ලිංගාශ්‍රිත රෝග | The Family Planning Association of Sri Lanka

ලිංගාශ්‍රිත රෝග

ලිංගාශ්‍රිත රෝග යනු සාමාන්‍යයෙන් යෝනි මාර්ගය, ගුද මාර්ගය සහ මුඛ මාර්ගයන්ගෙන් ලිංගික සංසර්ගයේ යෙදීම මඟින් එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝවන ආසාදන වේ.  සමාජය තුළ ලිංගාශ්‍රිත රෝග සුලභ වන අතර  ආසාදිත බොහෝ දෙනෙකු රෝග ලක්‍ෂණ නොපෙන්වයි.  මෙම රෝගයන්ට ප්‍රතිකාර නොගෙන සිටීමෙන් බරපතල සෞඛ්‍ය ගැටලු ඇති කරයි.  වර්තමානයේ දී රෝග නිර්ණය සඳහා පරීක්ෂණයකට යොමුවීම ඉතා පහසු වන අතර බොහෝ ලිංගාශ්‍රිත රෝග වලට සාර්ථකව පහසුවෙන් ප්‍රතිකාර කළ හැකි වේ.
ලිංගාශ්‍රිත රෝග නිර්ණය කිරීමේ පරීක්‍ෂණ සිදුකර ගැනීම ඉතාමත් පහසු මෙන්ම කඩිනමින් පරීක්ෂණ ප්‍රතිඵල ද ලබාගත හැක.


 

මෙම කොටසේ :

1.  මම ලිංගාශ්‍රිත රෝග හඳුනාගැනීමේ පරීක්ෂණයකට යොමුවිය යුතුද?

2.  මට ලිංගාශ්‍රිත රෝගයක ලක්‍ෂණ ඇති බවට සැක සහිත නම්, මම පරීක්‍ෂා කළ යුතුද?

3. මට කිසිදු රෝග ලක්‍ෂණයක් නොමැති වුව ද මම රෝග නිර්ණ පරීක්ෂණයකට යොමුවිය යුතු ද?

 

1.  මම ලිංගාශ්‍රිත රෝග හඳුනාගැනීමේ පරීක්ෂණයකට යොමුවිය යුතුද?


 

බොහෝ විට ලිංගාශ්‍රිත රෝග සඳහා බාහිර රෝග ලක්‍ෂණ පෙන්නුම් නොකරයි. එමනිසා ඔබට ලිංගාශ්‍රිත රෝගයක් තිබේ දැයි නිශ්චිතව දැන ගැනීමට ඇති එකම ක්‍රමය රුධිර පරීක්ෂණයයි.  යෝනි මාර්ගය, ගුද මාර්ගය හෝ මුඛ ලිංගික සංසර්ගය වැනි ලිංගාශ්‍රිත රෝග බෝ විය හැකි ලිංගික ඇසුරකට යොමු වූ පුද්ගලයෙකු  නම් - වෛද්‍යයවරයෙකුගේ හෝ හෙදියකගේ උපදෙස් අනුව රුධිර පරීක්ෂණයකට යොමුවීම වඩා සුදුසු වේ  .

 

2. මට ලිංගාශ්‍රිත රෝගයක ලක්‍ෂණ ඇති බවට සැක සහිත නම්, මම පරීක්‍ෂා කළ යුතුද?

 

ඔබ වෙනත් පුද්ගලයෙකු සමඟ ලිංගික සම්බන්ධතා පවත්වා ඇති අතර ලිංගාශ්‍රිත රෝගයක ලක්‍ෂණ දක්නට ලැබේ නම්, වෛද්‍ය උපදෙස් අනුව පරීක්ෂණයකට යොමුවිය යුතුය.  කාලයත් සමඟ ඇතැම් රෝග ලක්‍ෂණ පහව යන නමුත් එයින් අදහස් වනුයේ රෝගය සුව වූ බව නොවේ. බොහෝවිට ලිංගාශ්‍රිත රෝග ලක්‍ෂණ ඔබට නොදැනෙන තරමටම මෘදු හා සාමාන්‍ය දෙයක් වන නමුත් ඔබට යම් අපහසුතාවක් හෝ යම් වෙනසක් දැනෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍ය  උපදෙස් ගත යුතුය.

