ලිංගික කැමැත්ත | The Family Planning Association of Sri Lanka

ලිංගික කැමැත්ත

කැමැත්ත යනු කුමක්ද?

ලිංගික කැමැත්ත යනු ලිංගික කාර්යයකට සහභාගි වීමට දක්වන එකඟතාවයි. යමෙකු සමග ලිංගිකමය ලෙස හැසිරීමට පෙර, ඔහුට හෝ ඇයට ඔබ සමග ලිංගිකමය ලෙස හැසිරීමට අවශ්‍යද යන්න ඔබ දැනගත යුතු ය. ඔබට අවශ්‍ය කුමක්ද සහ අවශ්‍ය නොවන්නේ කුමක්ද යන්න පිළිබඳව ඔබේ සහකරුවා සමග අවංකව විවෘත වීමද වැදගත් ය.

කැමැත්ත යනු, සීමාවන්, ඔබට පහසු කුමක්ද සම්බන්ධව සාකච්ඡා කිරීම සහ ඒ සම්බන්ධව ඔබේ සහකරුවාගේ තේරීම්වලට ගරු කිරීම මෙන්ම කිසිවක් අපහැදිලි නම් ඒ සම්බන්ධව සොයා බැලීම ඇතුළත් වන අඛණ්ඩ ක්‍රියාවලියකි. එය සම්මුතියක් වීම පිණිස පුද්ගලයන් දෙදෙනාම ලිංගිකව එක්වීමට එකඟ විය යුතුය.

කැමැත්ත රහිතව සිදු කෙරෙන් ලිංගික කාර්යය (මුඛ සංසර්ගය, ලිංගික අවයව ස්පර්ශ කිරීම සහ යෝනි මාර්ගයෙන් හෝ ගුද මාර්ගයෙන් ඇතුළු වීම) ලිංගික බලහත්කාරකමක් හෝ දූෂණයක් වේ.


ඕනෑම මොහොතක ඔබට ඔබගේ අදහස වෙනස් කළ හැකිද?

ඔබට අපහසුතාවක් දැනෙන්නේ නම්, ඕනෑම මොහොතක ඔබගේ කැමැත්ත ඉවත් කරගත හැකිය. එය සිදු කිරීමේ එක් මාර්ගයක් වන්නේ මෙම කාර්යය සම්බන්ධයෙන් ඔබට තවදුරටත් පහසුවක් නොදැනෙන බව සහ නැවතීමට අවශ්‍ය බව පැහැදිලිව තම සහකරුවාට සන්නිවේදනය කිරීමයි.

කැමැත්ත ඉවත් කරගැනීම සමහර විටෙක වාචිකව සිදු කිරීම අභියෝගාත්මක හෝ අසීරු විය හැකි බැවින්, වාචික නොවන ඉඟි මගින්ද මෙම අදහස දැනවිය හැකිය. ලිංගික කාර්යයක් සම්බන්ධයෙන් සියලුම පාර්ශ්වයන් පහසුවෙන් සිටින බව තහවුරු කරගැනීමේ හොඳම ක්‍රමය වන්නේ ඒ සම්බන්ධව කථා කිරීමයි, වරින් වර විමසා බලා, යම් ක්‍රියාවක් ඉදිරියට ගෙන යාමට හෝ වෙනස් කිරිමට පෙර එයට සම්බන්ධ අය කැමති බව තහවුරු කරගැනීමයි.

කැමැත්ත කිසිදු විටෙක ඔබගේ අතීත හැසිරීම, ඔබගේ ඇඳුම් පැළඳුම් හෝ ඔබ යන එන ස්ථාන මගින් ගම්‍ය නොවේ. ලිංගික කැමැත්ත සෑම විටම පැහැදිලිව සන්නිවේදනය වේ - එහි කිසිදු ගැටළුවක් හෝ ගුප්ත බවක් තිබිය නොහැකි ය. නිහඬ බව යනු කැමැත්ත නොවේ.

පෙර ලිංගික ක්‍රියාවල නිරත වූ යුවලක් වුවද, දීර්ඝ කාලයක් එක්ව සිටින යුවලක් වුවද සෑම විටම ලිංගිකව හැසිරීමට පෙර කැමැත්ත ලබාගත යුතු ය.

 

ලිංගික බලහත්කාරකමක් යනු කුමක්ද?

ලිංගික බලහත්කාරකම විවිධ ආකාරයන් ගත හැකිය, එහෙත් එක් කරුණක් වෙනස් නොවේ: එය කිසිදු විටෙක වින්දිතයාගේ වරද වන්නේ නැත.

ලිංගික බලහත්කාරකම යනු වින්දිතයාගේ ප්‍රකාශිත කැමැත්ත රහිතව සිදුවන ලිංගික සම්බන්ධතාව හෝ හැසිරීමයි. ලිංගික බලහත්කාරකම්වල ආකාරයන් කිහිපයක් නම්:

  • දූෂණය කිරීමට උත්සාහ දැරීම
  • සුරතල් කිරීම හෝ අනවශ්‍ය ලිංගික ස්පර්ශය
  • මුඛ සංසර්ගය හෝ බලහත්කාරකම් කරන්නාගේ ශරීරය ඇතුල් කිරීම වැනි ආකාරයෙන් වින්දිතයාට ලිංගික ක්‍රියා සිදු කිරීමට බල කිරීම
  • වින්දිතයාගේ ශරීරයට ඇතුල් වීම, දූෂණය ලෙසද හැඳින්වේ


දූෂණය කිරීම යනු කුමක්ද?

දූෂණය කිරීම යනු ලිංගික බලහත්කාරකමක් වන නමුත් සියලුම ලිංගික බලහත්කාරකම් දූෂණයක් වන්නේ නැත. දූෂණය යන පදය බොහෝ විට භාවිතා කරනුයේ අනුමැතියකින් තොරව ලිංගිකව ශරීරයට ඇතුළු වීමට නීතිමය අර්ථ දැක්වීමක් ලෙස ය.


 

ලිංගික බලහත්කාරකමක් හෝ දූෂණයක් සිදුවන් අවස්ථාවකදී මා ඇමතිය යුත්තේ කවුරුන්ද?

fpa

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By