කැපවීම පිළිබඳ සැලසුම්කළ මාපියභාවය පිළිබඳ ජාත්‍යන්තර සම්මේල‍නයේ ප්‍රකාශය | The Family Planning Association of Sri Lanka

කැපවීම පිළිබඳ සැලසුම්කළ මාපියභාවය පිළිබඳ ජාත්‍යන්තර සම්මේල‍නයේ ප්‍රකාශය

ස්වේච්ඡා සේවය පිළිබඳ සම්මානය හිමිකර ගැනීම

සැලසුම් කළ මව්පියභාවය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය ස්වේච්ජා සේවක නායකත්වයෙන් යුතු ව්‍යාපාරයකි. එම සම්මේලනය ආරම්භ කරනු ලැබූ පදනම වූයේ ‍ස්වේච්ඡා සේවක කැපවීමයි. එය සම්මේලනයේ ශක්තියේ සහ බලපෑමේ ප්‍රධාන ප්‍රභවය ලෙස නොකඩවා පවතියි. “ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍යය සහ සැවොම සඳහා අයිතිවාසිකම්” යන කරුණ ප්‍රවර්ධනය කිරී‍මේදී මව්පියභාවය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයේ ස්වේච්ඡා සේවකයන් තීරණාත්මක කාර්ය භාරයක් ඉටුකරයි.

සැලසුම් කළ මව්පියභාවය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයේ ස්වේච්ඡා සේවක‍යකු එම සම්මේලනයේ මෙහෙවර, දැක්ම සහ හර අගයන් බෙදා හදා ගනිමින් තම කාලය, දැනුම, කුසලතා සහ පළපුරුද්ද සම්මේලනයේ අරමුණ තවදුරටත් ශක්තිමත් කොට පවත්වාගෙන යාමට කැප කරයි. ස්වේච්ඡා සේවකයන් එසේ කරනුයේ ප්‍රජාවේ වෙනසක් කිරීමේ අරමුණින් සහ ජනතාවගේ, ‍විශේෂයෙන්‍ම දිළිඳු, කොන් කරනු ලැබූ, සමාජීයව බැහැර කරනු ලැබූ සහ අඩු පහසුකම් සහිත පිරිස්වල ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍යය සහ යහ පැවැත්ම වැඩි දියුණු කිරීමේ අරමුණිනි.

වෙනස් පසුබිම්වලින් පැමිණි විවිධ පරාසයක ස්වේච්ඡා සේවකයෝ රැසක් සැලසුම් කළ මව්පියභාවය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයේ සේවය කරති. අරමුදල් රැස්කරන්නන්, සේවා සපයන්නන්, ආධාර ලබාදෙන්නන්, ප්‍රජා මට්ටමේ බෙදාහරින්නන්, සහචර දැනුවත් කරන්නන් හෝ ප්‍රජාව සමග උද්දේශන කරන්නන් සහ සෑම මට්ටමකම බලපෑම් සංවිධාන සහ ජනතාව ලෙස විවිධ භුමිකා මගින් සම්මේලනයයේ කාර්යයන්ට දායක ‍වෙයි.

සැලසුම්කළ මව්පියභාවය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය ස්වේච්ඡාවෙන් සේවය කිරීම අගය කරන අතර පසුගිය වසර 60 පුරා ස්වේච්ඡා සේවකයන් ලබා දුන් දායකත්වය සුපරීක්ෂාකාරීව සලකා බලයි. වෙනස්වන ලෝකයේ අභියෝග ජයගැනීමට හා අදාළත්වය පවත්වා ගැනීමට හා ප්‍රතිචාරාත්මක වීම පිණිස:

  • සම්මේලනයේ මෙහෙවර හා හර වටිනාකම් පිළිගන්නා වූ පිරිමින්, කාන්තාවන් සහ තරුණ පිරිස් ආකර්ෂණය කරමින් ඔවුහු කාර්යයන්හි යෙදවීම;
  • තම කුසලතා ප්‍රයෝජනයට ගැනීම පිණිස ස්වේච්ඡා සේවකයන්ට අවස්ථා, තොරතුරු සහ වෘත්තිය හැඩගැස්ම දැනට සිටින හා විභව ස්වේච්ඡා සේවකයන්ට ලබා දීම:

මගින් ස්වෙච්ජාවෙන් කටයුතු කිරීමේ නව සුසමාදර්ශ හඳුනා ගනියි.

ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය හා අයිතිවාසිකම් ශක්තිමත් කිරීම පිණිස දකුණු ආසියානු සැළසුම් කළ මා පිය භාවය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයේ ස්වේච්ඡා සේවකයන්:

ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය හා අයිතිවාසිකම් සෑම මිනිස් ජීවිතයකම අනුකලන කොටසක් වන බව සහ එබැවින් බලාත්මක පරිසරයක් සහතික කළ යුතු බව පිළිගනියි.

ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය හා අයිතිවාසිකම් මිනිස් අයිතිවාසිකම් ලෙස පිළිගෙන ඒ සඳහා කැපව සිටින අතර වෙනස් කොට නොසැලකීම මගින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ ලිංගික අනන්‍යතා නොතකා සියලු මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම අවධාරණය කරයි.

සැවොම සඳහා ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය හා අයිතිවාසිකම්වලට පුද්ගල ගෞරවය, හිංසාවෙන් නිදහස හා ආරක්ෂා කිරීම සඳහා වූ කැපවීම ඇතුලත් බවට වග බලා ගනියි.

දකුණු ආසියානු කලාපයේ සැලසුම් කළ මව්පියභාවය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයේ අපි පහත කරුණු ඉටුකිරීමට ප්‍රතිඥා දෙන්නෙමු.

  • සැවොම සඳහා ලිංගික හා ප්‍රජනක අයිතිවාසිකම් සහතික කරන ව්‍යාපාරයක් නිර්මාණය කිරීමේදී වඩා ඉහළ ගම්‍යතාවක්
  • දකුණු ආසියාවේ සපුරනු නොලැබූ අවශ්‍යතා අවම කිරීම පිණිස සැවොම සඳහා ලිංගික හා ප්‍රජනක සේවා වෙත ප්‍රවේශය ඉහළ නැංවීමට සේවා සපයන්නෙමු
  • සම්මේලනය වඩා අදාළ සහ වගවීම් සහිත බවට පත්කරමින් එයට පහසුකම් සපයා ශක්තිමත් කිරීම මගින් අපේ කාර්යය ඉටු කරන්නෙමු.

අපි මේ කාර්යය සඳහා කැපව සිටින්නෙමු.

අලුත්ම තොරතුරු ලබාගැනීමට එක්වන්න

2024 | Family Planning Association All Rights Reserved
As Imagined By