ගෞරවය | The Family Planning Association of Sri Lanka

ගෞරවය

යහපත් සබඳතාවක ගෞරවය යනු කුමක්ද?

  • තම සහකරුවන් සමානයන් ලෙස පිළිගැනීම, එයින් අදහස් වන්නේ, කිසිදු සහකරුවෙකුට අනෙකා මත ‘අධිකාරයක්” පැවැත්වීමට නොහැකි බවයි.
  • ඔබේ සහකරුවා සමග සෑම විටම එකඟ නොවුණද, ඔබට ඔවුන් විශ්වාස කළ හැකි අතර ඔවුන්ගේ විනිශ්චය මත විශ්වාසය තැබිය හැකිය. 
  • මෙම විශ්වාසය, සබඳතාව තුළ ඉදිරියට යාමේදී කාලයත් සමග වර්ධනය වේ, ඔබ එකිනෙකා පිළිබඳව වැඩි වැඩියෙන් ඉගෙන ගනියි.

යහපත් සබඳතාවක් තුළ ඔබ ගෞරවය පෙන්වන්නේ කෙසේද?

යහපත් සබඳතාවක් තුළ ගෞරවය මෙසේ දිස් වේ:

  • එකිනෙකා සමග විවෘතව සහ අවංකව අදහස් ප්‍රකාශ කිරීම
  • සම්මුතියට එළඹීම
  • එකිනෙකාට සහ එකිනෙකා පිළිබඳව කාරුණිකව කථා කිරීම
  • එකිනෙකාට සවන් දීම
  • එකිනෙකාගේ හැඟීම් සහ අවශ්‍යතා අගය කිරීම
  • එකිනෙකාගේ වර්ධනයට රුකුලක් වීම
  • එකිනෙකා සඳහා ඉඩ, නිදහස ලබා දීම
  • එකිනෙකාගේ රුචිකත්වයන්, විනෝදාංශයන්, වෘත්තීන්ට සහය වීම.
  • එකිනෙකාගේ වර්ධනයට රුකුලක් වීම
  • එකිනෙකාගේ සීමාවන්ට ගරු කිරීම


ආත්ම ගෞරවය ඒ සමානවම වැදගත් වන්නේ ඇයි?

ආත්ම ගෞරවය පහත දේට මූලික වෙයි:

  • විශ්වාසය ගොඩ නැගීම
  • අභියෝග තුළින් වැඩ කිරීම
  • ජීවිතයේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරගැනීම
  • චිත්තවේගීය සෞඛ්යය පවත්වා ගැනීම
  • අනෙක් පුද්ගලයන් සමග යහපත් සබඳතාවන් හඳුනාගැනීම, තෝරාගැනීම සහ පවත්වා ගැනීම


 

යහපත් සන්නිවේදනයක් යනු කුමක්ද?

සන්නිවේදනය යනු කථා කිරීම පමණක් නොවේ. සවන් දීම සහ ගෞරවය දැක්වීමද එලෙසම වැදගත් වේ.

යහපත් සන්නිවේදනයක් තුළ එකිනෙකාට අවමන් කිරීමෙන් හෝ රිදවීමෙන් තොරව අසීරු මාතෘකා පිළිබඳව කථා කළ හැකිය.

යහපත් සන්නිවේදනය, තම වාසියට කෙරෙන, නපුරු, අගෞරවනීය හෝ ඒක පාර්ශ්වීය සන්නිවේදනයක් නොවේ. ඔබ සෑම විටම එකඟ නොවනු ඇති නමුත් ආරක්ෂිත බව, ගෞරවනීය බව සහ සවන් දෙන බව හඟිමින් එම වෙනස්කම් තුළින් කථා කරනු ඇත.

 

යහපත් සන්නිවේදනයක් සඳහා වන ඉඟි මොනවාද?

  • පැහැදිලි සහ ඍජු වන්න. කිසිවෙකුට ඔබේ මනස කියවිය නොහැකි බැවින්, ඔබට සිතෙන, දැනෙන සහ අවශ්‍ය දේ පවසන්න.
  • ඔබේ හැඟීම් පසෙකට නොදමන්න. ඔබට හිරිහැරයක් වන දේ කළින්ම පවසන්න, එවිට ඒවා වැඩි වී විශාල ගැටළු ඇති නොකරයි.
  • විශ්වාසය ගොඩ නගා ගන්න. යමෙකු ඔබට එසේ නොකිරීමට හේතුවක් ලබා දී නොමැති නම් මිස, ඔවුන් ඔබට සත්‍යය පවසන බව විශ්වාස කිරීම සහ ඔවුන් හොඳ දෙයක් අදහස් කරන බව උපකල්පනය කිරීම විශ්වාසය තහවුරු කිරීමට උපකාරී වේ.
  • ප්‍රශ්න අසන්න. ඔවුන් පවසන දේ හෝ මන්දැයි ඔබට නොවැටහෙන්නේ නම් ප්‍රශ්න අසන්න. උපකල්පයන් සිදු නොකරන්න.
  • සමාව දීමට හෝ ගැනීමට කැමැත්ත දක්වන්න. සෑම දෙනාම වැරදි සිදු කරයි. සමාවන්න යැයි පැවසීම (සහ එය සැබැවින්ම හැඟීම) ගැටුමකින් පසු ඉදිරියට යාමට උපකාර වෙයි.

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By