ස්වයං පියයුරු පරීක්ෂණය | The Family Planning Association of Sri Lanka

ස්වයං පියයුරු පරීක්ෂණය

රී ලංකාවේ කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පිළිකාව පියයුරු පිළිකාවයි [1]. පියයුරු පිළිකාව කලින් හඳුනා ගත්තොත් සුව කළ හැකියි. එමනිසා, කාන්තාවන් ස්වයං පියයුරු පරීක්ෂාව සහ සායනික පියයුරු පරීක්ෂාව නිතිපතා සිදු කිරීම වැදගත් වේ.

ස්වයං පියයුරු පරීක්ෂාව සහ සායනික පියයුරු පරීක්ෂාව අතර ඇති වෙනස

ජාතික පිළිකා මර්දන වැඩසටහන නිර්දේශ කරන්නේ වයස අවුරුදු 20 ට වැඩි සියලුම කාන්තාවන් තම පියයුරු තමන් විසින්ම පරීක්ෂාකර අතගා බැලිය යුතු බවයි. එය ස්වයං පියයුරු පරීක්ෂාවයි. මෙය කිරීමට හොඳම කාලය ඔබේ ඔසප් වීම ආරම්භ වී සතියකට පසුවය [2].

සායනික පියයුරු පරීක්ෂාව යනු වෛද්‍යවරයෙකු විසින් පියයුරු පරීක්ෂා කිරීමයි. මෙය, කාන්තාවගේ  වයස අවුරුදු 20-40 අතර නම් සෑම වසර 3 කට වරක් සහ අවුරුදු 40 ට වැඩි නම් වාර්ෂිකව සිදු කළ යුතුය.

ස්වයං පියයුරු පරීක්ෂාව සිදුකරන පියවර

පළමුවෙන්ම ඉණෙන් ඉහළට ඇඳුම් සියල්ලම ගලවා ඔබේ තනපටයද  (බ්‍රා එක) ගලවා ඉවත් කරන්න.

1 වන පියවර - සිටගෙන සිටියදී කණ්ණාඩියෙන් ඔබේ පියයුරු පරීක්ෂා කරන්න. දෑත් දෙපැත්තෙන් තබා ගන්න. ඉන්පසු දෑත් ඔබේ ඉණට තද කර ඔබේ බාහුව හිසට උඩින් ඔසවන්න. සම, වර්ණය හෝ පියයුරු හැඩයේ වෙනස්කම් ඇතුළුව පියයුරු සහ තන පුඩුවෙහි යම් වෙනස්කම් තිබේදැයි බලන්න. එසේම කුෂ්ඨ, ඉදිමීම්, පියයුරේ පටක වල යම් වෙනස්වීම් හෝ තන පුඩු වල යම් වෙනස්කම් තිබේ දැයි නිරීක්ශණය කරන්න.

fpa
2 වන පියවර - බිම වාඩි වී හෝ වැතිර ගෙන සිටින විට මැද ඇඟිලි තුනේ ඇඟිලි තුඩෙහි ඇති මාංශමය කොටස භාවිතා කරමින් පියයුරු දැනෙන පරිදි ස්පර්ශ කරන්න. දකුණු පියයුර පරීක්ෂා කිරීමේදී දකුණු අත් බාහුව හිසට උඩින් ඔසවා වම් අතෙන් ස්පර්ශ කරමින් පරීක්ශා කරන්න. පියයුරු ස්පර්ශ කරන විටදී පියයුරේ පිටත සිට තන පුඩුව දෙසට දක්ෂිණාවර්තව සිදුකල යුතුවේ.

fpa

3 වන පියවර - පියයුරු ස්පර්ශ කිරීමෙන් පසු, මාපටැඟිල්ල සහ මැද ඇඟිල්ලෙන් තන පුඩුව මෘදු ලෙස මිරිකා තන පුඩුවෙන් ස්‍රාවයක් පිටවේද යන්න සොයා බලන්න. ඉන්පසුව කිහිල්ල වටා කිසියම් ගැටිත්තක් තිබේ දැයි ස්පර්ශ කරමින් පරීක්ෂා කර බලන්න.
 

fpa

4 වන පියවර - වම් පියයුර මතද එම ක්‍රියා පටිපාටියම නැවත කරන්න පියයුරක යම් ගැටිත්තක් සොයා ගත්තේ නම් ඔබ කුමක් කළ යුතුද?

ඔබට පියයුරේ ගැටිත්තක්, සමේ වෙනස්වීමක් / තනපුඩු වල වෙනස්වීමක් හෝ තන පුඩු වලින් ශ්‍රාවය පිටවීමක් (මව් කිරි නොවේ) නිරීක්ශණය වුවහොත්  කරුණාකර වෛද්‍යවරයකු හමුවී සායනික පියයුරු පරීක්‍ෂණයක් කර ගැනීමට සහ වැඩිදුර පරීක්‍ෂණ, අවශ්‍යනම් සිදු කළ හැකිය.

References

  1. National Cancer Control Programme, Ministry of Health (2021) Sri Lanka Cancer Registry 2019: Cancer Incidence & Mortality date in Sri Lanka. [Accessed at: Here]

  2. National Cancer Control Programme, Ministry of Health (2021) National Guidelines for Self-breast Examination and Clinical Breast Examination. [Accessed at: Here]

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By