ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය ගතකිරීම (2007-2012) | The Family Planning Association of Sri Lanka

ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය ගතකිරීම (2007-2012)

නාගතය සඳහා වඩා හොඳින් සූදානම් කරනු පිණිස බාල දක්ෂිකාවන් හා ඔවුන්ගේ සම වයස් කණ්ඩායම්හි තරුණ පිරිස් අතර ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම පිණිස 2007 වසරේදී, ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය සමග අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදි. සංවිධාන දෙකෙහිම හවුල්කාරිත්වයෙන් යුතුව, අවුරුදු 10-16 (බාල දක්ෂිකා) හා අවුරුදු 16-23 වයස් කාණ්ඩවල (ජ්‍යෙෂ්ඨ බාල දක්ෂිකා) කෙරෙහි විශේෂ අවධානය යොමුකරමින් තරුණ තරුණයින් 10,000 කට අධික පිරිසක් කරා ළඟාවීම පිණිස වැඩසටහන් පවත්වන ලදි.

 

 

මෙම වැඩසටහන යටතේ, එච්. අයි. වී. / ඒඩ්ස් පිළිබඳ නිර්දිෂ්ඨ දැනුම සපුරාගත් බාල දක්ෂිකා සංගමයේ ජ්‍යෙෂ්ඨ බාලදක්ෂිකාවන් හඳුනාගනු පිණිස නව ලාංඡනයක් හඳුන්වා දෙන ලදි. පාසල් ළමුන් අතර එච්. අයි. වී. / ඒඩ්ස් සහ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ දැනුවත්බව වර්ධනය කිරීම සඳහා ඔවුන් යොදවා ගන්නා ලදි. තවද, පවුල් සංවිධාන සංගමය හා බාලදක්ෂිකා සංගමය අතර සහයෝගීතාව මඟින් පහත දැක්වෙන වැඩසටහන් ඇතුළුව තවත් ක්‍රියාකාරකම් කිහිපයක් පවත්වන ලදි.

  • පාසල්වල ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය දැනුම ප්‍රවර්ධනය කරනු පිණිස රචනා, කථික හා නාට්‍ය තරඟ.
  • දැනුවත්භාවය වැඩිකිරීම පිණිස දිස්ත්‍රික් කිහිපයක පාසල්වල වැඩමුළු හා පුහුණු වැඩසටහන්
  • ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරමින් ගුරු භවතුන් හා සිසුන්ගේ දෙමාපියන් සඳහා විශේෂ වැඩසටහන්
  • ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන හා ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව සිසුන්ගේ දැනුම පරීක්ෂා කිරීම පිණිස විශේෂ ඇගයිම්

බාලදක්ෂිකා සංගමය සමග සිදුකළ කටයුතු හරහා, එච්. අයි. වී. / ඒඩ්ස් පිළිබඳ පොත් පිංචක් දියත් කිරීමට බාලදක්ෂිකාවන්ට හැකි වු අතර මේ වන විට එය පාසල් 300කට වැඩි සංඛ්‍යාවක් අතර බෙදා හැර තිබේ. තවද, මෙම ක්‍රියාකාරකම් හරහා, වැදගත් සමීක්ෂණ දෙකක් පවත්වන ලදි, ඒවා නම්,

  • ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන සහ එච්. අයි. වී. / ඒඩ්ස් ඇතුවව ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව බාලදක්ෂිකාවන්ගේ දැනුම, ආකල්ප සහ පරිචයන්
  • ශ්‍රී ලංකාවේ එච්.අයි.වී. වැළඳී ඇති දෙමව්පියන්ගේ කුඩා ළමුන් අතර එච්. අයි. වී. / ඒඩ්ස් පිළිබඳ දැනුම, ආකල්ප

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By