්‍යය විමසා සහ එහි කැමැත්ත සහිතව රාජ්‍යයේ ධාරිතාව සහ තාක්ෂණික සහාය ඉවැඩිකිරීම.
  4. රාජ්‍යයන් සහ අනෙකුත් පාර්ශවයන් අතර යහපත් පරිචයන් බෙදා හදා ගැනීම.
  5. මානව හිමිකම් ප්‍රවර්ධනයේදී හා ආරක්ෂා කිරීමේදී සහයෝගිතාව සඳහා සහායවීම.
  6. කවුන්සිලය, අනෙකුත් මානව හිමිකම් ආයතන සහ එක්සත් ජාතීන්ගේ මානව කොමසාරිස් කාර්යාලය සමග පූර්ණ සහයෝගිතාව සහ නියුක්තිකරණය දිරිගැන්වීම.
  7. මානව හිමිකම් කොමිෂන් සභාවේ මැතිවරණ සඳහා (මෙහි මින් මතු “කවුන්සිලය” යනුවෙන් හඳුන්වනු ලබන) සිය අපේක්ෂකත්වය ඉදිරිපත් කිරීමේදී ලබා දුන් ඒවා ඇතුළුව රාජ්‍යයන් විසින් ලබාදුන් ස්වේච්ඡා ප්‍රතිඥා සහ බැදීම් ඉටු කිරීම.

ස්ත්‍රී පුරුෂ සමාජභාවී පර්යාලෝකයක් පූර්ණව ඒකාබද්ධ කිරීම සහ රාජ්‍ය නොවන සංවිධාන සහ ජාතික මානව හිමිකම් ආයතන ඇතුළුව අදාළ සියලු පාර්ශවකරුවන්ගේ සහභාගිත්වය සහතික කිරීම අපේක්ෂා කරනු ලැබේ.
සමාලෝචනය පාදකව ඇත්තේ:

  1. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය
  2. විශ්ව මානව හිමිකම් ප්‍රකාශනය
  3. රාජ්‍යය පාර්ශවයක් වන මානව හිමිකම් සාධන පත්‍ර
  4. මානව හිමිකම් කොමිෂන් සභාවේ මැතිවරණ සඳහා සිය අපේක්ෂකත්වය ඉදිරිපත් කිරීමේදී ලබා දුන් ඒවා ඇතුළුව රාජ්‍යයන් විසින් ලබාදුන් ස්වේච්ඡා ප්‍රතිඥා සහ බැදීම්
  5. අදාළකර ගත යුතු ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By