ලිංගාශ්‍රිත රෝග සඳහා එකිනෙකට වෙනස් වූ රෝග ලක්‍ෂණ දක්නට ලැබේ.  මෙම රෝග ලක්ෂණ වනුයේ,

 

  • ලිංගික අවයව, කලවා ආශ්‍රිතව හෝ පපුවේ, කම්මුල් වල තුවාල හෝ ගැටිති දක්නට ලැබීම.
  •  යෝනි මාර්ගයෙන් හෝ ලිංගේන්ද්‍රියෙන් අසාමාන්‍ය ස්‍රාවයක් පිටවීම.
  • මුත්‍රා කිරීමේදී දැවිල්ලක් ඇතිවීම හෝ අධික ලෙස මුත්‍රා කිරීමට අවශ්‍ය වීම.
  •  ශිෂ්ණය, යෝනි මාර්ගය, ලිංගේන්ද්‍රිය හෝ ගුද මාර්ගයේ  කැසීමක්, වේදනාවක්, අපහසුතාවක් දැනීම හෝ ඉදිමීම
  •  වෛරස් ආසාදනයක දී මෙන් , ශරීරයේ වේදනාව, වසා ග්‍රන්ථි ඉදිමීම සහ විඩාපත් වීම, උණ වැනි රෝග ලක්‍ෂණ.

එමෙන්ම ලිංගාශ්‍රිත නොවන වෙනත් රෝග නිසාවෙන්ද ඉහත සඳහන්  රෝග ලක්‍ෂණ ඇති විය හැක.(කුරුලෑ, මුත්‍රා ආසාදන (UTI) හෝ දිලීර ආසාදන වැනි) . එමනිසා රෝග ලක්ෂණයන්ට නිවැරදි හේතුව තහවුරු කරගැනීමට  පරීක්‍ෂා කිරීම අනිවාර්යය වේ..  ඔබට වඩාත් සුදුසු  පරීක්‍ෂණය හෝ ප්‍රතිකාරය නිශ්චිතව තෝරා ගැනීමට ඔබේ හෙදිය හෝ වෛද්‍යවරයා ඔබට සහයවනු ඇත. 

පහත තොරතුරු ඔවුන්ට පවසන්න:

  •  ඔබගේ රෝග ලක්‍ෂණ
  •  ඔබ කෙබඳු ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වුවාද (යෝනි මාර්ගය, ගුදය හෝ මුඛ ලිංගික සංසර්ගය හෝ සම සිට සම ලිංගික අවයව සම්බන්ධ වීම හෝ ලිංගික තරල ගලා යාම වැනි ඕනෑම දෙයක්)
  •  ඔබ කොන්ඩම් භාවිතා කරන්නේද යන වග

 ඔබට ලිංගාශ්‍රිත රෝගයක් ඇති බවට සැක සහිත නම් පරීක්‍ෂණයකට යොමුවීම ඉතාමත් වැදගත් ය, මන්ද ඇතැම් ලිංගාශ්‍රිත රෝග, ප්‍රතිකාර නොකර සිටීමෙන්, ඉතා බරපතල සෞඛ්‍ය ගැටලු දක්වා වර්ධනය විය හැකි බැවිනි..  එසේම, ලිංගාශ්‍රිත රෝගයක් තිබීමෙන් ඔබට HIV වැනි වෙනත් ලිංගාශ්‍රිත රෝග වැළඳීමේ වැඩි ඉඩක් පවතින අතර ලිංගාශ්‍රිත රෝගයක් ඇත්දැයි වහාම සොයා ගැනීම වඩාත් ආරක්ෂාකාරී වේ., එමෙන්ම  ඔබගෙන් එය වෙනත් පුද්ගලයෙකුට වැළඳීම වළක්වා ගැනීමට ද හැකිවනු ඇත.

