ගර්භණීභාවය නිර්ණය කරන පරීක්ෂණ ක්‍රියා කරනුයේ කෙසේ ද? | The Family Planning Association of Sri Lanka

ගර්භණීභාවය නිර්ණය කරන පරීක්ෂණ ක්‍රියා කරනුයේ කෙසේ ද?

ඔබ ගැබ්ගෙන ඇත්දැයි සොයා ගැනීමට හැකි පහසු  සහ නිවැරදිම ක්‍රමයයි - කෝප්පයකට මුත්‍රා ටිකක් එකතු කර ගර්භණී පරීක්‍ෂණ පටියක් මුත්‍රා තුළ ගිල්වන්න, නැතිනම් පරීක්‍ෂණ පටියට මුත්‍රා කරන්න. (ඇසුරුමෙහි දක්වා ඇති උපදෙස්   අනුගමනය කරන්න) මෙය මිලෙන් අඩු අතර බොහෝ ඔසුසැල්  සහ සිල්ලර වෙළඳසැල් වලින් මිලදී  ගත හැක.

මෙම කොටසේ :

1.  මෙම පරීක්ෂණය කෙතරම් නිවැරදිද?

2. ගර්භණී පරීක්ෂණයක් සිදු කරගත යුත්තේ කුමන කාලයේද?

3. ගර්භණී පරීක්ෂණයක් සිදුකර ගත හැකි  ස්ථාන මොනවාද?

4. ගර්භණී පරීක්ෂණ ප්‍රතිඵල ධනාත්මක (positive) නම් මම කුමක්  කළ යුතුද?

 

1. මෙම පරීක්ෂණය කෙතරම් නිවැරදිද?

ඔබ මෙය නිවැරදිව භාවිතා කරන්නේ නම්,එහි ප්‍රතිඵලද ඉතා නිවැරදි වේ. ඔසු සැලෙන් ලබා ගත හැකි ගර්භණී පරීක්ෂණ කට්ටලය 99% ක්ම නිරවද්‍ය වේ.  මෙය වෛද්‍යයවරයෙකුගේ කාර්යාලයේදී ඔබට සිදු කරගත හැකි මුත්‍රා පරීක්ෂණයක් (ගර්භණී) මෙන්ම නිවැරදි ය.

මුත්‍රාවල අන්තර්ගතවන HCG නම් වූ හෝමෝනය පරීක්‍ෂා කිරීමෙන් ගර්භණී පරීක්ෂණය සිදු කරයි.  ශරීරය මෙම හෝමෝනය නිපදවන්නේ ඔබ ගැබ් ගෙන ඇතිනම් පමණි.  HCG මුදා හරින්නේ   සංසේචනය වූ ඩිම්බයක් ඔබේ ගර්භාෂයේ පටලයට සම්බන්ධ වූ විටයි - (ගැබ් ගැනීම ආරම්භ වූ විට) ඔබේ ගර්භණී පරීක්ෂණ ප්‍රතිපල ධනාත්මක (positive)නම් ඔබ ගැබ්ගෙන ඇති බවද,  ඍණාත්මක (negative) නම්, ඔබ ගැබ්ගෙන නැති බවද අදහස්  වේ.

කෙසේවෙතත් ඔබේ මඟ හැරැණු ඔසප් චක්‍රයට අනුව පරීක්ෂණය සිදුකර ගැනීමෙන් ප්‍රතිඵල නිවැරදි  නොවීමේ අවදානම අඩු වේ.

කල් ඉකුත් වී ඇති පරීක්ෂණ කට්ටල භාවිතය  සහ පරීක්ෂණ කට්ටල නිසියාකාරව භාවිතා නොකීරීම, ප්‍රතිඵල වල නිවැරදි භාවය අඩු වීමට හේතු වේ.  එබැවින් ඇසුරැමෙහි කල් ඉකුත් වීමේ දිනය හොඳින් පරීක්‍ෂා  කර එහි ඇතුළත් උපදෙස් හොඳින් කියවන්න.

 

2. ගර්භණී පරීක්ෂණයක් සිදු කරගත යුත්තේ කුමන කාලයේද?

ඔබේ මාස්ශුද්ධිය වීම ප්‍රමාද වූ ඕනෑම වෙලාවක ඔබට ගර්භණී පරීක්ෂණයක් සිදුකළ හැකිය - එය වඩාත්  ප්‍රතිඵලදායකයි. ඔසප් වීම ප්‍රමාද වූ හෝ ඔබ ගැබ්ගෙන ඇතැයි  සැක සහිත නම් හැකි ඉක්මනින් ගර්භණී පරීක්ෂණයක් සිදුකර ගැනීම ඉතා හොඳ අදහසකි.

