මිතුරන් ඇති කර ගැනීම | The Family Planning Association of Sri Lanka

මිතුරන් ඇති කර ගැනීම

රටේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය සහ අයිතිවාසිකම් ආමන්ත්‍රණය කිරීමේ සිය ප්‍රයත්නයන්හිදී, තරුණ තාක්ෂණික උපදේශන කමිටුව අනෙකුත් සංවිධානවලට එක්වීම හා සහයෝගය දැක්වීම නොකඩවා සිදුකරයි. මෙම ප්‍රයත්නයේදී, ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය සහ අයිතිවාසිකම් පිළිබඳ තම දැනුම බෙදාහදා ගැනීම පිණිස පැවැත්වූ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය සහ අයිතිවාසිකම් පිළිබද සමස්ත ලංකා විවාද තරඟාවලිය සහ බිලියන 7 ක්‍රියාමාර්ග ව්‍යාපාරය අතරතුර තරුණ තාක්ෂණික උපදේශන කමිටුව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල - ශ්‍රී ලංකා සමග එක්ව කටයුතු කරන ලදි. තවද, කොන්‍ඩම් ක්‍රිකට්හිදී  (2012)  තරුණ කමිටුව ග්‍රාස්රූටඩ් ට්‍රස්ට් සමග ස්වේච්ඡාවෙන් කටයුතු කරන ලදි. මෙම සංවිධාන සමග හවුල්කාරිත්වයෙන් කටයුතු කිරීම මගින්, ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය සහ අයිතිවාසිකම් ආමන්ත්‍රණය කිරීමට උපකාරී වීම පිණිස ශක්තිමත් මිතුරන සමග එක්ව තරුණ කමිටුව ඉදිරියට ගමන් කරන ලදි.

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By