රෝග නිර්ණ පරීක්ෂණයකට යොමුවීමේ අදහස ඔබව තැතිගැන්වුව ද එය අනිවාර්යය වේ.  බොහෝමයක් සුලභ ලිංගාශ්‍රිත රෝග ප්‍රතිකාර කිරීමෙන්  පහසුවෙන් සුව කළ හැකි අතර  සුව කළ නොහැකි ලිංගාශ්‍රිත රෝගයන්ට ප්‍රතිකාර කිරීමෙන්  රෝග ලක්‍ෂණ පාලනය කරගත හැකි අතරම වෙනත් ඕනෑම කෙනෙකුට ලිංගිකව සම්ප්‍රේෂණය වීමේ අවදානම ද අඩු කරයි.  එමනිසා ඔබට ලිංගාශ්‍රිත රෝගයක් ඇති බව දැනගත් විගසම නිසි ක්‍රියාමාර්ග ගැනීමෙන් ඔබත්  ඔබේ සහකරු හෝ සහකාරියත් ආරක්ෂා කර ගැනීමට හැකි වේ.

 

3. මට කිසිදු රෝග ලක්‍ෂණයක් නොමැති වුව ද මම රෝග නිර්ණ පරීක්ෂණයකට යොමුවිය යුතු ද?

 

බොහෝ විට ලිංගාශ්‍රිත රෝග ඇති පුද්ගලයින්ට රෝග ලක්‍ෂණ නොමැති බැවින් ඔබට දැනෙන හැඟෙන ආකාරය අනුව නිශ්චිත තීරණයකට එළබිය  නොහැක.එබැවින් ඔබට (හෝ ඔබේ සහකරුට) ලිංගාශ්‍රිත රෝගයක් තිබේ දැයි නිශ්චිතව දැන ගැනීමට ඇති එකම ක්‍රමය පරීක්‍ෂා කර ගැනීමයි.

ඔබ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පැවැත්වුවා නම්, නැතහොත් ඔබේ සහකරුට ලිංගාශ්‍රිත රෝගයක් තිබේ නම් ඔබත් පරීක්‍ෂණයකට යොමුවීම ඉතා වැදගත් වේ.  ඔබ ලිංගාශ්‍රිත රෝග සඳහා පරීක්‍ෂා කළ යුතුද නැද්ද යන්න වෛද්‍යවරයෙකුට හෝ හෙදියෙකුට ඔබට පැවසිය හැකිය.

ඔබට ලිංගාශ්‍රිත රෝගයක් තිබේ නම් හැකි ඉක්මනින් රෝගය අනාවරණය කර ගැනීම වඩාත් සුදුසු වේ..  ඔබ රෝග ලක්ෂණ නොමැතිව සුවෙන් පසු වුවද ඇතැම් ලිංගාශ්‍රිත රෝග කාලයත් සමඟ ඉතා බරපතල හානි ඇති කළ හැකිය.  එමෙන්ම ඔබට  රෝග ලක්‍ෂණ නොතිබුණ ද ඔබ ලිංගිකව හැසිරෙන අනෙක් පුද්ගලයින්ට ද ඔබගෙන් රෝගය සම්ප්‍රේෂණය විය හැක.

ලිංගාශ්‍රිත රෝග සඳහා පරීක්‍ෂා කිරීමේ ප්‍රතිලාභ? වරක් පරීක්ෂණයකට යොමුවීමෙන්  ඔබේ මනස සැහැල්ලු කර ගත හැකිව වේ.එමෙන්ම පරීක්ෂණයකට යොමුවීම ඔබගේ වගකීම් සහගත බව හා  ඔබ ගැන සැලකිලිමත් වීමේ ප්‍රවණතාව පෙන්නුම් කරයි..  තවද, ලිංගාශ්‍රිත රෝග පරීක්‍ෂණ වේදනා රහිත හා කඩිනමින් ප්‍රතිඵල ලබාදෙන බැවින් ඉතා පහසු වේ.

Learn More About:

How Do I talk with my Partner about STI

STIS Description

STD Testing

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By