සැලසුම් කළ මාපියභාවය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයේ දකුණු ආසියානු කලාපීය කාර්යාලයේ ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය ඒකාබද්ධ කිරීම පිළිබඳ අධිවාචන ව්‍යාපෘතිය - යුරෝපීය සංගමයෙන් අරමුදල් සැපයේ ( ව්‍යාපෘතිය අවසන් කොට ඇත) | The Family Planning Association of Sri Lanka

සැලසුම් කළ මාපියභාවය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයේ දකුණු ආසියානු කලාපීය කාර්යාලයේ ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍ය ඒකාබද්ධ කිරීම පිළිබඳ අධිවාචන ව්‍යාපෘතිය - යුරෝපීය සංගමයෙන් අරමුදල් සැපයේ ( ව්‍යාපෘතිය අවසන් කොට ඇත)

මෙම ව්‍යාපෘතිය ජාතික සංදර්භය තුළ ක්‍රියාත්මක වන අතර ජාතික පාර්ශවකරුවන් සමග විශේෂයෙන්ම ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන (NSACP) සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය සමග සහයෝගීව ක්‍රියාකරයි. එහි අරමුණු වනුයේ: එකාබද්ධ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග/ ඒඩ්ස් උපාය මාර්ග වැඩියෙන් ප්‍රයෝජනයට ගැනීම වෙනුවෙන් අධිවාචන කිරීම සහ කොන් කරන ලද කණ්ඩායම්, විශේෂයෙන්ම එච්.අයි.වී. අවදානම් කණ්ඩායම් ලෙස සලකනු ලබන කාන්තා ලිංගික සේවකයන්, පිරිමින් සමග ලිංගික සබඳතා පවත්වන පිරිමින්, වෙරළ ළමුන් සහ මත්ද්‍රව්‍ය එන්නත් කරගන්නවුන් ඇතුළුව මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් හට සේවා සඳහා වැඩි ප්‍රවේශයක් ඇති කිරීම පිණිස දැනට ක්‍රියාත්මක ඒකාබද්ධ කිරීම් ශක්තිමත් කිරීම අලුත් එළියකට මෙම ඉලක්කය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ගනු ලැබූ පියවර වනුයේ:

  • මෙම පවත්නා අඩුපාඩු සහ සේවා ඉහළ නැංවීම සඳහා ඇති අවස්ථා හඳුනා ගැනීම පිණිස ව්‍යාපෘතිය ආරම්භයේදී ඒකාබද්ධ සේවාවන්හි තත්වය පිළිබඳ කඩිනම් ඇගයීමක් සිදුකිරීම සහ ජාතික පාර්ශවකරුවන්ගේ, සිවිල් සමාජ සංවිධානවල සහ ‍ගෝලීය අරමුදලේ දේශීය සම්බන්ධිකරණ යාන්ත්‍රණ‍යේ සාක්ෂි පාදක අධිවාචනය සඳහා මෙම තොරතුරු භාවිත කිරීම.
  • (අ) මහ ජනතාව, බලපෑමට ලක්වූ ප්‍රධාන ජන කොටස් (කාන්තා ලිංගික සේවකයන්, පිරිමින් සමග ලිංගික සබඳතා පවත්වන පිරිමින්, මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්) සහ කාන්තාවන් සහ තරුණ පිරිස් අතර සෞඛ්‍ය, ජාතික හා දිස්ත්‍රික් මට්ටමේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සහ එච්. අයි. වී. සේවා වෙත අයිතිවාසිකම් පාදක ප්‍රවේශ, මවගෙන් දරුවාට සම්‍ප්‍රේෂණය වීම වැළැක්වීම (PMTCT), පූර්ව සැලසුම් සිසේරියානු සැත්කම (ECS) සහ එච්. අයි. වී. වැළැක්වීම කෙරෙහි සේවා ඒකාබද්ධ කිරීමේ ප්‍රතිලාභ පිළිබඳව දැනුවත්බව ඇතිකිරීම සඳහා සිවිල් සමාජ සංවිධාන ශක්තිමත් කිරීම (ආ) සංවර්ධනාත්මක න්‍යාය පත්‍ර සහිත සිවිල් සමාජ සංවිධාන අතර ජාලගතවීම් දිරිගැන්විම සහ සිය සංවිධානමය විධිනියෝගය තුළ ඒකාබද්ධ කිරීම් ආශ්‍රිත උද්දේශන අන්තර්ගත කිරීම පිණිස ඔවුන්ට කරුණු ඉදිරිපත් කිරීම. නිළියන්ගෙන් පමණක් සැදුම්ලත් හා ඒ අතර කාන්තා ලිංගික සේවිකාවන් කිහිප දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් විසින් වීදි නාට්‍යයක් රඟ දැක්වීම වැනි නව්‍ය ප්‍රවේශ භාවිතය: ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දකුණු සහ ඌව පළාත් ගුවන් විදුලි මධ්‍යස්ථාන ඔස්සේ ඒකාබද්ධ කිරීම, මානව අයිතිවාසිකම්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා ඒ ආශ්‍රිත කරුණු ආදිය පිළිබදව වැඩ සටහන් ප්‍රචාරය කිරීම. ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය සහ එච්.අයි.වී. හි ජාතික සංදර්භ, ඒකාබද්ධ ප්‍රවේශයන්හි ප්‍රතිලාභ සහ එච්.අයි.වී ආසාදිත තැනැත්තන් ආශ්‍රිතව සදාචාරාමය වාර්තාකරණය පිළිබඳව දිස්ත්‍රික් මට්ටමේ මාධ්‍ය පිරිස් ශක්තිමත් කිරීම.
  • ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය සහ එච්. අයි. වී. ඒකාබද්ධ කිරීම පිළිබඳව තරුණ නායකත්වයෙන් යුත් අධිවාචන කාර්යයන්ට සහාය වීම පිණිස තරුණ ජාල ස්ථාපිත කිරීම.
  • ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ සේවා සැපයුම සඳහා ග්ලෝබල් ෆන්ඩ්/ අනෙකුත් ආධාර ප්‍රදායකයන්ගෙන් වැඩි සහයෝගයක් ලබා ගැනීම පිණිස යෝජනා සහ සංකල්ප සටහන් ඉදිරිපත් කිරීමට හැකි වන පරිදි සිවිල් සමාජ සංවිධානයන්හි නිපුණතා සහ ධාරිතා ගොඩ නැංවීම.
  • සැවොම සඳහා සෞඛ්‍යය වෙත ඇති අයිතිය භුක්ති විඳීම සඳහා අපකීර්තිය සහ වෙනස් කොට සැලකීමෙන් තොර සමාජයක් සාක්ෂාත් කර ගැනීමට අදාළ නීති සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය වෙනුවෙන් අධිවාචනය කිරීම.