ඔබ ගැබ්ගෙන ඇති බව දැනගත් විගසම සෞඛ්‍ය   සම්පන්නව සුරක්ෂිතව සිටීමට ඔබට ගතහැකි ඕනෑම ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ යුතුය.

බොහෝ  ගර්භණී පරීක්‍ෂණ කට්ටල මඟ හැරුණු ඔසප් කාලයට දින කිහිපයකට පෙර සිටම භාවිතා කළහැකි  බව පැවසුවද, එසේ භාවිතයෙන් ලැබෙන ප්‍රතිඵල නිවැරදි බවින් අඩු වේ. ගර්භණී පරීක්ෂණයක් සිදුකළ යුත්තේ කවදාද සහ එය කොතරම් නිවැරදි දැයි දැන ගැනීමට ඔබේ  ගර්භණී පරීක්ෂණ කට්ටලයේ, ඇසුරුමෙහි  සඳහන් උපදෙස් හොඳින් කියවන්න.

ඇතැම් විට අනාරක්ෂිත  ලිංගික  සංසර්ගයෙන් දින 10 කට පසු සිටම ඔබේ  මුත්‍රා වල ගර්භණී හෝමෝන අඩංගු විය හැකි වේ.  මෙවැනි අවස්ථාවක ගර්භණී පරීක්ෂණයකට යොමුවීමෙන් ලැබෙන ප්‍රතිඵලය ඉතා විශ්වාසදායක නොවන අතර, ඔබට  සැබවින්ම ධනාත්මක හෝ ඍණාත්මක නොවන අසත්‍ය  පරීක්ෂණ ප්‍රතිඵලයක් ලැබිය හැකිය.

 ඔබේ ඔසප් වීම ඉතා අක්‍රමවත් නම් හෝ විවිධ හේතුන් නිසා ඔබට ඔසප් වීම සිදු නොවන්නේ  නම්, නිවැරදි ප්‍රතිඵල සඳහා ලිංගික  සංසර්ගයෙන්  සති 3 කට පසුව ගර්භණී පරීක්ෂණයකට යොමුවීම වඩාත් යෝග්‍ය වේ.

 

3. ගර්භණී පරීක්ෂණයක් සිදුකර ගත හැකි  ස්ථාන මොනවාද?

ඔබේ ප්‍රදේශයේ  ඇති ඔසු සැලෙන් ඔබට ගර්භණී පරීක්ෂණ කට්ටලයක් මිලදී ගත හැකිය.

ඔබේ ප්‍රදේශයේ වෛද්‍යවරයාගෙන් හෝ හෙදියගෙන්, ප්‍රජා  සායනයෙන් හෝ ශ්‍රී ලංකා පවුල්  සංවිධානය  සංගමයේ  (FPA)  සායනයෙන් ද ඔබට ගර්භණී පරීක්ෂණයක් සිදුකර ගත හැක.  ඇතැම්  විට ඔවුන් රුධිර පරීක්‍ෂණයකින් මඟින් ද ගර්භණී බව පරීක්‍ෂා  කරයි.

 

5. ගර්භණී පරීක්ෂණ ප්‍රතිඵල ධනාත්මක (positive) නම් මම කුමක්  කළ යුතුද?

ඔබේ ඔසප් වීම නැවතුනු පසු ඔබ ගර්භණී පරීක්ෂණයක් කර ප්‍රතිඵලය ධනාත්මක නම් එයින් අදහස් වන්නේ ඔබ ගැබ්ගෙන ඇති බවයි. අවශ්‍ය  නම් තහවුරු කර ගැනීම  සඳහා ඔබට වෙනත් පරීක්‍ෂණයකට ද යොමු විය හැක.

වැඩිදුර පරීක්ෂණ හා උපදෙස්   ඔබට හෙදියක්, වෛද්‍යවරයෙකු හෝ  ශ්‍රී ලංකා පවුල්  සංවිධාන  සංගමයේ (FPA)  සායනයෙන් ද  ලබාගත හැක.  ඔබට අවශ්‍ය අවධානය, උපදෙස් ලබාදෙමින් නිරෝගිමත් දරු ප්‍රසූතියක් වෙනුවෙන්  ඔවුන් ඔබට සහය දක්වනු ඇත.

 

Learn about Pregnancy

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By