 

ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය සහ එච්. අයි. වී. ඒකාබද්ධ කිරීම, ස්ත්‍රි පුරුෂ සමාජභාවය සහ ග්ලෝබල් ෆන්ඩ් යාන්ත්‍රණ යන ක්ෂේත්‍රයන්හි බහුවාර්ගික බහුභාෂීය තාක්ෂණික විශේෂඥයන් කණ්ඩායමක් විසින් ව්‍යාපෘතියට කලින් ගැටුම් පැවැති සහ සුනාමියෙන් පීඩාවට පත් ප්‍රදේශවල සිටින පිරිස්, බලපෑමට ලක්වූ ප්‍රධාන ජන කොටස්, තරුණයන් සහ කාන්තාවන් ඇතුළුව රටේ සියලු ප්‍රජාවන් කරා සාර්ථකව ළඟා වීමට හැකියාව ඇති කර තිබේ. අනෙකුත් කණ්ඩායම් අතර සෞඛ්‍යය, අධ්‍යාපනය, සමාජ සේවා, දිස්ත්‍රික් මට්ටමේ මාධ්‍ය සහ අනෙකුත් සහ කාන්තා සහ මාධ්‍ය සාමූහිකය, කාන්තා සෞඛ්‍යය පිළිබඳ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විශේෂඥ කමිටුව වැනි ප්‍රධාන ක්‍රියාකාරි සංවිධාන, පුද්ගලික සෞඛ්‍ය අංශය සහ ආරක්ෂක හමුදා යන ජාතික හා පළාත් මට්ටමේ පාර්ශවකරුවන් සමග හවුල්කාරිත්වයෙන් කටයුතු කරයි. 2013 ජූනි මස සිදු කළ EV / SAROමැදි ව්‍යාපෘති සමාලෝචනයේදී ශ්‍රී ලකාවේ ව්‍යාපෘතිය ඉහළම පෙළෙහි ස්ථාන ගත කළ අතර කලාපීය රවටල් විසින් අනුවර්තන සහිතව/රහිතව ඒ රටවල ද සිදු කිරීම සඳහා නිර්දේශ කරනු ලැබූ යහපත් පරිචයන් 5 අතුරින් 4 ක්ම ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කළ ඒවාය. මැතකදී බැංකොක් හි දී නිමාවූ සිවිල් සමාජ සංවිධාන සාකච්ඡා සමුළුවේ දී, ඒකීයකරණය දක්වා වූ ශ්‍රී ලංකාවේ වසර තුන හමාරක ගමන් මාර්ගය යුරෝපීය සංගම් ව්‍යාපෘතිය සාර්ථකව විදහා දක්වන ලදි. දැනටමත් සිදුකරමින් පවතින හා යහපත් පරිචයන් ඇතුලුව ව්‍යාපෘති කාලසීමාව තුළ ඒ හා සම්බන්ධව කටයුතු කළ සිවිල් සමාජ සංවිධානවල කටයුතු, ව්‍යාපෘතිය හා එහි ප්‍රදානලාභීන් නිමැවූ තොරතුරු, අධ්‍යාපන සහ සන්නිවේදන ද්‍රව්‍ය ප්‍රදර්ශනය කරන ලදි. බැංකොක් හි යුරෝපීය සංගම් දූත මණ්ඩලයේ ප්‍රධානියා ඇතුළුව බොහෝ පිරිසක් ශ්‍රී ලංකා කුටිය නැරඹීමට පැමිණි අතර එය ඔවුන්ගේ බලවත් ප්‍රසාදයට හේතු විය.

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By